ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • hf 6 කොටස 1-2 කොටස්
  • දෙන්නාගේ ලෝකෙට කිරිකැටියෙක් එක් වුණාම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙන්නාගේ ලෝකෙට කිරිකැටියෙක් එක් වුණාම
  • ආදරෙන් බැඳුණු පවුලක සතුට ඔයාටත්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • 1 පුංචි පැටියා ඔයාලාගේ ලෝකෙම වෙනස් කරනවා කියලා තේරුම්ගන්න
  • 2 දෙන්නාගේ බැඳීම තවත් වැඩි කරගන්න
  • 3 පුංචි පැටියාව පුහුණු කරන්න
  • පවුලට කිරිකැටියෙක් එක් වූ විට
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දරුවන් සිටීම—වගකීමක් සහ දීමනාවක් ය
    ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කරගැනීම
  • ළදරුවන්ගේ අවශ්‍යතාවන් හා ආශාවන්
    2004 පිබිදෙව්!
  • දෙමව්පියන් වශයෙන් ඔබගේ කාර්ය භාරය
    ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කරගැනීම
තව තොරතුරු
ආදරෙන් බැඳුණු පවුලක සතුට ඔයාටත්!
hf 6 කොටස 1-2 කොටස්
හෙදියක් අලුත උපන් දරුවාව දෙමව්පියන්ට ගෙනත් දෙයි

6වෙනි කොටස

දෙන්නාගේ ලෝකෙට කිරිකැටියෙක් එක් වුණාම

“දරුවෝ යෙහෝවා දෙවිගෙන් ලැබෙන උරුමයකි.”—ගීතාවලිය 127:3

පවුලකට කිරිකැටියෙක් එකතු වෙද්දී ඒක කියාගන්න බැරි තරම් සතුටක්. ඒ වගේම ඒක ලොකු වගකීමක්. දරුවා වෙනුවෙන් කොයි තරම් කාලයක්, වෙහෙසක් වැය කරන්න ඕනද කියලා තේරෙද්දී ඔයාට පුදුමත් හිතෙයි. මුල් කාලයේ සැප නින්දක් නැති තරම්. දරුවා ලැබුණට පස්සේ ඔයා හිතන පතන විදිහත් වෙනස් වෙනවා. ඒ දේවල් ඔය දෙන්නාගේ බැඳීමටත් බලපාන්න ඉඩ තියෙනවා. දරුවාව හොඳින් ඇතිදැඩි කරන්න වගේම ඔය දෙන්නාගේ බැඳීම ශක්තිමත්ව තියාගන්නත් ජීවිතේ හුඟක් වෙනස්කම් කරන්න වෙයි. ඒ අලුත් අභියෝගවලට මුහුණ දෙන්න බයිබල් ප්‍රතිපත්ති උදව් වෙන්නේ කොහොමද?

1 පුංචි පැටියා ඔයාලාගේ ලෝකෙම වෙනස් කරනවා කියලා තේරුම්ගන්න

බයිබලයේ මෙහෙම කියනවා: ‘ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා බොහෝ ඉවසිලිවන්තය, කරුණාවන්තය. තමාගේම වාසිය සොයන්නේ නැත. ඉක්මනින් කෝප වන්නේ නැත.’ (1 කොරින්ති 13:4, 5) අද්දැකීම් අඩු අම්මා කෙනෙක් විදිහට ඔයාගේ මුළු ලෝකෙම වෙන්නේ දරුවා. එතකොට ඔයාගේ සැමියාට දැනෙන්න පුළුවන් ඔයා එයා ගැන සැලකිල්ලක් නැහැ කියලා. ඒ නිසා ඔයාගේ ආදරේ, සැලකිල්ල එයාටත් දෙන්න අමතක කරන්න එපා. ඉවසීමෙන්, ආදරෙන් වැඩ කරලා එයාගේ සහය ඔයාට ඕනෙ කියලා එයාට දැනෙන්න සලස්වන්න. දරුවාව බලාගන්න එයාවත් හවුල් කරගන්න.

