ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yp 27 පරි. 212-216 පි.
  • අවංකකම—එය සැබවින් ම හොඳ ම ප්‍රතිපත්තිය ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අවංකකම—එය සැබවින් ම හොඳ ම ප්‍රතිපත්තිය ද?
  • යෞවනයන් අසන න—ක්‍රියාවට නැගිය හැකි තුරු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බොරු කීම—ඉන් ප්‍රයෝජනයක් නැති වීමට හේතුව
  • බොරු කීම සහ ඔබේ හෘදය සාක්ෂිය
  • බොරු කීම දෙස දෙවියන් වහන්සේ බලන අයුරු
  • “අවංක හෘදය සාක්ෂියක්” වර්ධනය කර ගැනීම
  • කොපි කිරීමේ ඇති වරද මොකක්ද?
    2003 පිබිදෙව්!
  • වැඩි ලකුණු ගන්න වංචා කළාට කමක් නැද්ද?
    2012 පිබිදෙව්!
  • සෑමවිටම අවංකව කටයුතු කරමු
    “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”
  • බොරු කීමට මෙතරම් පහසු ඇයි?
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
යෞවනයන් අසන න—ක්‍රියාවට නැගිය හැකි තුරු
yp 27 පරි. 212-216 පි.

පරිච්ඡේද 27

අවංකකම—එය සැබවින් ම හොඳ ම ප්‍රතිපත්තිය ද?

ඔබ කවදා හෝ බොරු කීමට පෙලඹී තිබේ ද? තම කාමරය පිරිසිදු කළ බව ඩොනල්ඩ් තම මවට පැවසූ නමුත්, එහි සැබෑව වූයේ, ඔහු සියල්ල ඇඳ යටට විසි කර තිබීම ය. රිචඩ් තම දෙමව්පියන් ව රැවටීමට එවැනි ම නුසුදුසු ප්‍රයත්නයක් දැරුවේ ය. ඔහුට අසමත්වීමේ ලකුණු ලැබුණේ ඔහු පාඩම් නොකළ නිසා නොව නමුත් ‘ඔහු තම ගුරුවරයා සමඟ හොඳින් පෑහි නොසිටි’ නිසා යයි ඔහු ඔවුනට පැවසුවේ ය.

දෙමව්පියන්ට සහ වෙනත් වැඩිහිටියන්ට පහසුවෙන් අසුවන එවන් උපක්‍රම යොදන්නන් තේරුම් ගැනීමට සාමාන්‍යයෙන් පුළුවන. එහෙත් එමගින්, බොහෝ යෞවනයෝ වාසිදායක යයි පෙනෙන්නට තිබෙන විට අඩු තරමින්, බොරු කීමට, සත්‍ය වෙනස් කිරීමට හෝ කෙළින් ම වංචා කිරීමට, උත්සාහ දැරීම එමගින් නවතන්නේ නැත. එක් දෙයක් වන්නේ, දෙමව්පියන් අර්බුදයන් ඇති වන විට සැමවිට ම සන්සුන් ව ප්‍රතික්‍රියා නොකිරීම ය. තව ද ඔබට පැමිණීමට නියමිත ව තිබුණු වේලාවට වඩා ඔබ පැය දෙකක් ප්‍රමාද වී පැමිණ සිටින විට, ඔබට හුදෙක් වේලාව අමතක වූවා යන ව්‍යාකූලත්වයට පත් කරන සත්‍යය ඔබේ දෙමව්පියන්ට පවසනවාට වඩා, මහ මාර්ගයේ විශාල අනතුරක් සිදු වී තිබුණා යයි පැවසීමට පෙලඹීමක් ඇති විය හැකි බව පෙනෙන්නට තිබේ.

අවංකකම කෙරෙහි වෙනත් අභියෝගයක් ඉදිරිපත් කිරීමට පාසලට හැක. පමණට වඩා ගෙදර වැඩ තිබෙන බව ශිෂ්‍යයින්ට බොහෝ විට හැඟේ. අනුකම්පා රහිත වංචා සහගත තරඟ බොහෝ විට පවතියි. මන්ද, එක්සත් ජනපදයේ, සියලු ශිෂ්‍යයින්ගෙන් අඩකට වඩා වංචා කරන බව හෝ වංචා කර තිබෙන බව සමීක්ෂණයන් පෙන්නුම් කරයි. එහෙත් බොරුවක් සිත් ඇදගන්නේ යයි පෙනෙන්නට තිබිය හැකි වුවත්, වංචා කිරීම පහසුවෙන් බේරීමට මාර්ගයක් වුවත්, වංක වීමට එය සැබවින් ම හොඳ ම ප්‍රතිපත්තිය වේ ද?

