ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yp 33 පරි. 262-271 පි.
  • බීමත්කම—එසේ නොවිය යුත්තේ මන්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බීමත්කම—එසේ නොවිය යුත්තේ මන්ද?
  • යෞවනයන් අසන න—ක්‍රියාවට නැගිය හැකි තුරු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • පෙරළා පැමිණෙන ඵල විපාකය
  • චිත්ත වේගීය වර්ධනයට බාධා පැමිණ
  • “උන්වහන්සේ එය පිළිනොගත් සේක”
  • මත්පැන් ගැන ඔයා හිතන්නේ දෙවියන් හිතන විදිහටමද?
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • මත්පැන් ගැන ක්‍රිස්තියානීන් හිතන්නේ මොකක්ද?
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • බීමත්කම හා සෞඛ්‍යය
    2005 පිබිදෙව්!
  • මත්පැන් පානය පිළිබඳව සමබර දෘෂ්ටියක් තබාගන්න
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
යෞවනයන් අසන න—ක්‍රියාවට නැගිය හැකි තුරු
yp 33 පරි. 262-271 පි.

පරිච්ඡේද 33

බීමත්කම—එසේ නොවිය යුත්තේ මන්ද?

‘බීම වරදක් ද? එය සැබවින් ම අනතුරුදායක ද? නැතහොත් එය වැඩිහිටියන්ට හොඳ දෙයක් වන නමුත් වැරදි දෙයක් වන්නේ මට පමණක් ද?’ ඔබේ මනසේ මෙම ප්‍රශ්න බෙහෙවින් තිබිය හැක. කොහොම වුවත් ඔබේ දෙමව්පියන් බීමට ලොල් විය හැක. ඔබේ වයසේ බොහෝ යෞවනයෝ (නීතියෙන් පිළිගත් වයස් සීමාවන් තිබුණත්) බොති. රූපවාහිනි දර්ශන සහ චිත්‍රපටි එය සිත් ඇදගන්නා දෙයක් කිරීමට සලසයි.

ප්‍රමාණවත් ලෙස භාවිතා කළ විට, මත්පැන් ඇත්තෙන් ම සතුටේ මූලාශ්‍රයක් විය හැක. හෘදය ප්‍රීති කිරීමට හෝ ආහාරයක රසය වැඩි කිරීමට මුද්‍රික පානයට හැකි බව බයිබලය පිළිගනියි. (දේශනාකාරයා 9:7) කෙසේ වුවද, නුසුදුසු ලෙස භාවිතා කළ විට, දෙමව්පියන්, ගුරුවරුන් සහ පොලීසිය සමඟ අඬ දබර කරගැනීමේ සිට අකල් මරණය දක්වා මත්පැන් මගින් බරපතළ ගැටලු ඇති වෙයි. බයිබලය පවසන පරිදි: “මුද්‍රිකපානය සරදම්කරන්නෙක්ය, මද්‍යපානය කෝලාහලකාරයෙක්ය; එයින් වැනෙන කවුරු නුමුත් ඤාණවන්ත නොවෙයි.” (හිතෝපදේශ 20:1) එසේ නම්, බීමත්කම සම්බන්ධයෙන් ඔබ වගකීමෙන් යුතු තීරණයක් ගැනීම වැදගත් දෙයකි.

එහෙත් මත්පැන් සහ ඉන් ඇති වන ප්‍රතිඵල සම්බන්ධයෙන් ඔබ ඇත්තෙන් ම දන්නේ කෙතරම් දුරකට ද? පහත දැක්වෙන පරීක්ෂණය ඔබට සොයා දැනගැනීමට හැකි කරවනු ඇත. පහත සඳහන සැබෑ ද නැතහොත් බොරු ද යන්න පමණක් ලකුණු කරන්න:

1. මත්පැන් පානයන් බොහෝ දුරට උත්තේජකයන් ය ․․․․․․․․ ____

2. මත්පැන් ඕනෑ ම ප්‍රමාණයකට ගැනීම මනුෂ්‍ය ශරීරයට හානිදායක ය ․․․․․․․․ ____

3. සියලු මත්පැන් පානයන්—අරක්කු, වයින්, බීර—ඔබේ රුධිර ධාරාවට උරාගනු ලබන්නේ එක ම වේගයකිනි ․․․․․․․․ ____

4. පුද්ගලයෙක් කලු කෝපි පානය කරනවා නම් හෝ ඇල් වතුර ස්නානය කරනවා නම් වඩා ඉක්මනින් ඔහුගේ වෙරි ගතිය සිඳී යා හැක ․․․․․․․․ ____

5. මත්පැන් එක ප්‍රමාණයකින් බොන ඕනෑ ම කෙනෙකු තුළ එක ම බලපෑමක් ඇති කරයි ․․․․․․․․ ____

6. මත්පැනට ඇබ්බැහි වීම බේබදුකම හා සමාන ය ․․․․․․․․ ____

7. මත්පැන් සහ (බාබිටරේට් වැනි) නින්ද ඇති කරන අනෙක් බෙහෙත් වර්ග එක විට ගත් කල එකිනෙකෙහි බලපෑම් ප්‍රගුණ කරයි ․․․․․․․․ ____

