ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • gt 97 පරි.
  • මිදිවත්තේ වැඩකරුවෝ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මිදිවත්තේ වැඩකරුවෝ
  • මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • සමාන තොරතුරු
  • මිදිවත්තක සේවකයන් ගැන නිදර්ශනය
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • වංක මිදිවතු වවන්නන්ට අත් වන දුක!
    යෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන I
  • මිදිවත්තේ උපමා මගින් සැබෑව හෙළි කිරීම
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • මිදිවතු ගැන නිදර්ශන දෙකක්
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
තව තොරතුරු
මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
gt 97 පරි.

97වෙනි පරිච්ඡේදය

මිදිවත්තේ වැඩකරුවෝ

“ප්‍රථමයෝ බොහෝදෙනෙක් අන්තිමයෝද අන්තිමයෝ ප්‍රථමයෝද වන්නෝය” කියා යේසුස් දැන් ටිකකට කලින් පවසා තිබුණා. දැන් ඔහු කතන්දරයකින් මෙය පැහැදිලි කර දෙනවා. ඔහු කතාව අරඹන්නේ මෙලෙසයි. “තම මිදිවත්තට වැඩකරුවන් කුලියට ගන්නා පිණිස උදේ පාන්දරින්ම පිටත්ව ගිය ගෙහිමියෙකුට ස්වර්ග රාජ්‍යය සමානය.”

යේසුස් තවදුරටත් මෙසේ පවසනවා. “[ගෙහිමියා] දවසකට ඩිනාරිය බැගින් දීමට වැඩකරුවන් සමඟ එකඟ වී, ඔවුන්ව තම මිදිවත්තට යැවීය. එමෙන්ම තුන්වන පැයේදී පමණ ඔහු පිටත්ව යද්දී, රැකියාවක් නැතිව වෙළඳපොළේ සිටගෙන සිටින තවත් අයව දුටුවේය. ඔහු ඔවුන්ට කතා කොට, ‘ඔබත් මිදිවත්තට යන්න. ඔබට ලැබිය යුතු දේ මම ඔබට දෙන්නෙමි’ යි කීවේය. එබැවින් ඔවුහු ගියහ. නැවතත් ඔහු හයවන පැයේදී හා නවවන පැයේදී පමණ පිටත්ව ගොස් එසේම කළේය. අවසානයේදී, ඔහු එකොළොස්වන පැයේදී පමණ පිටත්ව යද්දී තවත් අය සිටගෙන සිටිනවා දැක ‘ඔබ රැකියාවක් නැතිව දවස මුළුල්ලේම මෙතැන සිටගෙන සිටියේ මන්ද’ යයි ඔවුන්ගෙන් ඇසීය. ඔවුහු කතා කොට, ‘කිසිවෙකු අපව කුලියට නොගත් නිසාය’ යි ඔහුට කීවෝය. එවිට ඔහු, ‘ඔබත් මිදිවත්තට යන්න’ යයි ඔවුන්ට කීවේය.”

ගෙහිමියා හෙවත් මිදිවත්තේ අයිතිකරු වන්නේ යෙහෝවා දෙවියි. මිදිවත්තෙන් නියෝජනය වන්නේ ඊශ්‍රායෙල් ජාතියයි. මිදිවත්තේ වැඩකරුවන් වන්නේ මෝසෙස්ගේ නීතික ගිවිසුමට ඇතුළත් කරගන්නා ලද පුද්ගලයන්. නිශ්චිතවම සඳහන් කරනවා නම් ඔවුන් ප්‍රේරිතයන්ගේ දවස්වලදී ජීවත් වෙමින් සිටින යුදෙව්වරුන්. කුලියක් දීමට පොරොන්දු වන්නේ මුළු දවසම වැඩ කරන අයටයි. දවසේ වැඩ සඳහා කුලිය ඩිනාරියක් වෙනවා. ‘තුන්වන පැය’ කියන්නේ පෙ.ව. 9:00ටයි. ඒ නිසා, තුන්වන, හයවන, නවවන සහ එකොළොස්වන පැයවලදී කැඳවනු ලබන අය වැඩ කරන්නේ, පැය 9ක්, 6ක්, 3ක් සහ පැයක් පමණයි.

