ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • gt 78 පරි.
  • සූදානමින් සිටින්න!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සූදානමින් සිටින්න!
  • මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • සමාන තොරතුරු
  • සූදානමින් සිටිය යුතු විශ්වාසවන්ත සේවකයා
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • තැනට සුදුසු නුවණ පාවිච්චි කළ සේවකයෙක්
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • පැවරුම කඩිසරව ඉටු කිරීම ගැන පාඩමක්
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • විශ්වාසවන්ත සේවකයා හා පාලක මණ්ඩලය හඳුනාගනිමු
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
gt 78 පරි.

78වෙනි පරිච්ඡේදය

සූදානමින් සිටින්න!

සෙනඟට තණ්හාව ගැනත් තම ගෝලයන්ට ද්‍රව්‍යමය දේවලට අනවශ්‍ය අවධානයක් දීම ගැනත් අනතුරු ඇඟවීමෙන් පසු, යේසුස් මෙලෙස දිරිගන්වනවා. “කුඩා රැළ, බිය නොවන්න. මන්ද, ඔබට රාජ්‍යය දීමට ඔබේ පියාණන් අනුමැතිය දී තිබේ.” ස්වර්ග රාජ්‍යයෙහි සිටින්න යන්නේ (පසු කලෙක 1,44,000ක් ලෙස හඳුන්වනු ලැබුවා වූ) සාපේක්ෂ වශයෙන් කුඩා සංඛ්‍යාවක් පමණක් බව ඔහු මෙලෙස හෙළි කරනවා. සදාකාල ජීවනය ලබන අයගෙන් බහුතරයක් රාජ්‍යයේ භූමික යටත්වැසියන් වේවි.

“රාජ්‍යය” කියන්නේ මොන තරම් පුදුමාකාර ත්‍යාගයක්ද! එය ලැබුණු විගස ගෝලයන් දැක්විය යුතු ප්‍රතිචාරය විස්තර කරමින් යේසුස් මෙසේ උනන්දු කරනවා. “ඔබ සන්තක දේ විකුණා දයාන්විත ලෙස පරිත්‍යාග කරන්න.” ඔව්, ඔවුන් තම වත්කම් යොදාගත යුත්තේ අන්‍යයන්ගේ ආත්මික උන්නතිය සඳහායි. එසේ කිරීමෙන් “කිසිදා නැති නොවන ස්වර්ගයේ වස්තු” රැස් කරගැනීමට ඔවුන්ට පුළුවන්.

යේසුස් ඊළඟට තම ගෝලයන්ට අවවාද කරන්නේ තම යළි පැමිණීම සඳහා සූදානම්ව සිටින්න කියායි. ඔහු මෙසේ පවසනවා. “ඔබේ ඉඟටි බැඳගෙන ඔබේ පහන්ද දල්වා තබාගන්න. තම ස්වාමියා විවාහ මංගල්‍යයේ සිට ඇවිත් තට්ටු කළ විගස දොර හැරීමට සූදානමින් සිටින මිනිසුන්ට ඔබ සමාන වන්න. ස්වාමියා ආ කල, තම දාසයන් අවදිව සිටිනවා දකී නම්, ඒ දාසයන් සන්තෝෂවත්ය! සැබවින්ම මම ඔබට කියමි, එවිට ස්වාමියා තමාගේම ඉඟටිය බැඳගෙන, ඔවුන්ව කෑමට හිඳුවා, ඔවුන් ළඟට ඇවිත් ඔවුන්ට උපස්ථාන කරන්නේය.”

මෙම උපමාවේ, දාසයන් ඔවුන්ගේ දිගු වස්ත්‍ර ඉඟටිවල බැඳගෙන සිටීමෙන් සහ තෙල්වලින් පිරුණු පහන්වල ආලෝකයේ උපකාරයෙන් රාත්‍රිය පුරාම ඔවුන්ගේ යුතුකම් නොපිරිහෙළා ඉටු කිරීමෙන් පෙනී යන්නේ ඔවුන් තම ස්වාමියා යළි පැමිණෙන විට සූදානමින් සිටින බවයි. යේසුස් මෙලෙස පැහැදිලි කරනවා. “ඔහු දෙවන රැකවල් යාමයේදී [රාත්‍රි නවයේ පමණ සිට මැදියම් රාත්‍රිය දක්වා] හෝ තුන්වන රැකවල් යාමයේදී [මැදියම් රාත්‍රියේ සිට පාන්දර තුන පමණ දක්වා] හෝ ආ විට ඔවුන් එසේ සිටිනවා දකී නම්, ඔවුන් සන්තෝෂවත්ය!”

ස්වාමියා තම දාසයන්ට විපාක දෙන්නේ පුදුමාකාර ආකාරයකින්. ඔහු ඔවුන්ට මේසයක අසුන් ගැනීමට කීමෙන් පසුව ඔවුන්ට උපස්ථාන කිරීමට පටන්ගන්නවා. ඔහු ඔවුන්ව සලකන්නේ දාසයන් ලෙස නොව පක්ෂපාත මිතුරන් ලෙසයි. ස්වාමියාගේ යළි පැමිණීම බලා සිටින අතරතුරේදී රාත්‍රිය පුරාම ඔහු වෙනුවෙන් වැඩ කිරීම නිසා ඔවුන්ට ලැබෙන්නේ මොන තරම් කදිම විපාකයක්ද! යේසුස් අන්තිමට පවසන්නේ, “ඔබත් සූදානමින් සිටින්න. මන්ද ඔබ නොසිතන පැයකදී මනුෂ්‍ය පුත්‍රයා එන්නේය” කියායි.