8. පානය කරන මත්පැන් වර්ග වෙනස් කිරීමෙන් පුද්ගලයෙකු මත්පැනට ඇබ්බැහි වීමෙන් වළක්වනු ඇත ․․․․․․․․ ____

9. ශරීරයේ ආහාර ජීරණය වනවා වාගේ ම මත්පැන් ද ජීරණය වෙයි ․․․․․․․․ ____

දැන්, 270 වෙනි පිටුවේ දී ඇති පිළිතුරු ඔබේ පිළිතුරු සමඟ පරීක්ෂා කරන්න. මත්පැන් සම්බන්ධයෙන් ඔබේ අදහස්වලින් සමහරක් වැරදි බව ඔප්පු වී ද? එසේ නම්, මත්පැන් සම්බන්ධයෙන් නොදැනුවත්කම මාරාන්තික විය හැකි බව වටහා ගන්න. නුසුදුසු ලෙස භාවිතා කළ විට, මත්පැන් “සර්පයෙකු මෙන් හපා කා, පොළඟෙකු මෙන් දෂ්ටකරයි,” කියා බයිබලය අපට අනතුරු අඟවයි.—හිතෝපදේශ 23:32.

උදාහරණයක් ලෙස, ජෝන්, යෞවනයෙකු ව සිටිය දී විවාහ විය. එක් රාත්‍රියක දී, ඔහුගේ යෞවන භාර්යාව සමඟ දබරයකින් පසු ව, බීමත්වීමට අධිෂ්ඨාන කරගත් ඔහු, කේන්තියෙන් නිවසෙන් පිට වී ගියේ ය. වොඩ්කා පයින්ට් එකක් සම්පූර්ණයෙන් ම විගස ගිල දැමීමෙන් පසු ව, ඔහු අධිමූර්ඡාවට (කෝමා) පත් විය. වෛද්‍යවරු සහ හෙදියන්ගේ ප්‍රයත්නය නොතිබුණා නම්, ජෝන් මිය යන්නට ඉඩ තිබුණි. පැහැදිලි ව ම මත්පැන් මහත් ප්‍රමාණයක් විගස ගිලදැමීම මාරාන්තික වීමට පවා හැකි බව ඔහුට වැටහුණේ නැත. නොදැනුවත්කම නිසා ඔහුගේ ජීවිතය නැති වීමට ආසන්න වූ තත්ත්වයට ම පත් විණ.

පෙරළා පැමිණෙන ඵල විපාකය

මෙය මත්පැන්වල වඩාත් සැඟවුණු ඵල විපාකයන්ගෙන් එකකි. මත්පැන් උත්තේජකයක් නොව, නමුත් අවපීඩකයකි. (වේදනා සමනයකි.) ඔබ බිව්වට පසු ව දැනෙන උද්දීපන තත්ත්වය ඇති වන්නේ මත්පැන් ඔබේ කාංසාවේ මට්ටම අඩු කරන නිසාත් නැතහොත් පහත හෙලන නිසාත් ය. ඔබ බොන්නට පෙර දැනුණු කාංසාව හා හිරිහැරය අඩු වී ඇති අතර ඔබට සන්සුන් ස්වභාවයක් දැනෙනවා. මෙලෙස ප්‍රමාණවත් ප්‍රමාණයන් ගැනීමෙන්, පුද්ගලයෙකු හට සුළු ප්‍රමාණයකට ‘තම කරදර අමතක කර දැමීම සඳහා’ උපකාර කිරීමට මත්පැන්වලට හැක. (හිතෝපදේශ 31:​6, 7) උදාහරණයක් ලෙස, පෝල් නමැති යෞවනයා, පවුලේ ගැටලුවලින් මිදීම සඳහා බිව්වේ ය. “මා යට වී සිටි පීඩනයන්ගෙන් නිදහස්වීමට බීමත්කම මාර්ගයක් වූ බව මම කලින් ම ඉගෙන ගත්තා. එය මගේ මනසට පහසුවක් ගෙන දුන්නා,” යයි ඔහු සිහිපත් කරයි.

කිසි අනතුරක් සිදු කරන්නේ නැත, හරි ද? වැරදියි! පෙරළා පැමිණෙන ඵල විපාකයක් මත්පැන්වලට ඇත. පැය කීපයකට පසු, මත්පැන්වල සහනය ගෙන දෙන බලපෑම ක්‍රමයෙන් පහ වී යන විට, ඔබේ කාංසාවේ මට්ටම නැවත හටගනියි—නමුත් නැවත සාමාන්‍ය තත්ත්වයට ම නොවේ. එය ඔබ බීමට පෙර තිබුණාට වඩා උස් මට්ටමකට නගියි! මීට පෙර වෙන කිසිදාක තිබුණාට වඩා වැඩි කාංසාවක් හෝ ආතතියක් (ඇදෙන ගතියක්) දැනේ. මත්පැන්වල අප්‍රසන්න ශාරීරික ප්‍රතික්‍රියාවන් පැය 12ක් දක්වා පැවතිය හැක. ඔබ තව වරක් බිව්වොත්, ඔබේ කාංසාවේ මට්ටම නැවතත් පහත බසිනු ඇති බව සත්‍යයකි. එහෙත් පැය කීපයකට පසු ව, එය නගිනු ඇත, මේ අවස්ථාවේ දී පෙර තිබුණාට වඩා වැඩියෙනි! එබැවින් එය විෂ දඟරයක මෙන් අස්වාභාවික ලෙස උස්වීමකට හා පහත්වීමකට ඔබ ව දමයි.

