ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 74 පරි. 174 පි.-175 පි. 8 ¶
  • ආගන්තුක සත්කාරය සහ යාච්ඤාව ගැන උගන්වයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ආගන්තුක සත්කාරය සහ යාච්ඤාව ගැන උගන්වයි
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • මාර්තාට උපදෙස් සහ යාච්ඤා කිරීම සඳහා මඟ පෙන්වීම්
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • “මම විශ්වාස කරනවා”
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • ස්ථිර විශ්වාසයක් ඇතුව සිටි කඩිසර කාන්තාවක්
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මරියා “යහපත් කොටස” තෝරාගනියි
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 74 පරි. 174 පි.-175 පි. 8 ¶
යේසුස් මාර්තාට අවවාද කරද්දී මරියා යේසුස් ළඟින් ඉඳගෙන සිටියි

74වෙනි පරිච්ඡේදය

ආගන්තුක සත්කාරය සහ යාච්ඤාව ගැන උගන්වයි

ලූක් 10:38–11:13

  • යේසුස් මාර්තා සහ මරියාව හමු වෙන්න යයි

  • නොකඩවා යාච්ඤා කිරීමේ වැදගත්කම උගන්වයි

යෙරුසලමට කිලෝමීටර් තුනක් විතර දුරින් ඔලීව කන්දේ නැඟෙනහිර බෑවුමේ තමයි බෙතානිය පිහිටලා තියෙන්නේ. (යොහන් 11:18) එහෙට එන යේසුස් දැන් මාර්තා සහ මරියා ඉන්න නිවසට යනවා. ඒ දෙන්නා වගේම ඒ අයගේ සහෝදරයා වන ලාසරුස් යේසුස්ගේ කිට්ටු මිතුරන්. ඒ අය හරිම ආදරෙන් යේසුස්ව පිළිගන්නවා.

මෙසියස් අමුත්තෙක් විදිහට කාගෙ හරි නිවසකට එන එක ලොකු ගෞරවයක්. යේසුස් දැන් තමන්ගේ නිවසට ඇවිත් ඉන්න නිසා මාර්තා ඔහු වෙනුවෙන් ලොකු සංග්‍රහයක් පිළියෙල කරනවා. ඒත් මරියා යේසුස්ගේ පාමුල ඉඳගෙන ඔහු උගන්වන දේවල් අහගෙන ඉන්නවා. ඒ නිසා තමයි මාර්තා ඇවිත් යේසුස්ට මෙහෙම කියන්නේ. “ස්වාමීනි, බලන්නකෝ මගේ සහෝදරිය දිහා. මට තනියම මේ හැම දෙයක්ම කරන්න සිදු වෙලා. ඇවිත් මට උදව් කරන්න කියා ඇයට කියන්න.”—ලූක් 10:40.

මරියාට දොස් කියනවා වෙනුවට යේසුස් මාර්තාට මේ උපදෙස දෙනවා. “මාර්තා, මාර්තා, ඇයි ඔබ මේ තරම් කරදර වෙන්නේ? බොහෝ දේවල් අවශ්‍ය නැහැ. ඇත්තටම එක දෙයක් තිබුණත් ඇති. මරියා තෝරාගත්තේ වඩාත් හොඳ දෙයයි. එය කවදාවත් ඇයට අහිමි වෙන්නේ නැහැ.” (ලූක් 10:41, 42) ලොකු සංග්‍රහයක් පිළියෙල කරන්න වෙලාව යොදවනවාට වඩා සරල කෑම වේලක් තිබුණොත් ඇති කියලයි යේසුස් පැහැදිලි කළේ.

මාර්තා කරන දේ වැරදි නැහැ. ඇයට ඕන වුණේ යේසුස්ට හොඳින් සංග්‍රහ කරන්න. ඒත් ඒකට සම්පූර්ණ අවධානය දෙන නිසා දෙවිගේ පුතාගෙන්ම ඉගෙනගන්න තියෙන අවස්ථාව ඇයට අහිමි වෙනවා. හැබැයි මරියා බුද්ධිමත් විදිහට තෝරාගත්ත දේ ඇයට කවදාවත් අහිමි වෙන්නේ නැහැ කියලා යේසුස් කාවැද්දුවා. ඒ වැදගත් කාරණය අපිත් හැමදාම සිහියේ තියාගමු.

තවත් අවස්ථාවකදී ඒ හා සමාන වැදගත් කාරණයක් ගැන යේසුස් උගන්වනවා. “ස්වාමීනි, යොහන් ඔහුගේ ගෝලයන්ට යාච්ඤා කරන්න ඉගැන්නුවා වගේ අපටත් යාච්ඤා කරන්නේ කොහොමද කියා උගන්වන්න” කියලා ගෝලයෙක් දැන් යේසුස්ට කියනවා. (ලූක් 11:1) මීට අවුරුදු එකහමාරකට විතර කලින් යේසුස් කන්ද උඩ දේශනයේදී ඒ ගැන කියලා දුන්නා. (මතෙව් 6:9-13) ඒ වෙලාවේ මේ ගෝලයා හිටියේ නැතුව ඇති. ඒ නිසා යාච්ඤාවට ඇතුළත් කරන්න ඕන මූලික දේවල් ගැන ඔහු ආපහු කියලා දෙනවා. නොකඩවා යාච්ඤා කරන එකේ වැදගත්කම කාවද්දන්න ඔහු දැන් මේ නිදර්ශනය කියනවා.