බොරු කීම—ඉන් ප්‍රයෝජනයක් නැති වීමට හේතුව

දඬුවමෙන් බේරීමට බොරු කීම එම අවස්ථාවේ දී වාසිදායක යයි පෙනෙන්නට තිබිය හැක. එහෙත් බයිබලය මෙසේ අනතුරු අඟවයි: “මුසාවාද නික්මවන්නා නිදහස් නොවන්නේය.” (හිතෝපදේශ 19:5) බොහෝ දුරට සිදුවන දේ නම් බොරුව අනාවරණය වීමත් කෙසේ හෝ දඬුවම නියම වීමත් ය. එවිට ඔබේ දෙමව්පියන් කෝපයට පත්වනු ඇත්තේ ඔබේ මුල් පාපය නිසා පමණක් නොව නමුත් ඔබ ඔවුනට බොරු කියූ නිසාත් ය!

පාසලේ දී වංචා කිරීම ගැන කුමක් කිව හැකි ද? විශ්ව විද්‍යාල අධිකරණ වැඩසටහන්වල අධ්‍යක්ෂකයෙක් මෙසේ පවසයි: “අධ්‍යයන කටයුතුවල දී වංකකමේ ක්‍රියාවක් කරන ඕනෑ ම ශිෂ්‍යයෙකු අනාගත අධ්‍යාපනයට සහ වෘත්තීය ප්‍රස්තාවනට අනතුරු කිරීමේ බරපතළ අවදානමක සිටිනු ඇත.”

බොහෝ දෙනෙකු එයාකාරයට කර බේරී සිටින බව සත්‍යයකි. වංචා කිරීමෙන් ඔබට එම සමත්වීමේ ලකුණු හොඳින් ලබා ගත හැකි නමුත් දිගු-කාලීන ප්‍රතිඵල මොනවා ද? පිහිනීමේ පංතියක දී සමත්වීමට වංචා කිරීම අනුවණ දෙයක් බව නිසැක ව ම ඔබ එකඟ වනු ඇත. කෙසේ වුවත්, අන් සියලු දෙනා ම වතුරේ විනෝද වන විට ගොඩ බිමේ සිටීමට කැමති වන්නේ කවුද! තව ද ඔබ ව පිහිණුම් තටාකයකට තල්ලු කරනු ලැබුවේ නම්, ඔබේ වංචා කිරීමේ පුරුදු ඔබ ව ගිලෙන්නට සැලැස්විය හැක!

එහෙත් ගණිතය හෝ කියවීම සම්බන්ධයෙන් වංචා කිරීම ගැන කුමක් කිව හැකි ද? ප්‍රථමයෙන් ම ප්‍රතිඵල මුළුමනින් ම පැහැදිලි ව පෙනෙන්නට නොතිබිය හැකි බව සත්‍යයකි. කෙසේ වුවද, ඔබ මූලික අධ්‍යයන කුසලතා වර්ධනය කරගෙන නැත්නම්, ඔබට ම රැකියාවක් සොයා ගැනීම “අපහසු” බව ඔබට දැනිය හැක! තව ද වංචා කිරීම මගින් ලබා ගත් ඩිප්ලෝමාව වැඩි ජීවිත ආරක්ෂාවක් වන්නේ නැත. බයිබලය පවසන්නේ මෙසේ ය: “වංචාවෙන් පොහොසත් වන මිනිසාගේ වස්තුව මීදුමක් මෙන් පහව යයි.” (හිතෝපදේශ 21:​6, නව අනුවාදය) බොරුවක් මගින් ගෙනා හැකි ඕනෑ ම වාසියක් මීදුමක් මෙන් කෙටි-කාලීන ය. බොරු කියා පාසලේ වංචා කරමින් ඉන්නවාට වඩා, සම්පූර්ණ අවධානය යොමු කර ඉගෙන ගැනීම කෙතරම් යහපත් ද! “හිතාමතා, ක්‍රියාශීලී ව වැඩ කරන මිනිසාට සමෘද්ධිය නියත ය;” යයි හිතෝපදේශ 21:5 [නව අනුවාදය] පවසයි.