එබැවින් අවසානයේ දී, මත්පැන් සැබවින් ම ඔබේ කාංසාව අඩු නොකරනු ඇත. බොහෝ දුරට එය වඩා වැඩි කරනු ඇත. තව ද මත්පැන්වල බලපෑම ක්‍රමයෙන් ඉවත් වී යන විට, ඔබේ ගැටලු තවමත් එලෙස ම පවතී.

චිත්ත වේගීය වර්ධනයට බාධා පැමිණ

වඩා හොඳින් ක්‍රියා කිරීමට මත්පැන් ඔවුනට උපකාර වන්නේ යයි අන් අය කියා සිටිති. උදාහරණයක් ලෙස, ඩෙනිස්, අතිශයින් ම ලජ්ජාශීලී කෙනෙකු වූ අතර සරල සංවාදයක් පවා ඇති කරගැනීම අසීරු දෙයක් විය. එහෙත් ඉන් පසු ඔහු සොයා ගැනීමක් කළේ ය. “ටිකක් බිවූ පසු මට පහසුවක් දැනෙන්නට වුණා,” යයි ඔහු පැවසුවේ ය.

ගැටලුව නම් කෙනෙකු මේරූ භාවයට පැමිණෙන්නේ, ඩෙනිස් කළා වාගේ අසීරු තත්ත්වයන්ගෙන් පලා දිවීමෙන් නොව නමුත් ඒවාට මුහුණ දීමෙනි. යෞවනයෙකු වශයෙන් ඔබ මූණපාන ගැටලුවලට මුහුණ දීමට ඉගෙන ගැනීම වැඩිහිටි භාවයේ පරීක්ෂාවන් සඳහා හුදෙක් පෙර හුරුවකි. අවසානයේ දී, මත්පැන්වල තාවකාලික ඵල විපාක ඔහුගේ ලජ්ජාශීලී භාවයෙන් ගොඩ ඒමට ඔහුට උපකාර නොකළ බව මෙලෙස ඩෙනිස් දැනගත්තේ ය. “මත්පැන් ක්‍රමයෙන් පහ වී ගිය විට, මං නැවතත් ලජ්ජාශීලී භාවයට පත්වුණා,” යයි ඔහු වාර්තා කරයි. වසර ගණනාවකට පසු ව, දැන් තත්ත්වය ගැන කුමක් කිව හැකි ද? ඩෙනිස් තවදුරටත් මෙසේ පවසයි: “මගේ ම සැබෑ තත්ත්වයේ දී මිනිස්සු සමඟ කථා බහ කරන්නේ කොහොම ද කියා ඇත්තෙන් ම මං කවදාවත් ඉගෙන ගත්තේ නෑ. මේ ආකාරයෙන් මගේ වර්ධනයට බාධා පැමිණ තිබුණා කියා මට සිතේ.”

වෙහෙස සමඟ ක්‍රියා කිරීමේ දී ආධාරකයක් වශයෙන් මත්පැන් භාවිතා කිරීම සම්බන්ධයෙන් ද සැබෑව එය ම ය. යෞවනයෙකු වශයෙන් එලෙස කළා වූ ජෝන්, මෙසේ පිළිගනියි: “මෑතක දී, වෙහෙසකර අවස්ථාවක මම මෙසේ සිතුවා: ‘මේ දැන් ම ම පොඩි අඩියක් ගැහැව්වොත් කොච්චර හොඳයි ද!’ අඩියක් ගැනීමෙන් යම් අවස්ථාවක් සම්බන්ධයෙන් වඩා හොඳින් ක්‍රියා කිරීමට ඔබට හැකි යයි ඔබ සිතයි.” එසේ සිදු නොවේ!

න යෝක් ස්ටේට් ජර්නල් ඔෆ් මෙඩිසින් හි ප්‍රකාශිත ලිපියක් මෙසේ පවසයි: “[මත්පැන් ඇතුළු] මත් ද්‍රව්‍ය, අසීරු අවස්ථාවන් සැහැල්ලු කරගැනීමේ මාධ්‍යයක් බවට පත්වන විට මුහුණ දීමේ ප්‍රයෝජනවත් දක්ෂතාවයන් එනම් අධ්‍යාපනික, සමාජීය හෝ අන්තර් පෞද්ගලික ඉගෙනීම සඳහා අවශ්‍යතාවය ඉවත් වේ. වැඩිහිටි භාවයට පැමිණෙන තුරු ඵල විපාක නොදැනෙන්නට පුළුවන, සමීප පුද්ගලික සබඳතාවයන් ඇති කරගන්නා විට, පුද්ගලයා ව චිත්ත වේගීය ව හුදකලාවේ තබමින්, බොහෝ විට එය අසීරු බව ඔප්පු වේ.” ගැටලු සහ අසීරු අවස්ථාවන් සමඟ කෙළින් ම ක්‍රියා කිරීම සහ මුහුණ දීම වඩා හොඳ ය!