“ඔබ අතරේ සිටින කෙනෙක් මධ්‍යම රාත්‍රියේදී මිත්‍රයෙක් ළඟට ගොස්, ‘මට රොටි තුනක් ණයට දෙන්න. ගමනක් යන මගේ මිතුරෙක් මේ දැන් මගේ ගෙදරට ආවා. ඔහුට දෙන්න මා ළඟ කිසිම දෙයක් නැහැ’ කියා පැවසුවොත් කුමක් සිදු වෙයිද? ඒ මිතුරා ගේ ඇතුළේ සිට, ‘මට කරදර කරන්න එපා. දැනටමත් දොරට අගුලු දමා තිබෙනවා. මම ඉන්නේ මගේ කුඩා දරුවෝත් එක්ක ඇඳේ නිදාගෙනයි. ඒ නිසා නැඟිටලා ඔබට කිසිම දෙයක් දෙන්න මට පුළුවන්කමක් නැහැ’ කියා පැවසිය හැකියි. නමුත් ඒ පුද්ගලයා අත්හරින්නේ නැතුව තම මිතුරාගෙන් දිගටම ඉල්ලා සිටින නිසා ඔහු නැඟිට අවශ්‍ය හැම දෙයක්ම දෙයි. ඔහු එසේ කරන්නේ මිත්‍රකම නිසා නොව ඒ පුද්ගලයාගේ දැඩි උත්සාහය නිසයි.”—ලූක් 11:5-8.

යේසුස් ඒ නිදර්ශනයෙන් පැහැදිලි කරන්නේ යෙහෝවා දෙවියන් තමන්ට යාච්ඤා කරන අයට පිළිතුරු දෙන්න අදිමදි කරනවා කියලා නෙවෙයි. ඒ වෙනුවට කෙනෙක් දිගටම දෙයක් ඉල්ලද්දී මිතුරෙක් අකමැත්තෙන් වුණත් ඒ දේ දෙනවා නම් ස්වර්ගයේ ඉන්න අපේ ප්‍රේමණීය පියාණන් තම විශ්වාසවන්ත සේවකයන්ගේ යාච්ඤාවලට අනිවාර්යයෙන්ම පිළිතුරු දෙනවා කියලයි. ඒ නිසා යේසුස් මෙහෙම කියනවා. “දැන් මම ඔබට කියන මේ දේ හොඳින් මතක තබාගන්න. නොකඩවා ඉල්ලන්න. එවිට ඔබටත් ලැබෙයි. නොකඩවා සොයන්න. එවිට ඔබටත් අවශ්‍ය දේ සම්බ වෙයි. නොකඩවා දොරට තට්ටු කරන්න. එවිට ඔබටත් එය විවෘත කරනු ලැබෙයි. මන්ද ඉල්ලමින් සිටින සියල්ලන්ට ලැබෙයි. සොයමින් සිටින සියල්ලන්ට සම්බ වෙයි. දොරට තට්ටු කරමින් සිටින සියල්ලන්ට විවෘත කරනු ලැබෙයි.”—ලූක් 11:9, 10.

ඒ කාරණය කාවද්දන්න යේසුස් මෙහෙම කියනවා. “ඔබේ පුතෙක් ඔබෙන් මාළුවෙක් ඉල්ලුවොත් මාළුවා වෙනුවට සර්පයෙක් දෙන්නේ ඔබෙන් කවුද? ඔහු බිත්තරයක් ඉල්ලුවොත් ඔහුට ගෝනුස්සෙක් දෙයිද? ඔබ දුෂ්ට වුණත් ඔබේ දරුවන්ට හොඳ තෑගි දෙන්න ඔබ දන්නවා. එසේනම් යමෙක් ස්වර්ගයෙහි සිටින පියාණන්ගෙන් ඔහුගේ බලය ඉල්ලුවොත් ඔහු ඊට වඩා කොතරම් වැඩියෙන් ඔහුට ඒ දේ ලබා දෙයිද!” (ලූක් 11:11-13) ඔව්, අපේ පියාණන් අපිට සවන් දෙනවා කියලත් අපේ ඉල්ලීම් ඉටු කරනවා කියලත් නිසැක වෙන්න පුළුවන්.

  • මාර්තාට වඩා මරියා වැඩි අවධානයක් දුන්නේ මොනවාටද? ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

  • යාච්ඤාවට ඇතුළත් කරන්න ඕන මූලික දේවල් ගැන යේසුස් ආපහු කියලා දුන්නේ ඇයි?

  • නොකඩවාම යාච්ඤා කරන එකේ වැදගත්කම ගැන යේසුස් නිදර්ශනය කළේ කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න