බොරු කීම සහ ඔබේ හෘදය සාක්ෂිය

ප්‍රවේසමෙන් ආරක්ෂා කරන ලද සෙල්ලම් බඩුවක් කැඩීම ගැන යෞවනියක වූ මිෂෙල් තම සොහොයුරාට බොරුවට චෝදනා නැගූ නමුත් තම බොරුව ගැන තම දෙමව්පියන්ට කියා සිටිය යුතු යයි ඇයට පසු ව හැඟුණි. “බොහෝ වෙලාවට මට සැබවින් ම අපහසුතාවයක් දැනුණා,” යයි මිෂෙල් පැහැදිලි කළා ය. “මගේ දෙමව්පියන් මා තුළ විශ්වාසයක් තබා සිටියත් මං ඔවුන් ව අධෛර්යයට පත් කළා.” දෙවියන් වහන්සේ විසින් මනුෂ්‍යයා තුළ හෘදය සාක්ෂියේ ක්‍රියාවලිය තබා තිබෙන්නේ කෙසේ දැයි මෙය හොඳින් පෙන්නුම් කරයි. (රෝම 2:​14, 15) වරද කළ බවට හැඟීමෙන් මිෂෙල්ගේ හෘදය සාක්ෂිය ඇයට වද දුණි.

සැබවින් ම, පුද්ගලයෙකු විසින් තම හෘදය සාක්ෂිය නොසලකා හැරීමට තෝරා ගත හැක. එහෙත් ඔහු වැඩියෙන් බොරු කියන තරමට ම, ඔහු වරදට සංවේදී නොවන (වරද ගණන් නොගන්නා) තත්ත්වයට පත් වේ—‘හංවඩු ගසන ලද හෘදය සාක්ෂියක් ඔහුට තිබේ.’ (1 තිමෝති 4:2) ඔබට ඇත්තෙන් ම වුවමනා වන්නේ නසන ලද හෘදය සාක්ෂියක් තිබීම ද?

බොරු කීම දෙස දෙවියන් වහන්සේ බලන අයුරු

“ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW ] තේටව්ෂකරන” දේවලින් එකක් ව තිබුණේ හා තිබෙන්නේ “බොරුකාර දිවය.” (හිතෝපදේශ 6:​16, 17) සියල්ල සලකා බලන කල, “බොරුවේ පියා,” යක්ෂයා වන සාතන් ම ය. (යොහන් 8:44) තව ද බයිබලය බොරු සහ සුළු බොරු වශයෙන් වෙන් කිරීමක් නොකරයි. “සැබෑවෙන් කිසි බොරුවක් හට නොගනියි.”—1 යොහන් 2:21.

මෙබැවින් දෙවියන් වහන්සේගේ මිත්‍රයෙකු වීමට වුවමනා ඕනෑ ම කෙනෙකු සඳහා ප්‍රතිපත්තිය අවංකකමයි. 15වන ගීතාවලිය මෙසේ අසයි: “ස්වාමිනි, [යෙහෝවඃ වහන්ස NW ] ඔබගේ මණ්ඩපයෙහි සිටින්නේ කවුද? ඔබගේ පිරිසිදු කන්දේ වසන්නේ කවුද?” (1වන පදය) අපි ඊළඟ පද හතරෙහි දී ඇති පිළිතුර සලකා බලමු:

“අවංකලෙස හැසිරෙන්නාවූ, ධර්මිෂ්ඨකම් කරන්නාවූ, සිතින් [හෘදයෙන් NW ] සැබෑව කියන්නාවූ තැනැත්තේය.” (2වන පදය) සාප්පුවෙන් බඩු හොරකම් කරන කෙනෙකු හෝ වංචාකාරයෙකු ඉන් හඟවයි ද? එම තැනැත්තා තම දෙමව්පියන්ට බොරු කියන හෝ තමාගේ සැබෑ තත්ත්වය වසා වෙනස් කෙනෙකු යයි පෙන්නුම් කරන කෙනෙක් ද? විය නොහැක! එබැවින් දෙවියන් වහන්සේගේ මිත්‍රයෙකු වීමට ඔබට වුවමනා නම්, ඔබේ ක්‍රියාවලින් පමණක් නොව ඔබේ හෘදයෙන් ද ඔබ අවංක වීමට අවශ්‍යයි.

“ ඔහු තමාගේ දිවෙන් කේලාම් [ද්වේෂසහගත දේ NW ] නොකියයි, තමාගේ මිත්‍රයාට නපුර නොකරයි, තමාගේ අසල්වාසියාට විරුත්ටධව නින්දා බසක් පතළ නොකරයි.” (3වන පදය) වෙනත් කෙනෙකු ගැන අකරුණාවන්ත, හෙලා දකින ප්‍රකාශයන් කරන යෞවනයන්ගේ කණ්ඩායමක් සමඟ සිටීමට ඔබ කවදා හෝ ඔබට ම ඉඩ හැර තිබේ ද? එවන් කථාවල දී සහභාගි වීම ප්‍රතික්ෂේප කිරීමට අධිෂ්ඨාන ශක්තියේ බලය වර්ධනය කරගන්න!

