ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • hf 8 කොටස 1-3 කොටස්
  • දරාගන්න බැරි දෙයක් සිද්ධ වුණොත්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දරාගන්න බැරි දෙයක් සිද්ධ වුණොත්
  • ආදරෙන් බැඳුණු පවුලක සතුට ඔයාටත්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • 1 දෙවියන්ව විශ්වාස කරන්න
  • 2 ඔයා ගැනයි ඔයාගේ පවුලේ අය ගැනයි සැලකිලිමත් වෙන්න
  • 3 උදව් ඕන වුණාම ඉල්ලන්න
  • එකපාරටම අසනීප වුණොත් ඒකට මුහුණ දෙන්නේ කොහොමද?
    තවත් ලිපි
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවා දෙවියන් අපිව ඇස් දෙක වගේ බලාගන්නවා
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • බලාපොරොත්තු සුන්භාවය මැද බලාපොරොත්තුව සොයන අයුරු
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
ආදරෙන් බැඳුණු පවුලක සතුට ඔයාටත්!
hf 8 කොටස 1-3 කොටස්
දරුවා නැති වුණ එක ගැන දුක් වන දෙමව්පියන්

8වෙනි කොටස

දරාගන්න බැරි දෙයක් සිද්ධ වුණොත්

“කෙටි කලකට විවිධ පීඩා හා දුෂ්කරතාවලට මුහුණ දෙමින් යම් ශෝකයක් අද්දැකීමට ඔබට සිදු වී ඇත.”—1 පේතෘස් 1:6

ඔයාගේ කැදැල්ල සතුට පිරුණු තැනක් කරන්න පුළුවන් හැම දේම කළත් ඒ සතුට නැති කරන, බලාපොරොත්තු නොවුණු දේවල් ඕනම වෙලාවක වෙන්න පුළුවන්. (දේශනාකාරයා 9:11) මුළු ලෝකෙම කඩා වැටුණා කියලා හිතෙන ඒ වගේ වෙලාවලදීත් ඔයාට ශක්තියක් දෙන බයිබල් ප්‍රතිපත්ති දෙවි දීලා තියෙනවා. ඒවා අදාළ කරගත්තොත් දරාගන්න බැරිම සිද්ධියකට වුණත් හොඳින් මුහුණ දෙන්න ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් පුළුවන්.

1 දෙවියන්ව විශ්වාස කරන්න

බයිබලයේ මෙහෙම කියනවා: “ඔහු ඔබ ගැන සැලකිලිමත් වන නිසා ඔබේ කනස්සල්ලට හේතු වන සෑම බරක්ම ඔහු පිට තබන්න.” (1 පේතෘස් 5:7) මේ දුක විඳින්න වෙලා තියෙන්නේ දෙවියන් නිසා කියලා හිතලා ඔහුගෙන් ඈත් වෙන්න එපා. (යාකොබ් 1:13) ඒ වෙනුවට තව තවත් දෙවිට ළං වෙන්න. “හදවතේ ඇති සියල්ල දෙවිට පවසන්න.” (ගීතාවලිය 62:8) එතකොට දෙවියන් ඔයා ළඟින්ම ඉඳලා ඔයාට උදව් කරයි.—යෙසායා 41:10.

හැමදාම බයිබලය කියවලා ඒ ගැන හොඳට කල්පනා කරනවා නම් ඒකෙන් ඔයාට ලොකු සහනයක් ලැබෙයි. යෙහෝවා දෙවියන් ‘අපේ සියලු පීඩාවලදී අපිව සනසන’ විදිහ අද්දකින්න එතකොට ඔයාට පුළුවන් වෙයි. (2 කොරින්ති 1:3, 4; රෝම 15:4) ඒ වගේ වෙලාවලදී ‘කිසිම මිනිසෙකුට වටහාගන්න බැරි සමාදානයක්’ ඔයාට දෙන්න දෙවියන් පොරොන්දු වෙනවා.—ෆිලිප්පි 4:6, 7, 13.

දරුවා නැති වුණ එක ගැන දුක් වන දෙමව්පියන්

මෙහෙම කරලා බලන්න:

  • මනස අවුල් කරගන්නේ නැතුව, සන්සුන්ව ඉන්න උදව් කරන්න කියලා යෙහෝවා දෙවිට යාච්ඤා කරන්න

  • කරන්න පුළුවන් දේවල් කීපයක් තිබුණත් හැම පැත්තක් ගැනම හිතලා හොඳම තීරණය ගන්න

2 ඔයා ගැනයි ඔයාගේ පවුලේ අය ගැනයි සැලකිලිමත් වෙන්න

බයිබලයේ මෙහෙම කියනවා: “කාරණා හොඳින් තේරුම්ගන්න තැනැත්තා දැනුමට ප්‍රිය කරයි. ප්‍රඥාවන්තයාගේ කන දැනුමට යොමු කර තිබේ.” (හිතෝපදේශ 18:15) පවුලේ හැම කෙනෙක්ගෙම තත්වය ගැන, ඒ අයගේ අවශ්‍යතා ගැන හොයලා බලන්න. ඒ අය එක්ක කතා කරන්න. ඒ අයට ඇහුම්කන් දෙන්න.—හිතෝපදේශ 20:5.