“උන්වහන්සේ එය පිළිනොගත් සේක”

යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආදර්ශය සලකා බලන්න. උන් වහන්සේගේ පොළොව මත ජීවිතයේ අවසාන රාත්‍රියේ, යේසුස් වහන්සේ මහත් වෙහෙසකර බරපතළ අමාරුවක් විඳදරා ගත් සේක. උන් වහන්සේට ද්‍රෝහිකම් කර, ඉන් පසු අල්ලා ගත් විට, යේසුස් වහන්සේ තමන් වහන්සේට විරුද්ධ ව එල්ල කළ බොරු චෝදනාවන් ඇතුළු ප්‍රශ්න විචාරීම් පෙළක් විඳදරා ගත් සේක. අවසානයේ දී, මුළු රාත්‍රියේ දී ම අවදි ව සිටි පසු, උන් වහන්සේ ව වධ කණුවක එල්ලා මරනු ලැබීමට බාර දෙනු ලැබී ය.—මාර්ක් 14:​43–15:15; ලූක් 22:​47–23:25.

මෙම අසීරු අවස්ථාවට මුහුණ දීම සඳහා උන් වහන්සේට පහසු කිරීමට සලසන මනෝ ස්වභාවය වෙනස් කරන්නා වූ සාරයක්—එනම් උන් වහන්සේගේ සංවේදන ඉන්ද්‍රියන් දුර්වල කරන යම් දෙයක් යේසුස් වහන්සේට ඉදිරිපත් කරනු ලැබී ය. බයිබලය මෙසේ පැහැදිලි කරයි: “ඔව්හු . . . ගන්ධ රස මිශ්‍රවූ මුද්‍රිකපානය උන්වහන්සේට දුන්නෝය [දෙන්න ප්‍රයත්නයක් දැරූහ NW]. නුමුත් උන්වහන්සේ ඒ පිළිනොගත්සේක.” (මාර්ක් 15:​22, 23) උන් වහන්සේගේ සියලු ඉන්ද්‍රීය ශක්තීන් හිමිකර තබා ගැනීමට යේසුස් වහන්සේට වුවමනා විය. මෙම අසීරු අවස්ථාවට ඍජු ව මුහුණ දීමට උන් වහන්සේට වුවමනා විය. උන් වහන්සේ තත්ත්වයෙන් පලා යන්නෙකු නොවී ය! එහෙත්, පසු ව, සිය පිපාසය සංසිඳුවා ගැනීමට පැහැදිලි ව ම මත් බෙහෙත් රහිත මුද්‍රික පානය, ප්‍රමාණය ඉක්ම නොවූ ප්‍රමාණයක් ඉදිරිපත් කළ විට, යේසුස් වහන්සේ පිළිගත් සේක.—යොහන් 19:​28-30.

මේ හා සැසඳීමේ දී, ඔබේ ගැටලු, පීඩනයන් හෝ වෙහෙසීම් සුළු දේවල් බවට පත් වේ. එහෙත් යේසුස් වහන්සේගේ අත්දැකීමෙන් ඔබට තවමත් වටිනා පාඩමක් ඉගෙන ගන්නට පුළුවනි. ගැටලුවලට, පීඩනයන්ට සහ අපහසුතාවයෙන් යුතු අවස්ථාවන්වලට මුහුණ දීම සඳහා (මත්පැන් වැනි) මනෝ ස්වභාවය වෙනස් කරන්නා වූ ද්‍රව්‍යයක් භාවිතා කරනවා වෙනුවට, ඔබ ඒවා සමඟ කෙළින් ම ක්‍රියා කරනවා නම් වඩා යහපතක් ඔබට සිදුවේ. ජීවිතයේ ගැටලුවලට මුහුණ දීමේ දී ඔබ වැඩි අත්දැකීම් ලබා ගන්නා තරමට ම, ඔබ ඒවා වඩා හොඳින් විසඳනු ඇත. ශක්තිමත් චිත්ත වේගීය සැකැස්මක් ඇති ව සිටීමට ඔබ වැඩෙනු ඇත.