දරුවාට කෑම කවන්න තාත්තා උදව් කරයි. රෑට දරුවාව බලාගනියි

“ස්වාමිපුරුෂයෙනි, ඔබත් ඔබේ භාර්යාවන්ව හොඳින් තේරුම්ගෙන ඔවුන් සමඟ ජීවත් වන්න.” (1 පේතෘස් 3:7) ඔයාගේ බිරිඳට දරුවා වෙනුවෙන් ලොකු මහන්සියක් වෙන්න වෙනවා කියලා තේරුම්ගන්න. අලුත් වගකීම නිසා එයා ලොකු පීඩනයකින්, හෙම්බත් වෙලා, මනසිකව වැටිලා ඉන්නවා වෙන්න ඇති. ඒ නිසා ඔයා කරන සමහර දේවල් ගැන එයාට කේන්ති යයි. ඒ වෙලාවට ඔයා ඉවසන්න ඕනේ. මොකද “ඉක්මනින් කේන්ති නොගන්න තැනැත්තා බලවන්තයෙකුට වඩා ශක්තිමත්ය.” (හිතෝපදේශ 16:32) එයාව තේරුම් අරන් වැඩ කරන්න. අවශ්‍ය දේවල් කරලා දීලා එයාට ශක්තියක් වෙන්න.—හිතෝපදේශ 14:29.

මෙහෙම කරලා බලන්න:

  • තාත්තාට: රෑ දවල් කියලා බලන්නේ නැතුව දරුවාව බලාගන්න බිරිඳට උදව් කරන්න. වෙන දේවලට යොදවන කාලය අඩු කරලා ඔයාගේ බිරිඳයි දරුවයි එක්ක ඉන්න

  • අම්මාට: සැමියා උදව් කරන්න හදද්දී එයාව නවත්වන්න එපා. ඔයා වගේ හොඳට දරුවාගේ සමහර වැඩ කරන්න එයාට බැරි වෙයි. ඒකට දොස් කියනවා වෙනුවට හරියට කරන හැටි කියලා දෙන්න

2 දෙන්නාගේ බැඳීම තවත් වැඩි කරගන්න

බයිබලයේ මෙහෙම කියනවා: “දෙදෙනා එක් කෙනෙකු මෙන් වන්නෝය.” (උත්පත්ති 2:24) ඔය දෙන්නා අතරට කිරිකැටියෙක් එකතු වුණත් ඔය දෙන්නා තාමත් “එක් කෙනෙක්” කියලා මතක තියාගන්න. ඒ බැඳීම තව තවත් වැඩි කරගන්න පුළුවන් හැම දේම කරන්න.

සැමියාගෙන් ලැබෙන සහය අගය කරන්න. බිරිඳක් හැටියට ඔයා එයාව අගය කරද්දී එයාට ලොකු ‘සුවයක්’ දැනෙයි. (හිතෝපදේශ 12:18) බිරිඳට ඔයා කොච්චර ආදරේද, ඔයාට එයාව කොච්චර වටිනවද කියලා කියන්න. පවුල වෙනුවෙන් එයා කරන කැප කිරීම් අගය කරන්න.—හිතෝපදේශ 31:10, 28.

“සියලුදෙනා තමාගේම සතුට ගැන නොසිතා අන් අයට ප්‍රයෝජනවත් වන දේ ගැන සැලකිලිමත් විය යුතුයි.” (1 කොරින්ති 10:24) අනිත් කෙනාගේ පැත්තෙන් හිතලා වැඩ කරන්න. නිවිහැනහිල්ලේ දෙන්නට කතා කරන්න වෙලාවක් හොයාගන්න. ලිංගික කාරණාවලදී ඔයාගේ පැත්ත ගැන විතරක් හිතන්න එපා. එයාගේ අවශ්‍යතා ගැනත් හිතන්න. බයිබලයේ කියන්නේ “ඔබ එකිනෙකාගේ එම අවශ්‍යතාව ගැන සැලකිලිමත් වෙමින් එය ඉටු කර දීමට වගබලා ගත යුතුයි. යම් ලෙසකින් එම අවශ්‍යතා ඉටු කර නොදීමට තීරණය කළොත් මුලින්ම ඔබ දෙදෙනා ඒ ගැන සාකච්ඡා කළ යුතුයි” කියලයි. (1 කොරින්ති 7:3-5) ඒ නිසා ඒ ගැන කිසි දෙයක් හංගන්නේ නැතුව කතා කරන්න. ඉවසීමෙන් එයාව තේරුම් අරන් වැඩ කළොත් දෙන්නාගේ බැඳීම තවත් වැඩි වෙයි.

