ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • rk 13 කොටස 30-31 පි.
  • සදාකාල ප්‍රීතියට නැතුවම බැරි විශ්වාසය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සදාකාල ප්‍රීතියට නැතුවම බැරි විශ්වාසය
  • ප්‍රීතිමත් ජීවිතයකට මඟ පාදන විශ්වාසය
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දිගටම විශ්වාසවන්තව ඉන්න
  • සැබෑ විශ්වාසය කියන්නේ මොකක්ද?
    ප්‍රීතිමත් ජීවිතයකට මඟ පාදන විශ්වාසය
  • ඔයාගේ විශ්වාසය ජීවත් වෙන විදිහෙන් පෙන්නන්න
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • අනාගතය ගැන සඳහන් අනාවැකි
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මෙසියස්ගේ පාලන සමයේ ගැළවීම සහ ප්‍රීතිවීම
    යෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන I
තව තොරතුරු
ප්‍රීතිමත් ජීවිතයකට මඟ පාදන විශ්වාසය
rk 13 කොටස 30-31 පි.

13වන කොටස

සදාකාල ප්‍රීතියට නැතුවම බැරි විශ්වාසය

“ධර්මිෂ්ඨ තැනැත්තා තම විශ්වාසය නිසා තම ජීවිතය රැකගනු ඇත” කියලා බයිබලයේ සඳහන් වෙනවා. (රෝම 1:17) ඒ පොරොන්දුව ඔයාටත් අද්දකින්න පුළුවන්.

යේසුස් තමන්ගේ වගකීම ඉටු කළාට පස්සේ ආයෙත් ස්වර්ගයට ගියා. ඒ අවස්ථාවේදී ‘ඔහුව ඉහළට ඔසවාගනු ලැබූ ආකාරයත් වලාකුළකින් ඔහුව වැසී ගිය ආකාරයත්’ ඔහුගේ ගෝලයන් දැක්කා. (ක්‍රියා 1:9) යේසුස්ව ස්වර්ගයේ රජු හැටියට පත් කළ දෙවියන් විනිශ්චය කිරීමේ වගකීමත් ඔහුට භාර දුන්නා. ඉතාමත් ළඟදී ඔහු කරන්න යන දේ ගැන බයිබලයේ මෙහෙම සඳහන් වෙනවා. “යේසුස් සියලු දේවදූතයන් සමඟ පැමිණ සිංහාසනයේ ඉඳගනියි. එවිට සියලු ජාතීන් ඔහු ඉදිරියට රැස් කරනු ලබයි. ඉන්පසුව එඬේරෙකු එළුවන්ගෙන් බැටළුවන් වෙන් කරන්නා සේ ඔහු මිනිසුන්ව වෙන් කරයි.” (මතෙව් 25:31, 32) යේසුස් මිනිසුන්ව විනිශ්චය කරන ඒ කාලය පැමිණෙන්නේ කවදාද?

ඒ කාලය ළඟා වෙද්දී පොළොව පුරාම සිද්ධ වෙන දේවල් ගැන බයිබලයේ මෙහෙම සඳහන් වෙනවා. “ජාතියක් තවත් ජාතියකට විරුද්ධවත් රාජ්‍යයක් තවත් රාජ්‍යයකට විරුද්ධවත් යුද්ධ කරයි. මහත් භූමිකම්පාත් ඇති වෙයි. ඒ වගේම එක් තැනක් පාසා තවත් තැනක වසංගතද ආහාර හිඟකම්ද ඇති වෙයි. මිනිස්සු බිහිසුණු දේවල් දකියි.”—ලූක් 21:7, 10, 11.