ඔබ නීතියෙන් පිළිගත් වයසකට පැමිණි විට, ඉඳ හිට—මෙන් ම ප්‍රමාණය ඉක්ම නොවන ලෙස—බීමට තෝරා ගැනීම හෝ නොගැනීම සඳහා තීරණයක් ගැනීමට සිදු වනු ඇත්තේ ඔබට (සහ සමහර විට ඔබේ දෙමව්පියන්ට) ය. එය දැන උගත්, බුද්ධිමත් තීරණයක් වීමට සලස්වන්න. ඔබ නොබීමට තීරණය කරන්නෙහි නම්, ඒ ගැන සමාව අයැදීමට අවශ්‍යතාවයක් ඔබට ඇති වන්නේ නැත. එහෙත් ඔබ නීතියෙන් පිළිගත් වයසක සිටින්නෙහි නම් හා බොන්නට තීරණය කරන්නෙහි නම්, වගකීමකින් යුතු ව බොන්න. ගැලවී යාමක් වශයෙන් හෝ අස්වාභාවික ධෛර්යයක් ලබා ගන්නා අටියෙන් කිසිදා නොබොන්න. බයිබලයේ අවවාදය සරල මෙන් ම ඍජු ය: “වුවමනාවට වඩා බීම ඔබ ව කලහකාරී සහ මෝඩ කරවයි. බීමත්කමට පත්වීම මෝඩකමකි.”—හිතෝපදේශ 20:​1, ටුඩේ’ස් ඉංග්ලිෂ් වර්ෂන්.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

◻ මත්පැන් බීමට බොහෝ යෞවනයන් ගොදුරු වන්නේ මන්ද?

◻ මත්පැන් සම්බන්ධයෙන් සමහර පොදු වැරදි හැඟීම් මොනවා ද?

◻ රිය පැදවීම සහ බීමත්කම මිශ්‍ර කරගැනීමෙන් වන අනතුරු මොනවා ද?

◻ ගැටලුවලින් ගැලවී යාම සඳහා මත්පැන් භාවිතා කිරීමේ ඇති අනතුරු මොනවා ද?

◻ යෞවනයෙකු ගැටලුවලට මුහුණ පාන විට ඔහු කළ යුතු වන්නේ කුමක් ද, එමෙන් ම මන්ද?

[268 පිටුවෙහි හුවා දැක්වීම]

විෂ දඟරයක මෙන් අස්වාභාවික වූ උස්වීමක් හා වැඩිවන්නා වූ පහත්වීමක් තුළ ගොදුරු කිරීමට බීමත්කමට හැක

[271 පිටුවෙහි හුවා දැක්වීම]

“මගේ ම සැබෑ තත්ත්වයේ දී මිනිස්සු සමඟ කථා බහ කරන්නේ කොහොම ද කියා මං ඇත්තෙන් ම කවදාවත් ඉගෙන ගත්තේ නෑ. මේ ආකාරයෙන් මගේ වර්ධනයට බාධා පැමිණ තිබුණා කියා මට සිතෙනවා.”—නහඹරයෙකු වශයෙන් මත්පැන් අනිසි ලෙස භාවිතා කළ තරුණ මනුෂ්‍යයෙක්

[264 පිටුවෙහි කොටුව]

‘අප බොන්න පටන් ගැනීමට හේතුව’

කලින් බීවා වූ ඇතැම් නහඹරයන් සමඟ සම්මුඛ සාකච්ඡාවක්

සම්මුඛ පරීක්ෂක: ඔබ බිව්වේ මන්ද?

බිල්: ප්‍රථමයෙන් ම මා එසේ කළේ මා ඇතුළත් ව සිටි කණ්ඩායම නිසයි. විශේෂයෙන් ම සති අන්තයන්හි කිරීමට තිබුණු ජනප්‍රිය දෙය වූයේ එයයි.

ඩෙනිස්: මම බොන්න පටන් ගත්තේ වයස අවුරුදු 14 දී පමණ. මගේ පියා අධික ලෙස බොන්නෙකු වුණා. නිවසේ සැමවිට ම මධුපානෝත්සව තිබුණා. ළමයෙකු ව සිටි මම දුටුවේ බීම සමාජීය ලෙස කිරීමට තිබුණු දෙයක් බවයි. පසු ව, මා වයසින් මුහුකුරා ගිය විට, මා අශිෂ්ට සෙනඟකට මැදි වුණා. අනිත් ළමුන් විසින් පිළිගනු ලැබීම සඳහා මා බොන්නට වුණා.

මාර්ක්: මම ක්‍රීඩාවලට සම්බන්ධ ව සිටියා. පැසි පන්දු කණ්ඩායමේ හාදයන් සමඟ මා බොන්නට පටන් ගත්තේ අවුරුදු 15 දී පමණ යයි මම අනුමාන කරනවා. මං හිතන්නේ බොහෝ දුරට මම එය පටන් ගත්තේ කුතුහලය නිසයි.

ජෝන්: මා රූපවාහිනියෙන් දුටු දේ මගින් මට මහත් බලපෑමක් ඇති වී තිබුණා. මට නිතර බොන චරිත දක්නට ලැබුණා. එය ඉතා කදිම දෙයක් බව පෙනෙන්න තිබුණා.

පෝල්: මගේ පියා මත්පැනට ඇබ්බැහි වූවෙක්. අපට එතරම් බොහෝ ගැටලු තිබීමට හේතුව වූයේ මත්පැනට ඇබ්බැහි වී සිටීම බව මට දැන් වැටහෙනවා. මම ඉන් මිදීමට වෑයම් කරමින් සිටියා. ඉතා පුදුම දේ නම්, මා බීමට නැඹුරු වීමට එය එක් හේතුවක් වීමයි.