පැය 12ක් හෝ දවස පුරාම වැඩ කරන අය නියෝජනය කරන්නේ ආගමික කටයුතුවල නොකඩවා නියැලෙමින් සේවය කරන යුදෙව් නායකයන්වයි. ඔවුන් යේසුස්ගේ ගෝලයන් මෙන් නොවෙයි. එම ගෝලයන් ජීවිතයේ වැඩි හරියක් වැය කොට තිබෙන්නේ ධීවර කර්මාන්තයේ හෝ වෙනත් ලෞකික රැකියාවල නියැලීම සඳහායි. ක්‍රිස්තුස්ගේ ගෝලයන් වීම සඳහා ඒ අයව කැඳවනු ලැබීමට හැකි වන පිණිස “ගෙහිමියා” යේසුස්ව එව්වේ ක්‍රි.ව. 29 ශරත් ඍතුවේ පමණයි. මේ අයුරින් ඔවුන් “අන්තිමයන්” එනම්, 11වන පැයේ පැමිණි මිදිවත්තේ වැඩකරුවන් බවට පත් වෙනවා.

අවසානයේදී, යේසුස්ගේ මරණය සමඟින් සංකේතාත්මක වැඩ දවස අවසන් වන අතර වැඩකරුවන්ට කුලි ගෙවීමට කාලය එළඹෙනවා. දැන් පැහැදිලි කරන පරිදි, අනුගමනය කරනු ලබන්නේ අන්තිමයාට ප්‍රථමයෙන් ගෙවන අසාමාන්‍ය සිරිතයි. “සවස් වූ කල, මිදිවත්තේ ස්වාමියා තම වැඩ බලන තැනැත්තාට කතා කොට, ‘වැඩකාරයන් කැඳවා, අන්තිමයන්ගෙන් පටන්ගෙන ප්‍රථමයන් දක්වා, ඔවුන්ට ඔවුන්ගේ කුලිය ගෙවන්න’ යයි කීවේය. එවිට එකොළොස්වන පැයේදී පැමිණි වැඩකරුවන්ට ඩිනාරිය බැගින් ලැබිණ. මුලින්ම වැඩට ගිය අය ආ විට, තමන්ට ඊට වැඩියෙන් ලැබේයයි ඔවුහු සිතූහ. නමුත් ඔවුන්ටද ඩිනාරිය බැගින් ගෙවනු ලැබුවේය. මෙය ලැබූ විට, ඔවුහු ගෙහිමියාට විරුද්ධව මැසිවිලි නඟමින්, ‘අන්තිමට ආ මේ අය වැඩ කළේ පැයක් පමණි. නමුත් ඔබ, දවසේ බරත් අව් රස්නයත් දැරූ අපට ඔවුන්ව සමාන කළේය!’ යි කීවෝය. නමුත් ඔහු ඔවුන්ගෙන් එක් කෙනෙකුට උත්තර දෙමින් මෙසේ කීවේය: ‘යහළුව, මා ඔබට අසාධාරණයක් කරනවා නොවේ. ඔබ මා හා එකඟ වුණේ ඩිනාරියකටය. එසේ නොවේද? ඔබට අයිති දේ රැගෙන යන්න. ඔබට දුන් දෙයම අන්තිමට ආ මොහුටද දෙන්න මට ඕනෑය. මා සතු දෙයින් මා කැමති දෙය කිරීමට මට අයිතියක් නැද්ද? නැතහොත් ඔබේ ඇස දුෂ්ට වී තිබෙන්නේ මා යහපත් වන හෙයින්ද?’” අන්තිම වශයෙන්, යේසුස් නැවත වරක් පවසන්නේ, “මෙසේ අන්තිමයෝ ප්‍රථමයෝද ප්‍රථමයෝ අන්තිමයෝද වන්නෝය” කියායි.

