ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • bm 18 කොටස 21 පි.
  • යේසුස් ආශ්චර්යවත් ක්‍රියා කරයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් ආශ්චර්යවත් ක්‍රියා කරයි
  • බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
  • සමාන තොරතුරු
  • යේසුස් කළ ප්‍රාතිහාර්යයන්වලින් ඔබට කුමක් ඉගෙනගත හැකිද?
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘දෙවිගේ බලය වන ක්‍රිස්තුස්’
    යෙහෝවාට ළං වන්න
  • යේසුස් කරපු ආශ්චර්යයන්වල සැඟවුණු පාඩම්
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ප්‍රාතිහාර්ය සැබෑවක්ද? මිථ්‍යාවක්ද?
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
bm 18 කොටස 21 පි.
යේසුස් අන්ධ කෙනෙකුගේ ඇස් අල්ලලා ඔහුව සුව කරයි

18වන පාඩම

යේසුස් ආශ්චර්යවත් ක්‍රියා කරයි

යේසුස් කළ ආශ්චර්යවත් ක්‍රියාවලින් ඔහු අනාගතයේදී රජු හැටියට බලය විදහාපෙන්වන ආකාරය හෙළි වෙයි

වෙන කිසි මිනිසෙකුට කළ නොහැකි බොහෝ ආශ්චර්යවත් දේවල් කිරීමට දෙවි යේසුස්ට බලය ලබා දුන්නා. බොහෝ අවස්ථාවලදී යේසුස් ඒ දේවල් කළේ විශාල සමූහයක් ඉදිරියෙයි. ඔහු කළ ඒ දේවලින් ඔහු තම සතුරන්ට වඩා බලවත් බව ඔප්පු වුණා. එමෙන්ම මිනිසුන් කොතරම් උත්සාහ කළත් ඔවුන්ට ජය ගත නොහැකි දේවල් ජය ගැනීමට ඔහුට හැකි බවත් ඔප්පු වුණා. අපි දැන් එවැනි උදාහරණ කිහිපයක් බලමු.

කුසගින්න. යේසුස් කළ පළමු ආශ්චර්යය නම් වතුර වයින් බවට හැරවීමයි. තවත් අවස්ථා දෙකකදී ඔහු රොටි සහ මාළු ටිකකින් මිනිසුන් දහස් ගණනකට කන්න දුන් ආකාරය ගැන බයිබලයේ වාර්තා වෙනවා. ඒ අවස්ථා දෙකේදීම රැස්ව සිටි සෙනඟට ඇති තරම් කෑම තිබුණා.

රෝග සහ ආබාධ. යේසුස්, ‘ජනයාට වැලඳී තිබූ සියලු ආකාර රෝග සහ ආබාධ සුව කළා.’ (මතෙව් 4:23) ඔහු ලාදුරු හා මීමැස්මොරය වැනි රෝග තිබූ අයවද අන්ධ, බිහිරි, කොර, අබ්බගාත හා අංශභාග වැනි ආබාධ තිබූ අයවද සුව කළා. ඒ අනුව බලද්දී යේසුස්ට සුව කළ නොහැකි කිසිම රෝගයක් හෝ ආබාධයක් තිබුණේ නැහැ.

ස්වාභාවික විපත්. දිනක් යේසුස් සහ ඔහුගේ ගෝලයන් ගලීල මුහුදේ යාත්‍රා කරමින් සිටියදී දරුණු කුණාටුවක් ඇති වුණා. ඒ අවස්ථාවේ යේසුස්ගේ ගෝලයෝ හුඟක් භය වුණත් ඔහුට නම් කිසිම භයක් දැනුණේ නැහැ. ඔහු සුළඟට කතා කර, “නිශ්ශබ්ද වන්න! නිශ්චල වන්න” කියා පැවසුවා. එවිට මුහුද එකපාරටම නිශ්චල වුණා. (මාක් 4:37-39) තවත් දරුණු කුණාටුවක් ඇති වූ අවස්ථාවක යේසුස් වතුර මත ඇවිද්ද බව බයිබලයේ සඳහන් වෙනවා.—මතෙව් 14:24-33.