ජෝන්: මගේ දෙමව්පියන් සාමාන්‍යයෙන් ම අධික ලෙස බිව්වේ නෑ. එහෙත් මගේ පියා ගැන එක් දෙයක් මට මතකයි, සම්භාෂණ අවස්ථාවන්වල දී ඔහුට කෙතරම් ප්‍රමාණයක් බීමට හැකි දැයි ඔහු පුරසාරම් දොඩන්නට වුණා. මා අද්විතීය කෙනෙකු යයි සිතමින් මම යම් ප්‍රමාණයකට එම ආකල්පය ම වර්ධනය කළා. එක් අවස්ථාවක මගේ මිතුරන් සහ මම අධික ලෙස මත්පැන් බීමෙහි යෙදුණා. අපි පැය ගණනක් බිව්වා. අන්‍යයන්ට මෙන් එය සැබවින් ම මට බලපෑවේ නෑ. ‘මම මගේ තාත්තා වාගේමයි’ කියා සිතනවා මට මතකයි. මත්පැන් ගැන ඔහුගේ ආකල්පය මට සැබවින් ම බලපෑවා යයි මට දැන් තේරෙනවා.

සම්මුඛ පරීක්ෂක: එහෙත් බොහෝ දෙනෙක් මත් වෙන තුරු ම බොන්නේ මන්ද?

මාර්ක්: අප බොන්නේ එම හේතුව නිසාමයි—එනම් වෙරි වීමටමයි. රසය ගැන මම සැබවින් ම සැලකිලිමත් වුණේ නෑ.

සම්මුඛ පරීක්ෂක: එහෙම නම් ඔබ බිව්වේ ඉන් ඇතිවන බලපෑම නිසා ද?

මාර්ක්: ඔව්.

හැරි: මා පවසන්නේත් එම දෙයමයි. එය හරියට ඉණිමගක් නගිනවා වාගෙයි. ඔබ බොන සෑම අවස්ථාවක දී ම ඔබ වඩා හොඳ උසකට—ඊළඟ ඉනිමං පෙත්තට—ළඟා වෙනවා.

[270 පිටුවෙහි ඇති කොටුව]

සැබෑ ද බොරු ද යන පරීක්ෂණයට පිළිතුරු (263 වෙනි පිටුව)

1. බොරු. මත්පැන් යනු ඉතා ප්‍රබල වූ අවපීඩකයකි. (වේදනා සමනයකි.) එය ඔබට පහසු බවක් ඇති කරමින්, ඔබ බොන්නට පෙර තිබුණාට වඩා අඩු කනස්සලු බවක් ඇති කරමින්, එය ඔබේ කාංසාවේ මට්ටම පහත හෙලන බැවින් හෝ අඩු කරන බැවින් ඔබ තුළ උසස් හැඟීම් ඇති කිරීමට එයට හැක.

2. බොරු. මත්පැන් ප්‍රමාණවත් ව බීමෙන් හෝ සුළු ප්‍රමාණයන් ගැනීමෙන් ශරීරයට කිසියම් බරපතළ අනතුරක් සිදු වන බව පෙනෙන්නට නොමැත. කෙසේ වුවද, දිගු කලක් මෙන් ම අධික ලෙස බීමෙන් හෘදයට, මොළයට, අක්මාවට සහ වෙනත් ඉන්ද්‍රියන්ට හානි සිදු විය හැක.

3. බොරු. අරක්කු හෝ ස්ප්‍රීතු සාමාන්‍යයෙන් ම මුද්‍රික පානයට හෝ බීරවලට වඩා ඉක්මනින් උරාගනියි.

4. බොරු. ඔබ ව අවදි කර තැබීමට කෝපිවලට හැක, එමෙන් ම ඔබ ව තෙමන්නට ඇල් වතුර ස්නානයට හැක, නමුත් ඔබේ අක්මාව මගින් පැයකට මත්පැන් අවුන්ස භාගයක් පමණ ස්වභාවයෙන් වෙනස් කරනු ලබන තුරු මත්පැන් ඔබේ රුධිර ධාරාවේ දිගට ම පවතියි.

5. බොරු. ඔබේ ශරීරයේ බර සහ ඔබ කෑම ගෙන තිබීම හෝ නොතිබීම වැනි සාධක ගණනාවකින් ම, ඔබට මත්පැන් බලපාන අයුරු හොඳ හෝ නරක අතට හැරවිය හැක.

6. බොරු. බේබදුකමෙන් විස්තර කෙරෙන්නේ වුවමනාවට වඩා ගැනීමේ ප්‍රතිඵලයක් ය. මත්පැන් බීම සම්බන්ධයෙන් පාලනයක් නොතිබීම මත්පැනට ඇබ්බැහි වීමේ ලක්ෂණයකි. කෙසේ වුවද, බීමත් වන සියල්ලන් ම මත්පැනට ඇබ්බැහි වූවන් නොවන අතර, මත්පැනට ඇබ්බැහි වූ සියල්ලෝ ම වෙරි වෙන්නේ නැත.