අද පවතින අපරාධ, ලෙඩරෝග, යුද්ධ, ප්‍රචණ්ඩ ක්‍රියා, සහ ආහාර හිඟකම් වගේ දේවල්

අද සිද්ධ වෙන දේවල්වලින් යේසුස් ඉක්මනින්ම විනිශ්චය කරන්න එන බව පැහැදිලියි

ඒ හැම දෙයක්ම දැන් පොළොව පුරාම සිද්ධ වෙනවා. ඒකෙන් පැහැදිලි වෙන්නේ යේසුස් ළඟදීම දෙවියන්ගේ බලයේ උපකාරයෙන් දුෂ්ටයන්ව විනාශ කරනවා කියලයි. අවසානයේදී සාතන්වත් විනාශ කරයි. ඊටපස්සේ මුළු පොළොවම පාරාදීසයක් වගේ ලස්සන උයනක් වෙනවා. ඒ කාලේදී සිද්ධ වෙන දේවල් ගැන බයිබලයේ මෙහෙම සඳහන් වෙනවා. ‘බැටළුවා වෘකයා සමඟත් එළු පැටවා දිවියා සමඟත් බියක් නොමැතිව ජීවත් වන්නේය. වසු පැටවාද තරුණ කේශර සිංහයාද තර වස්සාද එකට ලගින්නෝය. කුඩා දරුවෙක් උන් සියල්ලන්ව බලාගන්නේය. කොතැනකදීවත් කිසිවෙක් හානියක් වන අයුරින් කටයුතු කරන්නේවත් විනාශයක් සිදු කරන්නේවත් නැත.’ (යෙසායා 11:6, 9) ‘කිසිවෙකුවත්, ‘මා ලෙඩින්’ යයි පවසන්නේ නැත. ඒ කාලයේදී අන්ධ අයගේ ඇස් පැහැදෙන්නේය. බිහිරි අයගේ කන් ඇරෙන්නේය.’ (යෙසායා 33:24; 35:5) ‘යෙහෝවා දෙවි මරණය සදහටම නැති කර සියලුදෙනාගේ ඇස්වලින් කඳුළු පිස දමන්නේය.’ (යෙසායා 25:8; එළිදරව් 21:4) යෙහෝවා දෙවියන්ට මිනිසුන් සම්බන්ධයෙන් තිබුණු අරමුණ එදාට ඉටු වෙනවා. ඒ කාලේදී ජීවත් වෙන්න ලැබීම මොන තරම් සතුටක්ද!

දිගටම විශ්වාසවන්තව ඉන්න

ඒ කාලේදී ජීවත් වෙන්න ලැබෙන්නේ කාටද? දෙවියන් ගැන සැබෑ විශ්වාසයක් තියෙන අයට විතරයි.

සැබෑ විශ්වාසය පදනම් වෙන්නේ බයිබලයෙන් ලබාගන්නා නිවැරදි දැනුම මතයි. ඒ නිසා දෙවියන් ගැනත් යේසුස් ගැනත් දිගටම දැනුම ලබාගන්න.

විවිධ ජාතීන් එකතු වෙලා පාරාදීසයේ සතුටින් ඉන්නවා

සැබෑ විශ්වාසයක් තියෙන අයට හැමදාම පාරාදීසයේ ජීවත් වෙන්න ලැබෙනවා

කෙනෙක්ට දෙවියන් ගැන සැබෑ විශ්වාසයක් තියෙනවා නම් ඔහු කරන යහපත් ක්‍රියාවලින් ඒක පෙනෙන්න ඕනේ. “ක්‍රියාවන් නැති විශ්වාසය මිය ගොස් ඇති විශ්වාසයක්” කියලා බයිබලයෙත් සඳහන් වෙනවා. (යාකොබ් 2:26) ඔයා යහපත් ක්‍රියා කරනවා නම් යුක්තිය, බලය, ප්‍රඥාව සහ ප්‍රේමය වැනි දෙවියන් සතු ලක්ෂණ ඔයා තුළින් දකින්න පුළුවන්. ඒ නිසා දිගටම යහපත් ක්‍රියා කරන්න.

සැබෑ විශ්වාසය වර්ධනය කරගන්නවා නම් ඔයාට හුඟක් ආශීර්වාද ලැබෙනවා. දැනටත් අනාගතයටත් ඔයාගේ ජීවිතය ප්‍රීතිමත් එකක් කරගන්න පුළුවන් වෙන්නේ ඒ තුළින් විතරයි.

උත්තර දෙන්න පුළුවන්ද?

  • යේසුස් ඉන්නේ කොහෙද?

  • ඔහු මිනිසුන්ව විනිශ්චය කරන්න ඉක්මනින්ම එනවා කියලා අපි දන්නේ කොහොමද?

  • ඔහු විනිශ්චය කරද්දී සිදු වෙන්නේ මොකක්ද?

  • දිගටම සැබෑ විශ්වාසයක් වර්ධනය කරගන්න මොනවාද කරන්න ඕනේ?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න