ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • gt 115 පරි.
  • විවාදයක් හටගනී

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • විවාදයක් හටගනී
  • මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • සමාන තොරතුරු
  • උතුම්ම කෙනා කවුද කියා විවාදයක් ඇති වෙයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • ඔහු පොඩි ළමයින්ට ආදරෙයි
    මගේ බයිබල් කතන්දර පොත
  • සමුගැනීමට පෙර ප්‍රේරිතයන්ව සූදානම් කිරීම
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • අදදින යෙහෝවා අපෙන් ඉල්ලන්නේ කුමක්ද?
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
gt 115 පරි.

115වෙනි පරිච්ඡේදය

විවාදයක් හටගනී

මීට සුළු මොහොතකට කලින්, යේසුස් තම ප්‍රේරිතයන්ගේ පාද සෝදා ඔවුන්ට යටහත් පහත්කම පිළිබඳව කදිම පාඩමක් ඉගැන්වූවා. ඉන්පසු, අත ළඟ තිබෙන ඔහුගේ මරණය සිහි කිරීම පිණිස ඔහු අලුත් සැමරීමක් හඳුන්වා දුන්නා. දැන් ටිකකට කලින් සිදු වූ එම දේවල් ගැන සිතා බලද්දී, ඊළඟට සිදු වන දෙය ඇත්තෙන්ම පුදුමයට පත් කරවන්නක්. ඔහුගේ ප්‍රේරිතයන් අතර සැර විවාදයක් හටගන්නවා! ඔවුන් විවාද කරන්නේ ඔවුන් අතරෙන් උතුම්ම තැනැත්තා කවුද යන කාරණය ගැනයි. පෙනෙන ආකාරයට, මෙය කාලයක් තිස්සේ පැවත එන විවාදයක්.

යේසුස් එක්තරා කන්දක් මත අන් ස්වරූපයකට පත් වූ පසුවත් ප්‍රේරිතයන් ඔවුන් අතරේ උතුම්ම තැනැත්තා කවුද යන්න ගැන වාද කළ බව ඔබට මතක ඇති. ඒ විතරක් නොවෙයි, යාකොබ් හා යොහන් රාජ්‍යයෙහි ප්‍රධාන තැන් ඉල්ලූ පසු ප්‍රේරිතයන් අතර පැවති අමනාපකම් තවත් වැඩි වුණා. දැන් ඔහු සමඟ ගත කරන අන්තිම රාත්‍රියේදීත් ඔවුන් නැවත වරක් වාද කරනවා දකින විට යේසුස් මොන තරම් දුක් වන්න ඇද්ද! ඔහු ඊට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

ප්‍රේරිතයන් හැසිරෙන ආකාරය පිළිබඳව ඔවුන්ට බැණ වදිනවා වෙනුවට, යේසුස් නැවත වරක් ඉවසිලිවන්තව ඔවුන්ට කරුණු පහදා දෙනවා. “ජාතීන්ගේ රජවරු ඔවුන් කෙරෙහි අනිසි ලෙස බලය පවත්වති. ඔවුන් කෙරෙහි අධිකාරිය ඇත්තන්ව දානපතීන් ලෙස හඳුන්වයි. එහෙත් ඔබ එසේ නොවන්න. . . . වඩා උතුම් කවුද? කෑමට ඉඳගෙන සිටින්නාද නැතහොත් උපස්ථාන කරමින් සිටින්නාද? කෑමට ඉඳගෙන සිටින්නා නොවේද?” ඉන්පසු ඔහු ඔවුන්ට තමාගේ ආදර්ශය ගැන මතක් කර දෙමින් පවසන්නේ මෙසේයි. “නමුත් මම ඔබ අතරේ උපස්ථාන කරන්නා මෙන් සිටිමි.”

ප්‍රේරිතයන් අසම්පූර්ණ වුණත් යේසුස් පරීක්ෂාවලට මුහුණ දුන් විට ඔහුව අත්හැර යනවා වෙනුවට ඔවුන් පක්ෂපාතීව ඔහු සමඟ සිටියා. ඉතිං ඔහු මෙසේ පවසනවා. “මාගේ පියාණන් මා සමඟ ගිවිසුමක් කර තිබෙන්නාක් මෙන්, මම ඔබ සමඟ රාජ්‍යයක් සඳහා ගිවිසුමක් ඇති කරමි.” යේසුස් තම පක්ෂපාතී අනුගාමිකයන් සමඟ පෞද්ගලිකව කරන මේ ගිවිසුම නිසා ඔහු ඔවුන් සමඟ බැඳී සිටින අතර ඔහුගේ රාජකීය ආණ්ඩුවේ පංගුකාරයන් වීමේ ප්‍රස්තාවද ඔවුන්ට හිමි වෙනවා. රාජ්‍යයක් උදෙසා කරන ලද මෙම ගිවිසුම තුළට ගන්නේ 1,44,000දෙනෙක්ව පමණයි.

ප්‍රේරිතයන්ට රාජ්‍ය පාලනයෙහි ක්‍රිස්තුස් සමඟ හවුල් වීමේ මේ පුදුමාකාර ප්‍රස්තාව උදා කර තිබුණත්, ඔවුන් තවමත් සිටින්නේ ආත්මිකව දුර්වල තත්වයකයි. “ඔබ සැමදෙනාම අද රාත්‍රියේ මා ගැන බාධාවට පත් වන්නහුය” කියා යේසුස් පවසනවා. එහෙත්, ඔහු පේතෘස් වෙනුවෙන් යාච්ඤා කළ බව ඔහුට පැවසීමෙන් අනතුරුව උනන්දු කරන්නේ මෙසේයි. “ඔබ හැරුණු පසු ඔබේ සහෝදරයන්ව ශක්තිමත් කරන්න.”