7. සැබෑ ය. මත්පැන් සමඟ මිශ්‍ර කළ විට, මත්පැන්වලින් පමණක් හෝ ඖෂධයෙන් පමණක් අපේක්ෂා කළ සාමාන්‍ය ප්‍රතික්‍රියාවන්, සමහර ඖෂධ මගින් ඉමහත් සේ වැඩි කරයි. උදාහරණයක් ලෙස, මත්පැන් සහ ප්‍රති ශාන්තිකර ඖෂධ හෝ සමනයන් මිශ්‍ර කිරීමෙන් විරමණ ලක්ෂණ [බරපතළ අහිතකර ලක්ෂණයන්], අධිමූර්ඡාව සහ මරණය පවා ඇති විය හැක. මෙබැවින්, ඔබ සිතිය හැකිවාට වඩා එක අඩියක් සමඟ එක බෙහෙත් පෙත්තක් ගැනීමෙන් ඉමහත් බලපෑමක් ඇති වේ. ඇත්තෙන් ම, ඖෂධයේ තිබෙන බලපෑම තෙගුණයකින්, සතර ගුණයකින්, දස ගුණයකින් හෝ ඊටත් වඩා වැඩි ගුණයකින් හෝ වැඩි කරයි!

8. බොරු. ජින්, විස්කි, වොඩ්කා හෝ වෙනයම් දෙයක් වුවත්, බීමත්කම යනු පානය කරනු ලැබූ මුළු මත්පැන් ප්‍රමාණයේ ප්‍රතිඵලයකි.

9. බොරු. අනෙකුත් ආහාර බොහොමයක් ජීරණය විය යුතු ලෙස ම සෙමෙන් ජීරණය වීමේ අවශ්‍යතාවයක් මත්පැන්වලට නැත. ඒ වෙනුවට, සියයට 20ක් පමණ උදරයේ බිත්ති මගින් රුධිර ධාරාවට එකෙණෙහි ම යවයි. ඉතිරිය උදරයෙන් කුඩා අන්ත්‍රයට යන අතර එතැනින් එය රුධිර ධාරාවට උරාගනියි.

[266 සහ 267 පිටුවල ඇති කොටුව]

රිය පැදවීම සහ බීමත්කම—මාරාන්තික මිශ්‍රණයක්

“වයස අවුරුදු 16-24 අතර යෞවන අය සඳහා මරණයේ ප්‍රධාන හේතුව වන්නේ බීමත් ව රිය පැදවීම” බව පවසන්නේ 1984, රිපෝර්ට් ඔන් ද නැෂනල් කොන්ෆරන්ස් ෆොර් යූත් ඔන් ඩ්‍රින්කිං ඇන්ඩ් ඩ්‍රයිවිං ය. සැබවින් ම, “වෙනත් ඕනෑ ම රියදුරෙකුට වඩා යෞවනයෙකුට මත්පැන් සම්බන්ධ වූ අනතුරක් ඇති වීමට ඇති ඉඩකඩ හතර ගුණයකින් වැඩි ය.” (ජස්ට් අලෝං ෆො ද රයිඩ්) මත්පැන්වල බලපෑම ගැන පවතින බොහෝ මිථ්‍යා ප්‍රබන්ධයන් නිසා එවන් අනවශ්‍ය මිනිස් ඝාතන යම් ප්‍රමාණයක් ඇති වේ. එයාකාර නිදසුන් ස්වල්පයක් මෙන්න:

ප්‍රබන්ධයකි: ඔබ බීර වීදුරු දෙක තුනක් පමණක් බී සිටියා නම් රිය පැදවීම අනතුරුදායක නොවේ.

සැබෑවකි: “අවුන්ස 12හේ බීර කෑන් දෙකක ඇති මත්පැන් පැයකටත් වඩා අඩු කාලයකින් පානය කිරීමෙන් පැයට සැතපුම් 55ක් ගමන් කරන්නා වූ වාහනයකට වැඩි පුර අඩි 34ක් ගමන් කිරීමට ඉඩ හරිමින් රියදුරෙකුගේ ප්‍රතික්‍රියාව තත්පරයකින් 2⁄5කින් පමා කළ හැක—එය යන්තමින් බේරීමට හෝ අනතුරක් සිදුවීමට හෝ මඟ පාදන දුර ප්‍රමාණය විය හැක.”—ඩිවෙලොප්මන්ට් ඔෆ් එ ට්‍රැෆික් සේෆ්ටි ඇන්ඩ් ඇල්කොහොල් ප්‍රෝග්‍රෑම් ෆො සීනියර් ඇඩල්ට්ස්, ජේම්ස් එල්. මැල්ෆෙටි Ed.D. සහ ඩාලින් ජේ. වින්ටර් Ph.D.

ප්‍රබන්ධයකි: ඔබට බීමත්කමක් නොදැනෙනවා නම් පමණක් රිය පැදෙව්වාට කමක් නැත.

සැබෑවකි: ඔබට හැඟෙන ආකාරය මත රඳා පැවතීම අනතුරුදායක ය. මත්පැන් බොන්නෙකුගේ හැකියාවන් දුර්වල වී තිබෙන විටත්, තමන් පාලනය කරගෙන සිටිනවා යයි බොන කෙනා තුළ හැඟීමක් ඇති කරමින්, මත්පැන් ශරීර සනීපයේ මුළාවක් ඇති කරයි.