ඔයා ආදරේ කරන කෙනෙක් මැරුණොත්? හිතේ දුක එළියට දාන්න ලැජ්ජා වෙන්න එපා. ඒ වගේ වෙලාවකදී යේසුත් දුක් වුණා. ‘ඔහුගේ දෑස් කඳුළින් පිරී ගියා.’ (යොහන් 11:35; දේශනාකාරයා 3:4) අවශ්‍ය තරම් විවේකයකුත් නින්දත් ඔයාට අත්‍යවශ්‍යයි. (දේශනාකාරයා 4:6) ජීවිතේම අඳුරු වුණා කියලා දැනෙන ඒ වගේ වෙලාවකට වුණත් හොඳින් මුහුණ දෙන්න ඒ දේවල් උදව්වක්.

මෙහෙම කරලා බලන්න:

  • පවුලේ අය එක්ක කතාබහ කරන එක පුරුද්දක් කරගන්න. එතකොට කනගාටුදායක දෙයක් වුණු වෙලාවකදී වුණත් ඔයා එක්ක කතා කරන්න ඒ අය බය වෙන එකක් නැහැ

  • ඒ වගේ සිද්ධීන්වලට මුහුණ දුන්න අයත් එක්ක කතා කරන්න

3 උදව් ඕන වුණාම ඉල්ලන්න

බයිබලයේ මෙහෙම කියනවා: “සැබෑ මිතුරෙකු සෑම වෙලේම ප්‍රේමණීයයි. ඔහු විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයෙකි.” (හිතෝපදේශ 17:17) ඔයාගේ යාළුවන්ට ඕන ඔයාට උදව් කරන්න වුණත් මොන වගේ උදව් ඕනෙද කියලා ඒ අය දන්නේ නැතුව ඇති. ඒ නිසා ඔයාට මොනවා හරි උදව්ක් ඕන වුණොත් එයාලාට කියන්න. (හිතෝපදේශ 12:25) බයිබලයේ තියෙන තොරතුරුවලින් ඔයාව සනසවන්න, ඔයාට උදව් කරන්න පුළුවන් අය එක්ක කතා කරන්න. ඒ අයගේ උදව් ඔයාට ලොකු ශක්තියක් වෙයි.—යාකොබ් 5:14.

දෙවියන් ගැනත් ඔහු දීලා තියෙන පුදුමාකාර පොරොන්දු ගැනත් විශ්වාසයෙන් ඉන්න අයව නිතරම ඇසුරු කරන්න. ඒක ඔයාට ලොකු ශක්තියක් වෙයි. උදව්, දිරිගැන්වීම් ඕන කරන අයට සහනයක් වෙන්න ඔයාට පුළුවන් මොන වගේ පැතිවලින්ද කියලත් හිතන්න. ඒ අය වෙනුවෙන් කාලය යොදවන එකෙනුත් ඔයාගේ දුක අඩු කරගෙන සහනයක් ලබන්න පුළුවන්. යෙහෝවා දෙවියන් ගැනත් ඔහුගේ පොරොන්දු ගැනත් ඒ අයට කියලා දෙන්න. ඔයා ගැන හිතන, ඔයාට ආදරේ කරන අයගෙන් ඈත් වෙලා තනි වෙන්න නම් හිතන්න එපා.—හිතෝපදේශ 18:1; 1 කොරින්ති 15:58.

මෙහෙම කරලා බලන්න:

  • කිට්ටු යාළුවෙක් එක්ක කතා කරන්න. උදව් කරන්න එයාට ඉඩ දෙන්න

  • අවශ්‍ය දේ ගැන අවංකව, විවෘතව කියන්න

ප්‍රශ්නේ ගැන විතරක්ම හිතන්න එපා

තවත් නම් මේ දුක දරාගන්න බැහැ කියලා හිතුණත් දෙවියන්ව අමතක කරන්න එපා. යෝබ් කියන්නේ හුඟක් කනගාටුදායක දේවල් අද්දැක්ක කෙනෙක්. එහෙම වෙලාවලදීත් ඔහු කිව්වේ “යෙහෝවා දෙවිගේ නාමය සැමදා ගෞරවයට පත් වේවා” කියලයි. (යෝබ් 1:21, 22) යෝබ් වගේ ඔයාත් ඔයාගේ දුක ගැන හිතනවට වඩා යෙහෝවා දෙවියන් ගැනත් දෙවිගේ අරමුණ ගැනත් හිතන්න. දේවල් සිද්ධ වෙන්නේ නරක අතට කියලා දැනුණත් බලාපොරොත්තු අත්හැර ගන්න එපා. “මාගේ අරමුණ වන්නේ ඔබ පිටට විපත්ති ගෙන ඒම නොවේ. නමුත් සාමයෙන් පිරුණු ප්‍රීතිමත් ජීවිතයක් ගැන බලාපොරොත්තුවක් ඔබට ලබා දීමය” කියන දෙවිගේ වචන විශ්වාස කරන්න.—යෙරෙමියා 29:11.

මේ ගැන හිතන්න

  • පුංචි දේවලදීත් මං යෙහෝවා දෙවියන්ව විශ්වාස කරලද වැඩ කරන්නේ?

  • යෙහෝවා දෙවිගේ යහපත්කම ගැන හැමදාම ස්තුති කරන්න මට තියෙන හේතු මොනවද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න