ඩිනාරිය ලැබෙන්නේ යේසුස්ගේ මරණයේදී නොව නමුත් “වැඩ බලන තැනැත්තා” වන ක්‍රිස්තුස් ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී තම ගෝලයන් කෙරෙහි ශුද්ධාත්මය වගුරුවන විටයි. යේසුස්ගේ මෙම ගෝලයෝ, “අන්තිමයෝ” හෙවත් 11වන පැයේ වැඩ කළ වැඩකරුවන්ට සමානයි. ඩිනාරියෙන් සංකේතවත් කරන්නේ ශුද්ධාත්මය නමැති දීමනාවම නොවෙයි. එය මෙම පොළොවේදී භාවිත කිරීම සඳහා ගෝලයන්ට දෙනු ලබන යමක්. එය ඔවුන්ගේ ජීවිකාව එනම්, ඔවුන්ගේ සදාකාල ජීවනය අදහස් කරනවා. එනම්, ආත්මික ඊශ්‍රායෙල්වරයෙකු වශයෙන් දෙවිගේ රාජ්‍යය ගැන දේශනා කිරීමට අභිෂේක කරනු ලැබීමේ වරප්‍රසාදයයි.

යේසුස්ගේ ගෝලයන්ට ඩිනාරිය ගෙවා ඇති බවත් එම සංකේතාත්මක ඩිනාරිය ඔවුන් භාවිත කරමින් සිටින බවත් මුලින්ම කුලියට ගත් අය විගස තේරුම්ගන්නවා. එහෙත් ඔවුන්ට වුවමනා කරන්නේ ශුද්ධාත්මය හා ඊට සම්බන්ධ රාජ්‍ය වරප්‍රසාදවලට වඩා වැඩි යමක්. ඔවුන් මැසිවිලි නඟමින් විරෝධය පාන්නේ ක්‍රිස්තුස්ගේ ගෝලයන් වන මිදිවත්තේ “අන්තිම” වැඩකරුවන්ට පීඩා කිරීමෙනුයි.

යේසුස්ගේ උපමාව ඉටු වන්නේ පළමු සියවසේ පමණක්ද? නැහැ. ඔවුන්ගේ තනතුරු හා වගකීම් නිසා මෙම 21වන සියවසේ ක්‍රිස්තියානි ලෝකයේ පූජක පක්ෂය දෙවිගේ සංකේතාත්මක මිදිවත්තේ වැඩට ‘ප්‍රථමයෙන්’ කැඳවන ලැබූ අය වුණා. ඔවුන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රිස්තියානි සභාව සැලකුවේ දෙවිගේ සේවකයන් ලෙස වලංගු පැවරුමක් ලැබීමට ‘අන්තිමට’ තෝරාගනු ලබන අය හැටියටයි. එහෙත් ඇත්ත වශයෙන්ම, පූජක පක්ෂය විසින් හෙළා දකිනු ලැබූ ඔවුන්ට තමයි ඩිනාරිය ලැබුණේ. එනම් දෙවිගේ ස්වර්ගික රාජ්‍යයේ අභිෂේක ලත් තානාපතීන් වශයෙන් සේවය කිරීමේ ගෞරවය හිමි වුණේ ඔවුන්ටයි. මතෙව් 19:30–20:16, NW.

▪ මිදිවත්තෙන් නියෝජනය වන්නේ කුමක්ද? මිදිවත්තේ ස්වාමියාගෙන් හා 12වෙනි පැයේ හා පළමුවෙනි පැයේ වැඩකරුවන්ගෙන් නියෝජනය වන්නේ කවුරුන්ද?

▪ සංකේතවත් වැඩ දිනය අවසන් වූයේ කවදාද? කුලිය ගෙවන ලද්දේ කවදාද?

▪ ඩිනාරිය ගෙවීමෙන් සංකේතවත් වන්නේ කුමක්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න