පේතෘස් දැන් මෙසේ අසනවා. “ස්වාමිනි, ඔබ මේ උපමාව කියන්නේ අපටද නැත්නම් සියල්ලන්ටමද?”

ඍජු උත්තරයක් දෙනවා වෙනුවට, යේසුස් තවත් උපමාවක් කියනවා. “ස්වාමියා විසින් තම සේවක පිරිසට නියම වේලාවට නොකඩවා ආහාර කොටස දීමට, ඔවුන් කෙරෙහි පත් කරන නුවණ ඇති විශ්වාසවන්ත සේවකයා කවුද? ඔහුගේ ස්වාමියා ආ කල, ඔහු එසේ කරනවා දකී නම්, ඒ දාසයා සන්තෝෂවත්ය! සැබවින්ම මම ඔබට කියමි, ඒ ස්වාමියා තමා සන්තක සියල්ල කෙරෙහි ඔහුව පත් කරන්නේය.”

පැහැදිලිවම, ‘ස්වාමියාගෙන්’ නියෝජනය වන්නේ යේසුස් ක්‍රිස්තුස් බව නොකිවමනායි. ‘සේවකයාගෙන්’ නිරූපණය වන්නේ “කුඩා රැළ.” ඒ කියන්නේ එක කණ්ඩායමක් හැටියට ගෝලයන්වයි. එමෙන්ම “සේවක පිරිස” යනු ස්වර්ග රාජ්‍යය උරුම කරගන්නා 1,44,000දෙනාගෙන් සමන්විත එම කණ්ඩායමමයි. නමුත් මෙම යෙදුමෙන් අවධානය යොමු කරන්නේ තනි පුද්ගලයන් වශයෙන් ඔවුන් කරන වැඩේටයි. විශ්වාසවන්ත සේවකයාව “සන්තක සියල්ල” රැකබලා ගැනීමට පත් කරනු ලබන අතර, මේ සන්තක සියල්ල කියන්නේ ස්වාමියාගේ රාජ්‍යය හා සම්බන්ධ වන භූමික දේවල්. ඊට රාජ්‍යයේ භූමික යටත්වැසියන්ද ඇතුළත් වෙනවා.

උපමාවට තවත් විස්තර එකතු කරමින් යේසුස් පෙන්වා දෙන්නේ එම සේවක හෝ දාස පංතියට අයත් සියලුදෙනාම පක්ෂපාතව නොසිටින බවයි. “ඒ දාසයා, ‘මාගේ ස්වාමියා එන්න ප්‍රමාද වන්නේය’ යි සිතා මෙහෙකරුවන්ට සහ මෙහෙකාරියන්ට තළන්නත් කා බී වෙරි වෙන්නත් පටන්ගත්තොත්, ඒ දාසයාගේ ස්වාමියා, ඔහු බලාපොරොත්තු නොවන දවසක . . . ඇවිත් ඔහුට ඉතා තදින් දඬුවම් [කරන්නේය].”

ඇතමෙක් ඔහුගේ ඉගැන්වීම් පිළිගන්නා අතර තවත් සමහරෙකු ඒවා ප්‍රතික්ෂේප කරන නිසා ඔහුගේ පැමිණීම හේතුවෙන් යුදෙව්වරුන්ට ගිනිමය කාලයක් ඇති වී තිබෙන බව යේසුස් සඳහන් කරනවා. වසර තුනකටත් වඩා ඉහතදී, ඔහුව ජලයේ බව්තීස්ම කරනු ලැබුවා. නමුත් ඔහු මරණය තුළට කරන බව්තීස්මය එන්න එන්නම ළඟා වෙනවා. ඒ වගේම, “එය නිම වන තුරු මම දැඩි පීඩනයකින් පසු වෙමි!” කියා ඔහු පවසනවා.

මෙම කාරණා තම ගෝලයන්ට පැවසීමෙන් පසු, යේසුස් නැවත වරක් සමූහයාව අමතනවා. ඔහුගේ අනන්‍යතාව හා එහි වැදගත්කම පිළිබඳ පැහැදිලි සාක්ෂි ඔවුන් මුරණ්ඩු ලෙස ප්‍රතික්ෂේප කිරීම ගැන ඔහු කනගාටු වෙනවා. ඔහු පවසන්නේ මෙසේයි. “බස්නාහිරෙන් වලාකුළක් නඟිනවා ඔබ දකින විට, ‘කුණාටුවක් පැමිණෙන්නේය’ යි ඔබ එවෙලේම කියන්නහුය. එය එසේම සිදු වන්නේය. තවද, දකුණු දිගින් සුළඟක් හමන විට, ‘දැඩි ග්‍රීෂ්ම කාලයක් ඇති වන්නේය’ යි ඔබ කියන්නහුය. එය එසේම සිදු වන්නේය. කුහකයෙනි, පොළොවෙහි සහ අහසෙහි ස්වභාවය තෝරා දෙන්න ඔබ දන්නහුය. නමුත් මේ කාලය තේරුම්ගන්න ඔබ නොදැන සිටින්නේ කෙසේද?” ලූක් 12:32-59, NW.

▪ ‘කුඩා රැළට’ අයත් වන්නේ කීදෙනෙක්ද? ඔවුන්ට ලැබෙන්නේ කුමක්ද?

▪ තම සේවකයන් සූදානම්ව සිටිය යුතු බව යේසුස් අවධාරණය කරන්නේ කෙසේද?

▪ යේසුස්ගේ උපමාවෙහි, “ස්වාමියා,” “සේවකයා,” “සේවක පිරිස” සහ “සන්තක සියල්ල” වන්නේ කවුරුන්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න