පරිච්ඡේද 24
පූර්ව විවාහ ලිංගික ඇසුරට නැත යයි පැවසීමට මට හැක්කේ කෙසේ ද?
රට [එ.ජ.] පුරා ’ටීන් සඟරාව මගින් කරන ලද සමීක්ෂණයකින් හෙළි කරනු ලැබුවේ, එය කියවන යෞවනයන්ගෙන් බොහෝ දෙනෙකු හට “ලිංගික පීඩනයට නැත යයි පවසන්නේ කෙසේ ද,” යන ප්රශ්නය සම්බන්ධයෙන් පිළිතුරු වුවමනා වූ බව ය.
ගීතාවලිය 119:9 හි, ගීතිකාකරු එවැනි ම ප්‍රශ්නයක් ඉදිරිපත් කළේ ය: “තරුණයෙක් [හෝ තරුණියක්] තමාගේ මාර්ගය පවිත්‍ර කරගන්නේ කුමකින්ද?” පිළිතුර: “ඔබගේ [දෙවියන් වහන්සේගේ] වචනය ප්‍රකාර පැවැත්මෙනි.” එහෙත් පොතපතින් ලබන දැනුමට වඩා දෙයක් අවශ්‍ය ය. “දුරාචාර ලිංගික සංවාසය ගැන බයිබලයේ පවසන දෙය ඔබ ඔබේ මනසෙන් දන්නෙහි ය. නමුත් ඔබේ හෘදය මෙම හේතුන් ඔබේ මනසේ පිටුපස්සට තල්ලු කරමින් සිටී,” යයි එක් යෞවන ස්ත්‍රියක් පාපෝච්චාරණය කළා ය. යෝග්‍ය ලෙස, ගීතිකාකරු තවදුරටත් මෙසේ පැවසුවේ ය: “ඔබට විරුද්ධව පව් නොකරන පිණිස ඔබගේ වචනය මාගේ සිතේ [හෘදයේ NW ] නිධාන කරගතිමි.”—ගීතාවලිය 119:11.
හෘදය ආරක්ෂා කර ගන්න
දෙවියන් වහන්සේගේ කියමන් ඔබේ හෘදයේ නිදන්ගත කර ගැනීම සඳහා පළමු ව ඔබ ශුද්ධ ලියවිලි සහ බයිබලය මත පදනම් පොත්පත් කියවීම හා අධ්‍යයනය කිරීම අවශ්‍ය ය. දෙවියන් වහන්සේගේ නීතිවල වටිනාකම ඒත්තු ගැන්වීමට ඔබට උපකාරවත් වීමට මෙයට හැක. අනෙක් අතට, ලිංගික හැඟීම් අවුස්සන දෑ කියවීමෙන්, සවන් දීමෙන් හෝ බැලීමෙන් “ලිංගික ආශාවන්” වැඩි දියුණු කරයි. (කොලොස්සි 3:5) එබැවින් එවන් දේවල් තදින් ම මඟ හරින්න! ඒ වෙනුවට නිර්මල හා පවිත්‍ර දෑ කෙරෙහි සිත දැඩි සේ යොමු කරන්න.
කෙනෙකු නිර්මල ව සිටින්නේ ද යන්න මත මහත් බලපෑමක් ඇති කිරීමට යමෙකුගේ කිට්ටු මිතුරන්ට හැකි බව පර්යේෂණයන් තවදුරටත් පෙන්නුම් කර ඇත. ගීතිකාකරු මෙසේ පැවසී ය: “මම ඔබ [දෙවියන් වහන්සේ] කෙරෙහි භය ඇති සියල්ලන්ගේද ඔබගේ නියෝග පවත්වන්නන්ගේද සමාගම්කාරයෙක්මි.”—ගීතාවලිය 119:63.
ඔබේ මිතුරන් සැබවින් ම ‘දෙවියන් වහන්සේගේ අණ පනත්’ පැවැත්වීමට වෑයම් කරමින් සිටින අය ද? යෞවන ස්ත්‍රියක වූ ජොඇනා මිතුරන් තෝරා ගැනීම සම්බන්ධයෙන් මෙම නිරීක්ෂණය කරන්නී ය: “යෙහෝවඃ වහන්සේට ප්‍රේම කරන අය අතරෙහි ඔබ සිටින්නේ නම්, ඔබ සදාචාරයන් ගැන කථා කරන විට, ඔවුන් සිතන ආකාරයට ම ඔබටත් සිතෙන බව ඔබ දැනගනියි. උදාහරණයක් වශයෙන්, දුරාචාරය පිළිකුල් දෙයක් යයි ඔවුන් පවසනවා ඔබට ඇසේ නම්, ඔබටත් එලෙස ම හැඟෙන්නට පටන් ගනියි. අනෙක් අතට, සැලකිලිමත් නොවන යමෙකු සමඟ ඔබ සිටින්නේ නම්, ඉතා විගස ඔබ ඔහු වාගේ ම වනු ඇත.”—හිතෝපදේශ 13:20.