භූතයෝ. භූතයන් කියන්නේ මිනිසුන්ට වඩා ඉතා බලවත් අයයි. දෙවිගේ සතුරන් වූ ඔවුන්ගේ ග්‍රහණයට හසු වී සිටින බොහෝදෙනෙක් සිටින්නේ ඉතා අසරණ තත්වයකයි. එවැනි තත්වයක සිටි මිනිසුන්ව යේසුස් බේරාගත් අවස්ථා බොහොමයක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. ඔහුට භූතයන් කෙරෙහි කිසිම භයක් තිබුණේ නැහැ. නමුත් ඔවුන් යේසුස්ට භය වුණා. මන්ද යේසුස්ට තිබූ බලතල ගැන ඔවුන් හොඳින් දැන සිටියා.

මරණය. බයිබලයේ “අන්තිම සතුරා” ලෙස හඳුන්වන මරණයෙන් ජය ගැනීමට කිසිම මිනිසෙකුට හැකි වී නැහැ. (1 කොරින්ති 15:26) නමුත් යේසුස් මිය ගිය පුද්ගලයන්ව නැවත නැඟිටෙවූ අවස්ථා කිහිපයක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. එක් අවස්ථාවකදී ඔහු මිය ගොස් සිටි වැන්දඹුවකගේ එකම පුතාවද තවත් අවස්ථාවකදී කුඩා දැරියකවද නැවත නැඟිට්ටෙව්වා. එමෙන්ම ඔහුගේ කිට්ටු මිතුරෙකු වූ ලාසරුස්ව ඔහු සමූහයක් ඉදිරියේ නැවත නැඟිට්ටෙව්වා. එහි විශේෂත්වය වුණේ ඔහුව නැවත නැඟිටුවන විට ඔහු මිය ගොස් දවස් හතරක්ම ගත වී තිබීමයි. යේසුස් එම ආශ්චර්යය කළ බව ඔහුගේ සතුරන්ට පවා පිළිගන්න සිදු වුණා.—යොහන් 11:38-48; 12:9-11.

යේසුස් කළ ආශ්චර්යවත් ක්‍රියාවලින් ප්‍රයෝජන ලැබූ සෑම කෙනෙක්ම අන්තිමේදී මිය ගියා. එසේනම් යේසුස් ඒ දේවල් කළේ ඇයි? ඔහු කළ ආශ්චර්යවත් දේවලින් ඉතා වැදගත් දෙයක් පැහැදිලි වුණා. එනම් ගැලවුම්කරුගේ පාලනය ගැන කලින් පවසා තිබූ සෑම දෙයක්ම විශ්වාස කිරීමට හොඳ පදනමක් තිබෙන බවයි. ඒ නිසා දෙවි පත් කළ රජුට කුසගින්න, රෝග, ආබාධ, ස්වාභාවික විපත්, භූතයන් හා මරණය නැති කර දමන්න හැකියාවක් නැහැයි කියා විශ්වාස කිරීමට කිසිම හේතුවක් නැහැ. ඒ සෑම දෙයක්ම කිරීමට අවශ්‍ය බලය දෙවි තමාට ලබා දී තිබෙන බව යේසුස් පොළොවේ සිටියදී ඔප්පු කර පෙන්වූවා.

—මතෙව්, මාක්, ලූක් හා යොහන්.

  • කුසගින්න, රෝග, ආබාධ, ස්වාභාවික විපත්, භූතයන් හා මරණය නැති කර දැමීමට තමාට හැකි බව යේසුස් පෙන්වූයේ කෙසේද?

  • යේසුස් කළ ආශ්චර්යවත් ක්‍රියාවලින් ඔහුගේ පාලනය ගැන පැහැදිලි වන්නේ කුමක්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න