“ අසත්පුරුෂයා ඔහුගේ ඇසට පිළිකුල්ව පෙනෙයි; නුමුත් ඔහු ස්වාමීන් [යෙහෝවඃ වහන්සේ NW ] කෙරෙහි භය ඇත්තන්ට ගෞරවකරයි. තමාට අලාභ පැමිණෙන දිවුරුමක් කළ නුමුත් එය වෙනස් නොකරයි.” (4වන පදය) බොරු කියන, වංචා කරන, හෝ දුරාචාර ක්‍රියා ගැන පාරට්ටු කරන ඕනෑ ම යෞවනයෙකු මිතුරෙකු කර ගැනීම ප්‍රතික්ෂේප කරන්න; ඔබත් එසේ ම කරයි කියා ඔවුන් අපේක්ෂා කරනු ඇත. බොබී නම් යෞවනයා නිරීක්ෂණය කළේ මේ ආකාරයට ය: “ඔබ සමඟ එකතු වී බොරු කියන මිත්‍රයෙකු ඔබ ව කරදරයට පත් කරනු ඇත. ඔහු ඔබට විශ්වාසය තැබිය හැකි මිත්‍රයෙකු නොවේ.” අවංකකමේ ප්‍රමිති ගරු කරන මිත්‍රයන් සොයා ගන්න.—ගීතාවලිය 26:​4 සසඳන්න.

තම වචනය අනුව ක්‍රියා කරන අය ව යෙහෝවඃ වහන්සේ අගය කරන බවත්, නැතහොත් “ගරු කරන,” බවත් ඔබ දුටුවෙහි ද? මේ සෙනසුරාදා නිවසේ කටයුතුවලට උදව් කිරීමට සමහර විට ඔබ පොරොන්දු වෙන්න ඇති, නමුත් දැන්, එම දහවල් වරුවේ පන්දු ක්‍රීඩාවක් සඳහා ඔබට ආරාධනයක් ලැබී තිබේ. ඔබේ වචනය සැහැල්ලුවට සලකා, වැඩ කොටස ඉටු කිරීමට ඔබේ දෙමව්පියන්ට ඉඩ හැර ඔබේ මිත්‍රයන් සමඟ යනවා ද නැතහොත් ඔබේ වචනයට අනුව ඔබ ක්‍රියා කරනවා ද?

“ ඔහු මුදල් පොළියට නොදෙයි, නිර්දෝෂයාට විරුත්ටධව අල්ලස්ද නොගනියි. මෙසේ කරන තැනැත්තේ කිසි කලෙකත් නොසෙල්වන්නේය.” (5වන පදය) වංචා කිරීමට හා වංකකමට, කෑදරකම විශාල හේතුවක් වන බව සත්‍යයක් නොවේ ද? විභාගවල දී වංචා කරන ශිෂ්‍යයෝ තමන් පාඩම් නොකළ ශ්‍රේණි සඳහා කෑදර වෙති. අල්ලස් ගන්නා වූ ජනයා යුක්තියට වඩා මුදල් අගය කරති.

සමහරෙකු තමන් කැමති ආකාරයට ජීවත්වීමට අවංකකමේ නීති වෙනස් කරන දේශපාලනික හා ව්‍යාපාරික නායකයන් ගැන පෙන්නුම් කරන බව සත්‍යයකි. එහෙත් එවන් පුද්ගලයන්ගේ සාර්ථකත්වය කෙතරම් ස්ථිර ද? ගීතාවලිය 37:2 පිළිතුරු දෙන්නේ මෙසේ ය: “ඔව්හු තෘණ මෙන් වහාම කපනු ලබන්නෝය, නිල් පලා මෙන් වියළෙන්නෝය.” අන්‍යයන් විසින් අල්ලා ගත්තේ නැත්නම් හා අපකීර්තියට පත් නොවූයේ නම්, අවසානයේ දී යෙහෝවඃ දෙවියන් වහන්සේගේ විනිශ්චයට ඔවුහු මුහුණ දෙති. කෙසේ වුවද, දෙවියන් වහන්සේගේ මිත්‍රයන්, “කිසි කලෙකත් නොසෙල්වන්නේය.” ඔවුන්ගේ සදාකාල අනාගතය සහතික කර තිබේ.