යේසුස් මෙසේ පැහැදිලි කරනවා. “කුඩා දරුවෙනි, මා ඔබ සමඟ සිටින්නේ තව ටික කාලයකි. ඔබ මාව සොයනවා ඇත. ‘මා යන තැනට එන්න ඔබට නොහැක’ කියා මම යුදෙව්වරුන්ට කී ලෙසම දැන් ඔබටද කියමි. මම ඔබට අලුත් ආඥාවක් දෙමි. එකිනෙකාට ප්‍රේම කරන්න. මා ඔබට ප්‍රේම කළාක් මෙන්ම ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. ඔබ අතරේ ප්‍රේමය ඇත්නම්, ඔබ මාගේ ගෝලයන් බව සියල්ලන් දැනගන්නවා ඇත.”

එවිට, “ස්වාමිනි, ඔබ යන්නේ කොතැනටද” කියා පේතෘස් අසනවා.

යේසුස් ප්‍රතිචාරය දක්වන්නේ “මා යන තැනට ඔබට දැන්ම මා පසුපස පැමිණිය නොහැක. නමුත් පසුව ඔබ එන්නෙහිය” කියායි.

“ස්වාමිනි, මට දැන්ම ඔබ පසුපස එන්න බැරි ඇයි” කියා පේතෘස් අසනවා. “ඔබ උදෙසා මම මගේ ජීවිතය දෙන්නෙමි.”

“ඔබ මා උදෙසා ඔබේ ජීවිතය දෙන්නෙහිද” කියා යේසුස් අසනවා. “සැබවින්ම මම ඔබට කියමි, අදම, මේ රාත්‍රියේම, කුකුළෙකු දෙවතාවක් හඬලන්න කලින්, ඔබ පවා මා හඳුනන්නේ නැතැයි තුන් වතාවක් කියන්නේය.”

“මට ඔබ සමඟ මැරෙන්න සිදු වුණත්, ඔබව නාඳුනමි කියා කිසිසේත් නොකියමි” කියා පේතෘස් තරයේ කියා සිටිනවා. අනෙක් ප්‍රේරිතයනුත් එලෙසම පවසද්දී පේතෘස් තමා ගැන පුරසාරම් දොඩමින් මෙසේ කියනවා. “අන් හැමදෙනාම බාධාවට පත් වුණත්, මම නම් එසේ නොවන්නෙමි.”

පසුම්බියක්වත් මල්ලක්වත් නොමැතිව ප්‍රේරිතයන්ව ගලීලයේ දේශනා සංචාරයකට යැවූ අවස්ථාව ගැන සඳහන් කරමින් යේසුස් මෙසේ අසනවා. “ඔබට කිසිවක් හිඟ වුණාද?”

ඔවුන් “නැත” යනුවෙන් පිළිතුරු දෙනවා.

“නමුත් දැන්, පසුම්බියක් ඇති තැනැත්තා එයද, කෑම මල්ලක්ද ගන්න. කඩුවක් නැති තැනැත්තා තම පිට වස්ත්‍රය විකුණා කඩුවක් මිලට ගන්න. මන්ද, ‘නීති විරෝධී ක්‍රියා කරන්නන් සමඟ ඔහුවත් ගණන් ගනු ලැබීය’ යි ලියා තිබෙන මේ දේ මා තුළින් ඉටු විය යුතු බව මම ඔබට කියමි. එබැවින් මා සම්බන්ධයෙන් ලියා තිබෙන දේ දැන් ඉටු වන්නේය.”

යේසුස් කතා කරමින් සිටින්නේ දුෂ්ටයන් හෝ නීති විරෝධී ක්‍රියා කරන අය සමඟ ඔහුව ඇණ ගැසීමට යන අවස්ථාව ගැනයි. ඔහුගේ අනුගාමිකයන්ට ඉන්පසු කුරිරු පීඩාවලට මුහුණ දීමට සිදු වන බවත් ඔහු අඟවමින් සිටිනවා. “ස්වාමිනි, මෙන්න! කඩු දෙකක් මෙහි තිබේ” කියා ඔවුන් කියනවා.

“එය සෑහේ” කියා ඔහු පිළිතුරු දෙනවා. අප පසුව දකින්න යන පරිදි, ඔවුන් ගාව කඩු දෙකක් තිබෙන නිසා තවත් වැදගත් පාඩමක් ඉගැන්වීමට යේසුස්ට පුළුවන් වෙනවා. මතෙව් 26:31-35; මාක් 14:27-31; ලූක් 22:24-38; යොහන් 13:31-38; එළිදරව් 14:1-3; NW.

▪ ප්‍රේරිතයන්ගේ විවාදය එතරම් පුදුමසහගත වන්නේ මන්ද?

▪ යේසුස් විවාදය නිරාකරණය කරන්නේ කෙසේද?

▪ තම ගෝලයන් සමඟ යේසුස් ඇති කරගන්නා ගිවිසුමෙන් කුමක් ඉටු වේද?

▪ යේසුස් දෙන අලුත් ආඥාව කුමක්ද? එය කොපමණ වැදගත්ද?

▪ පේතෘස් පමණට වඩා ආත්ම විශ්වාසයක් විදහා පෙන්වන්නේ කෙසේද? යේසුස් ඒ ගැන කුමක් පවසයිද?

▪ පසුම්බියක් හා කෑම මල්ලක් ගෙන යෑම සම්බන්ධයෙන් යේසුස් කලින් දුන් උපදෙස්වලට වඩා දැන් දෙන උපදෙස් වෙනස් වන්නේ මන්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න