පටුන
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්
අපි ගැන
පාඩම් 1-4
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් රටවල් 240ක ඉන්නවා. අපි අතරේ එක එක ජාතීන්ට, පසුබිම්වලට අයිති අය ඉන්නවා. ඒත් අපි ඉන්නේ එකමුතුවයි. අපිට එහෙම ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ කොහොමද? අපි මොන වගේ අයද?
අපේ සේවය ගැන
පාඩම් 5-14
ශුභාරංචිය දේශනා කරන අය හැටියට අපි හරි ප්‍රසිද්ධයි. බයිබලේ තියෙන දේවල් ඉගෙනගන්නත් දෙවිට නමස්කාර කරන්නත් අපි සතිපතා අපේ නමස්කාර මධ්‍යස්ථානවලට රැස් වෙනවා. අපේ රැස්වීම් කොයි වගේද? ඒවාට සහභාගි වෙන්න පුළුවන් කාටද?
අපේ සංවිධානය ගැන
පාඩම් 15-28
අපි ලාභ නොලබන ආගමික සංවිධානයක්. අපේ සාමාජිකයන් ලොව පුරා ඉන්නවා. අපේ සංවිධානයේ වැඩකටයුතු සිද්ධ වෙන්නේ කොහොමද? අපිට මඟ පෙන්වීම් ලැබෙන්නේ කොහොමද? සංවිධානයේ වැඩකටයුතු කරන්න සල්ලි ලැබෙන්නේ කොහෙන්ද? යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සංවිධානය ඇත්තටම දේවකැමැත්ත ඉටු කරනවාද?