ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • bm 19 කොටස 22 පි.
  • යේසුස් අවසන් කාලය ගැන කතා කරයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් අවසන් කාලය ගැන කතා කරයි
  • බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
  • සමාන තොරතුරු
  • නියෝජිතයන් ලකුණක් ඉල්ලයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • දෙවිගේ යුද්ධය ළඟදීම පටන්ගන්නවා කියලා අපි දන්නේ කොහොමද?
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • “අවසානය”
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් පැමිණ සිටින කාලයේ වැදගත්කම ඔබ වටහාගෙන තිබෙනවාද?
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
bm 19 කොටස 22 පි.
යේසුස් ඔලීව කන්දේදී ඔහුගේ නියෝජිතයන් කිහිපදෙනෙක් එක්ක කතා කරමින්

19වන පාඩම

යේසුස් අවසන් කාලය ගැන කතා කරයි

යේසුස් තමා රජු හැටියට පත් වන කාලය හා මේ දුෂ්ට සමාජයේ අවසාන කාල පරිච්ඡේදය හඳුනාගැනීම සඳහා ලකුණු දෙයි

එක් අවස්ථාවක යේසුස්ගේ ගෝලයෝ හතරදෙනෙක් ඔහුගෙන් ඉතා වැදගත් ප්‍රශ්නයක් ඇසුවා. ඒ වෙලාවේ ඔවුන් සිටියේ යෙරුසලමත් එහි තිබූ දෙවිගේ ගෘහයත් පැහැදිලිව දැකගත හැකි ස්ථානයක් වන ඔලීව කන්දෙයි. ගෝලයෝ ඒ ප්‍රශ්නය අසන්න ටිකකට කලින් යෙරුසලමේ තිබෙන දෙවිගේ ගෘහය විනාශ වන බව යේසුස් ඔවුන්ට පැවසුවා. එමෙන්ම, ‘මේ සමාජයේ අවසානය’ ගැනද යේසුස් වෙනත් අවස්ථාවක ඔවුන්ට පවසා තිබුණා. (මතෙව් 13:40, 49) ඒ නිසයි ඔවුන්, “ඔබ පැමිණ සිටින කාලය හා පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය දැනගන්න කුමක් හෝ ලකුණක් තිබෙනවාද” කියා යේසුස්ගෙන් ඇසුවේ.—මතෙව් 24:3.

යේසුස් එම ප්‍රශ්නයට පිළිතුරක් වශයෙන් ඔවුන්ට ලකුණක් දුන්නා. ඒ ලකුණෙන් විස්තර කළේ යෙරුසලමේ විනාශයට කලින් සිදු වීමට නියමිත සිද්ධීනුයි. නමුත් ඒ ලකුණ යෙරුසලමේ විනාශය හඳුනාගැනීමට පමණක් සීමා වුණේ නැහැ. එයින් දැන් පවතින දුෂ්ට සමාජය අවසන් වීමට පෙර සිදු වීමට නියමිත සිද්ධීන්ද විස්තර කළා. ඒ ලකුණට අදාළ සිද්ධීන් මහා පරිමාණයෙන් ඉටු වන විට යේසුස් දෙවිගේ රාජ්‍යයේ රජු හැටියට පත් වී ඇති බවට එය සාක්ෂියක් වෙයි. එමෙන්ම දැන් පවතින ආගම්, දේශපාලන ක්‍රම හා දුෂ්ට සමාජය ඉක්මනින්ම අවසන් වී සැබෑ සාමය රජයන යුගයක් ආරම්භ වීමට යන බවද එයින් දැනගත හැකියි. යේසුස් පැවසූ ඒ ලකුණ හඳුනාගන්නා අය අප ජීවත් වන්නේ දුෂ්ට සමාජයේ අවසාන කාල පරිච්ඡේදයේ බව තේරුම්ගන්නවා.