“අවංක හෘදය සාක්ෂියක්” වර්ධනය කර ගැනීම

එසේ නම්, ඕනෑ ම ආකාරයක බොරු කීමකින් වැළකීමට බලවත් හේතුවක් නොතිබේ ද? ප්‍රේරිත පාවුල් ඔහු ගැන ම සහ ඔහුගේ මිත්‍රයන් ගැන මෙසේ පැවසුවේ ය: “අපට අවංක හෘදය සාක්ෂියක් තිබෙන බව අපි විශ්වාස කරමුව.” (හෙබ්‍රෙව් 13:​18, NW ) එලෙස ම ඔබේ හෘදය සාක්ෂිය අසත්‍යයට සංවේදී ද? එසේ නොවේ නම්, බයිබලය මෙන් ම මුරටැඹ සහ පිබිදෙව්! වැනි බයිබලය මත පදනම් පොත් පත් ද අධ්‍යයනය කිරීමෙන් එය පුහුණු කරන්න.

යෞවන බොබී හොඳ ප්‍රතිඵල ඇතුව එසේ කර තිබේ. බොරු රැසක් කියා ගැටලු වසා නොදැමීමට ඔහු ඉගෙන ගෙන තිබේ. තම දෙමව්පියන් වෙත එළැඹී අවංක ව ම කාරණා සාකච්ඡා කිරීමට ඔහුගේ හෘදය සාක්ෂිය ඔහු ව පොලඹවයි. ඇතැම් විට මෙය ඔහුට හික්ම වීම ලැබීමේ ප්‍රතිඵලයක් වී තිබේ. කෙසේ නමුත්, අවංක ව සිටීමෙන් ඔහුට ‘ඇතුළාන්තයේ වඩා යහපත් බවක් හැඟෙන’ බව ඔහු පිළිගනියි.

සැබෑව කථා කිරීම සැමවිට ම පහසු දෙයක් නොවේ. එහෙත් සැබෑව කථා කිරීමට තීරණයක් ගන්නා වූ තැනැත්තා යහපත් හෘදය සාක්ෂියක්, තම මිත්‍රයන් සමඟ යහපත් සබඳතාවයක් සහ සියල්ලට ම වඩා, දෙවියන් වහන්සේගේ ගෘහයේ “ආගන්තුකයෙකු” වීමේ වරප්‍රසාදය පවත්වා ගනු ඇත! එසේ නම්, අවංකකම, හොඳ ම ප්‍රතිපත්තිය පමණක් නොව, සියලු ක්‍රිස්තියානින්ට එය හරි ප්‍රතිපත්තිය ද වේ.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

◻ බොරු කීමට පෙලඹේ යයි පෙනෙන්නට තිබිය හැකි සමහර අවස්ථාවන් කවරේ ද?

◻ බොරු කීමෙන් හෝ වංචා කිරීමෙන් ප්‍රයෝජනයක් නොවන්නේ මන්ද? පුද්ගලික නිරීක්ෂණය හෝ අත්දැකීම මගින් ඔබට මෙය පෙන්නුම් කළ හැකි ද?

◻ බොරු කියන්නෙක් තම හෘදය සාක්ෂියට අනතුරු කර ගන්නේ කෙසේ ද?

◻ ගීතාවලිය 15 කියවන්න. අවංකකමේ ප්‍රශ්නයට එහි පද අදාළ වන්නේ කෙසේ ද?

◻ යෞවනයෙකුට අවංක හෘදය සාක්ෂියක් වර්ධනය කරගත හැක්කේ කෙසේ ද?

[212 පිටුවෙහි හුවා දැක්වීම]

‘ අධ්‍යයන කටයුතුවල දී වංකකමේ ක්‍රියාවක් කරන ඕනෑ ම ශිෂ්‍යයෙකු අනාගත ප්‍රස්තාවනට අනතුරු කිරීමේ බරපතළ අවදානමක සිටිනු ඇත’

[216 පිටුවෙහි හුවා දැක්වීම]

බයිබලය බොරු සහ සුළු බොරු වශයෙන් වෙන් කිරීමක් කරන්නේ නැත

[214 පිටුවෙහි ඇති පින්තූර]

අකීකරුකම පැහැදිලි කිරීමට ගන්නා ඒත්තු ගැන්විය නොහැකි උත්සාහයන් දෙමව්පියන් විසින් සාමාන්‍යයෙන් ම වටහා ගනු ඇත

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න