දරුවා නිදියන අතරේ යුවළක් එකට කාලය ගත කරයි

මෙහෙම කරලා බලන්න:

  • ඔය දෙන්නා වෙනුවෙනුත් වෙලාව වෙන් කරගන්න

  • ඉඳලා හිටලා පුංචි තෑග්ගක්, පොඩි කාඩ් එකක් වගේ දෙයක් දීලා ඔයාගේ හිතේ තියෙන ආදරේ එයාට පෙන්නන්න

3 පුංචි පැටියාව පුහුණු කරන්න

අම්මා කෙනෙක් දරුවා එක්ක පොතක් කියවයි

බයිබලයේ මෙහෙම කියනවා: ‘ඔබේ ළදරු කාලයේ පටන් ඔබ ශුද්ධ ලියවිල්ල ගැන අවබෝධයක් ලබාගත් ආකාරය ඔබ දන්නවා. ඔබ ලබාගත් ඒ අවබෝධය ඔබේ ගැලවීමට මඟ පාදනු ඇත.’ (2 තිමෝති 3:15) දරුවා මෙලොවට බිහි වෙන්නත් කලින්ම එයාව පුහුණු කරන විදිහ සැලසුම් කරන්න. ඒ කාලේ ඉඳන්ම දේවල් ඉගෙනගන්න එයාට තියෙන්නේ පුදුම හැකියාවක්. බඩේ ඉද්දීම ඔයාගේ කටහඬ එයා අඳුනගන්නවා. ඔයාගේ සතුට, දුක එයාට දැනෙනවා. අතදරුවා කාලේ ඉඳන්ම එයාට ඇහෙන්න කියවන්න. ඒවා එයාට තේරුණේ නැතත් පස්සේ කාලෙකදී පොත් පත් කියවන්න ආසාවක් ඇති කරගන්න ඒක එයාට උදව් වෙයි.

දෙවියන් ගැන කියලා දෙන්න එයා තාම පොඩි වැඩියි කියලා හිතන්න එපා. එයාට ඇහෙන්න දෙවිට යාච්ඤා කරන්න. (ද්විතීය කතාව 11:19) සෙල්ලම් කරන වෙලාවලදී වුණත් දෙවියන් හදලා තියෙන දේවල් ගැන එයාට කියලා දෙන්න. (ගීතාවලිය 78:3, 4) කිරිකැටියා ටික ටික ලොකු වෙද්දී ඔය දෙන්නා දෙවිට කොච්චර ආදරේද කියලා එයා තේරුම්ගන්නවා. එතකොට යෙහෝවා දෙවියන්ට ආදරේ කරන්න එයා තුළත් ලොකු ආසාවක් ඇති වෙයි.

මෙහෙම කරලා බලන්න:

  • දරුපැටියාව හොඳට පුහුණු කරන්න ප්‍රඥාව ඉල්ලලා යාච්ඤා කරන්න

  • හිතට කාවදින විදිහට සමහර දේවල් නැවත නැවත එයාට ඇහෙන්න කියන්න. එතකොට පුංචි කාලෙම හුඟක් දේවල් ඉගෙනගන්න එයාට පුළුවන් වෙනවා

දරුවා නිසා පවුල තවත් ලස්සන වෙයි

කාලයත් එක්කම ඔය දෙන්නටත් හොඳ දෙමාපියන් වෙන්න පුළුවන්. දරුවෙක් එක්ක ගත කරන ජීවිතේ නිසා ඔයා ආදරේ, කරුණාව, ඉවසීම පිරුණු කෙනෙක් වෙයි. දෙන්නට දෙන්නා උදව් කරගෙන ඒ ජීවිතේට මුහුණ දෙනවා නම් ඔය දෙන්නාගේ බැඳීම තවත් වැඩි වෙනවා. එතකොට “කුසේ පලය ඔහුගෙන් ලැබෙන තෑග්ගකි” කියලා ගීතාවලිය 127:3 තියෙන වචන කියන්න ඔය දෙන්නටත් පුළුවන්.

මේ ගැන හිතන්න

  • එයා පවුල වෙනුවෙන් කරන දේවල් මට වටිනවා කියලා පෙන්නන්න ගිය සතියේ මං මොනවද කළේ?

  • දරුවා ගැන නැතුව අපි දෙන්නා ගැන අන්තිමට මං එයාත් එක්ක කතා කළේ කවදාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න