බීමත්කම සහ රිය පැදවීම මිශ්‍ර කිරීම ඕනෑ ම කෙනෙකුට අනතුරුදායක වනවා සේ ම, ඊටත් වඩා යෞවනයන්ට පවා එය අවදානම් ය. “රිය පැදවීම වඩා අලුත් දෙයක් හා එය ඔවුන්ට වඩා පළපුරුද්දක් ඇති දක්ෂතාවයක් නොවන නිසා” බොන යෞවනයන්ගේ ක්‍රියාව “බොන වැඩිහිටියන්ගේ රිය පැදවීමේ ක්‍රියාවට වඩ ඉතා සීඝ්‍රයෙන් නරක අතට හැරේ. කෙටියෙන් කියතොත්, බොහෝ නහඹරයෝ පළපුරුදු නොලත් රියදුරන් සහ අත්දැකීම් නොලත් බොන අය වන අතර, බීමත්කම සහ රිය පැදවීම මිශ්‍ර කරගැනීමෙන් ඊටත් වඩා අත්දැකීම් නොලත් අය වෙති.”—සීනිය ඇඩල්ට්ස්, ට්‍රැෆික් සේෆ්ටි ඇන්ඩ් ඇල්කොහොල් ප්‍රෝග්‍රෑම් ලීඩර්’ස් ගයිඩ්, ඩාලින් ජේ. වින්ටර් Ph.D. විසිනි.

වැඩිහිටියෙකුට වඩා යෞවනයෙකුට වෙරි වීම සඳහා අවශ්‍ය වන්නේ අඩු මත්පැන් ප්‍රමාණයකි. සාමාන්‍යයෙන් ම යෞවනයන් වැඩිහිටියන්ට වඩා බරෙන් අඩු වන අතර පුද්ගලයෙකුගේ බර අඩු වෙන්න අඩු වෙන්න ඔහු බොන මත්පැන් දියාරු කිරීමට ඔහුගේ ශරීරයේ තිබෙන්නේ අඩු දියර ප්‍රමාණයකි. ඔබේ රුධිර ධාරාවේ ඇති මත්පැන්වල සාන්ද්‍රනය වැඩි වන තරමට ම, ඔබ වැඩියෙන් මත්ගතියට පත්වේ.

“නුවණැතියා විපත දුර තියා දැක අයින් වෙයි. එහෙත් අනුවණයා [අත්දැකීම් නොලත් තැනැත්තා NW] කෙළින් ම ඊට ගොදුරු වී දුක් විඳියි.” (හිතෝපදේශ 22:3, නව අනුවාදය) බීමත්කම සහ රිය පැදවීම මිශ්‍ර කරගැනීමේ අනතුරු දන්වා තිබෙන බැවින්, දෙක මිශ්‍ර කර නොගැනීමට ඔබ ඔබට ම පොරොන්දු වන්නේ නම් ඔබ ‘නුවණැත්තෙකි.’ මෙලෙස ඔබ ව අංග විකල වීමෙන්—හෝ මාරාන්තික අන්තරායන්ගෙන් ඔබ ව ම වළක්වා ගැනීමට හැකි වෙනවා පමණක් නොව නමුත් අන්‍යයන්ගේ ජීවිත සඳහා ගෞරවයක් පෙන්වීමට ද ඔබට හැක.

ඔබ තවදුරටත් (1) බීමත් වූ රියදුරෙකු සමඟ කිසිදා මෝටර් රථයකට නොනැගීමට සහ (2) මිතුරෙකු බීමත් ව සිටින්නේ නම් ඔහුට රිය පැදවීමට කිසිදා ඉඩ නොහරින බවට අධිෂ්ඨාන කර ගත යුතු ය. මෙය ඔබේ මිතුරා ව සිත්තැවුලකට පත්කළ හැකි නමුත් ඔහුගේ ප්‍රකෘති සිහියට ඔහු නැවත පැමිණෙන විට ඔබ කළ දෙය ගැන ඔහු අගය කරන්නට ඉඩ තිබේ.—ගීතාවලිය 141:5 සසඳන්න.

[පිටුවෙහි ඇති පින්තූරය]

බීමත් වූ රියදුරෙකු සමඟ කිසිදා මෝටර් රථයකට නොනැගීමට සහ මිතුරෙකු බීමත් ව සිටින්නේ නම් ඔහුට රිය පැදවීමට කිසිදා ඉඩ නොහරින්න

[262 පිටුවෙහි ඇති පින්තූර]

තුල්‍යයන්, රූපවාහිනිය සහ සමහර විට දෙමව්පියන් පවා යෞවනයන්ට බීම පටන් ගැනීමට බලපෑම් කළ හැක

[265 පිටුවෙහි ඇති පින්තූර]

මත්පැන් වැරදි ලෙස භාවිතා කළ විට ‘සර්පයෙකු මෙන් දෂ්ට’ කළ හැක

[269 පිටුවෙහි ඇති පින්තූර]

බීමත්කම සහ රිය පැදවීම බොහෝ විට මඟ පාදන්නේ මෙවැන්නකට ය

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න