යේසුස් ස්වර්ගයේ රජ වීමත් සමඟම ආරම්භ වන අවසාන කාල පරිච්ඡේදයේදී ලොව පුරා යුද්ධ, සාගත, භූමිකම්පා හා වසංගත ඇති වන බව යේසුස් පැවසුවා. එමෙන්ම මිනිසුන්ගේ අධර්මිෂ්ඨ ක්‍රියා තව තවත් වැඩි වන බව ඔහු පැවසුවා. ඒ අතරතුර යේසුස්ගේ සැබෑ ගෝලයන් දෙවිගේ රාජ්‍යය ස්වර්ගයේ පිහිටුවා තිබෙන බවට වූ ශුභාරංචිය ලොව පුරා ප්‍රකාශ කරන බවත් ඔහු දැන්වූවා. ඒ සෑම දෙයක්ම මීට පෙර කවදාවත්ම සිදු වී නැති, බයිබලයේ “මහත් පීඩාව” ලෙස හඳුන්වන කාලයේ ආරම්භයත් සමඟම අවසන් වීමට නියමිතයි.—මතෙව් 24:21.

යේසුස් පැවසූ ඒ මහත් පීඩාවේ ආරම්භය ළඟයි කියා අප දැනගන්නේ කෙසේද? යේසුස්, “අත්තික්කා ගස නිදසුනක් ලෙස ගෙන” ඒ කාරණය පැහැදිලි කළා. (මතෙව් 24:32) ඔහු පැවසුවේ අත්තික්කා ගසේ දලු ලියලන විට ගිම්හාන කාලය ළඟ බවට එය පැහැදිලි සාක්ෂියක් බවයි. ඒ හා සමානව යේසුස් පැවසූ ලකුණට ඇතුළත් සෑම සිද්ධියක්ම එකම කාල පරිච්ඡේදයක් තුළ සිදු වන විට මහත් පීඩාවේ ආරම්භය ළඟ බව අපට දැනගත හැකියි. එය ආරම්භ වන දවස හා පැය හරියටම දන්නේ දෙවි පමණක් බව බයිබලයේ පවසනවා. “නියමිත කාලය කවදාද කියා ඔබ නොදන්නා නිසා අවදිව, සෝදිසියෙන් සිටින්න” කියා යේසුස් තම ගෝලයන්ට අනතුරු ඇඟවූයේ ඒ නිසයි.—මාක් 13:33.

—මතෙව් 24 හා 25 පරිච්ඡේද; මාක් 13වෙනි පරිච්ඡේදය; ලූක් 21වෙනි පරිච්ඡේදය.

  • යේසුස්ගේ ගෝලයන්ට වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය වුණේ කුමන කාරණය ගැනද?

  • යේසුස් දුන් ලකුණ කුමන දේවලට සාක්ෂියක් වුණාද? ඊට ඇතුළත් වූ සිද්ධීන් මොනවාද?

  • යේසුස් තම ගෝලයන්ට දුන් අනතුරු ඇඟවීම කුමක්ද?

අවසාන කාලයට ලකුණ

දැන් පවතින දුෂ්ට සමාජයට දෙවි අවසානයක් ගෙනෙන කාලය අත ළඟ බව තේරුම්ගැනීමටයේසුස් ලකුණක් දුන්නා. ඒ ලකුණෙන් විස්තර කළ සිදුවීම් සියල්ලක්ම පළමුවෙනි ලෝක මහා යුද්ධයේ ආරම්භයේ සිට මිනිස් වර්ගයා අද්දැක තිබෙනවා. ලොව පුරා සිදු වන ආගමික, දේශපාලනික හා සමාජීය වෙනස්කම්වලින් පැහැදිලි වන්නේ මේ දුෂ්ට සමාජයේ විනාශය ඉක්මනින් පැමිණෙන බවයි. එයින් බේරීමට නම් අප නිතරම ‘අවදිව සිට’ දෙවිගේ පාලනය පිළිගන්න බව අප ජීවත් වන ආකාරයෙන් පෙන්වීම අවශ්‍යයි කියා යේසුස් පැවසුවා.a—ලූක් 21:36; මතෙව් 24:3-14.

a වැඩි විස්තර සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් පළ කරන ලද බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 9වන පරිච්ඡේදය බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න