කෙසේ වුවද, විරුද්ධ ලිංගයේ අය සමඟ හුදකලා ඇසුරේ දී හා පූර්ව විවාහ ඇසුරේ දී, බොහෝ විට නිර්මල ව සිටීමට ඉමහත් අභියෝගයක් ඉදිරිපත් වේ. රොබට් සොරෙන්සන් විසින් රට පුරා කරන ලද අධ්‍යයනයක් ගැන සලකා බලන්න. ලිංගික සබඳතා පැවැත් වූ යෞවන පිරිමින්ගෙන් සියයට 56ක් සහ ස්ත්‍රීන්ගෙන් සියයට 82ක් පළමු වතාවට එසේ කළේ ස්ථිරත්වයක් තබා තිබුණු කෙනෙකු—නැතහොත් අඩු ම තරමින් හොඳින් දැන සිටි හා බෙහෙවින් ප්‍රිය කළ කෙනෙකු—සමඟ බව ඔහු සමීක්ෂණයේ දී සොයා ගත්තේ ය. එසේ නම්, විවාහය ලුහුබැඳීමට සහ විරුද්ධ ලිංගයේ කෙනෙකු සමඟ ඇසුරක යෙදීමට ඔබ සුදුසු වයසක සිටිනවා නම්, කුමක් කිව හැකි ද? තවදුරටත් නිර්මල ව සිටින අතර ම එම පුද්ගලයා ව වඩා හොඳින් දැන හඳුනා ගැනීමට ඔබට හැක්කේ කෙසේ ද?
පූර්ව විවාහ ඇසුරේ දී බොරු වළවල්වලින් වැළකීම
බයිබලය මෙසේ අනතුරු අඟවයි: “සියල්ලට වඩා හදවත රැවටිලිකාරව හා බලාපොරොත්තු රහිත තත්ත්වයක තිබේ; එය තේරුම්ගත හැක්කේ කාට ද?” (යෙරෙමියා 17:9, බයිංටන්) විරුද්ධ ලිංගයේ කෙනෙකු කෙරෙහි සම්පූර්ණයෙන් ම සාමාන්‍ය සිත් ඇදගැනීමක් කෙනෙකුට හැඟෙන්නට පුළුවන. එහෙත් ඔබ එකිනෙකා අතරෙහි වැඩියෙන් ගැවසෙන විට, සිත් ඇදගැනීම වඩා වැඩි වේ. තව ද මෙම සාමාන්‍ය ආශාවට ඔබේ හෘදය අයාලේ යැවීමට හැක. “නපුරු සිතිවිලි, . . . වේශ්‍යාකම් . . . සිතින් [හෘදයෙන් NW ] නික්මෙන්නේය,” කියා යේසුස් වහන්සේ පැවසූ සේක.—මතෙව් 15:19.
බොහෝ විට යෞවන යුවළක් ලිංගික සම්බන්ධකම් පැවැත්වීමට සැලසුම් කරන්නේ නැත.a බොහෝ අවස්ථාවල දී, මෙය හට ගත්තේ රහස්‍ය ශරීර කොටස් අවුස්සන ආකාරයෙන් ස්පර්ශ කිරීමෙන් හෝ අධික සේ ආදරය දැක්වීමේ හවුල් වී සිටි නිසා ය. එක් අවිවාහක මවක් මෙසේ පාපොච්චාරණය කළා ය: “මට හා මා දන්නා ළමුන්ගෙන් වැඩි දෙනෙකුට, සෑම අවස්ථාවක දී ම අප පෙරට, හුදෙක් ස්වල්පයක් ඉදිරියට යෑමක් වූ අතර, අවසානයේ දී ඔබ තවදුරටත් කන්‍යාවක් නොවන්නේ ය. ඔබ ස්වල්ප වශයෙන් ආදරය කිරීමට පටන් ගන්නා අතර සිදු වෙමින් තිබෙන්නේ කුමක් දැයි ඔබට වැටහීමට පෙර, ඔබට නැවැත්විය නොහැක.”
ඔබ ලිංගික දුරාචාරයට වැටීමෙන් වැළකීම සඳහා ඔබ ව මෙහෙය වීමට ඔබේ හෘදයට ඉඩ දෙනවාට වඩා ඔබ එය මෙහෙය විය යුතුයි. (හිතෝපදේශ 23:19) ඔබට මෙය කළ හැක්කේ කෙසේ ද?
සීමාවන් තබන්න: සිප ගැනීමට හා ආදරය දැක්වීමට මුල පිරීම, තම පෙම්වතිය ඔහුගෙන් අපේක්ෂා කරනවා කියා යෞවන පුරුෂයෙකු සිතිය හැකි නමුත් සැබෑ තත්ත්වයේ දී ඈ එසේ නොකරනවා විය හැක. “උඩඟුකමෙන් තරඟය අටගන්නවා පමණක්ය; එහෙත් දැනමුතුකම පිළිගන්නන් වෙත ප්‍රඥාව තිබේ.” (හිතෝපදේශ 13:10) එබැවින් ඔබ විරුද්ධ ලිංගයේ කෙනෙකු සමඟ ස්ථිර ලෙස ඇසුරු කරනවා නම්, “එකිනෙකා සමඟ කථා කරගැනීම,” මගින් කාරණය ගැන ඔබට හැඟෙන්නේ කෙසේ දැයි අනෙක් තැනැත්තාට දැනගැනීමට ඉඩ හරින්න. ආදරය දැක්වීම් කෙරෙහි ඥානවන්ත ලෙස සීමාවන් තබා ගන්න. ඒ අතරේ ම, අස්ථිර ඇඟවීම් නොදෙන්න. හිර වූ, එතරම් වැස්මක් නැති, ලිංගික හැඟීම් අවුස්සන ඇඳුම් ඇඳීමෙන් ඔබේ සහකරුවාට වැරදි පණිවුඩයක් දිය හැක.
පරීක්ෂාවට ලක් වෙන තත්ත්වයන් වළක්වන්න: කඳුකරයේ හුදෙකලා ස්ථානයකට තමා සමඟ දිගු ගමනක් යෑමට තම පෙම්වතා විසින් ආරාධනා කරනු ලැබූ යොවුන් කන්‍යාවක් ගැන බයිබලය පවසයි. ඔහුගේ චේතනාව? එවිට වසන්ත සමයේ මුල් අවධියේ සුන්දරත්වයේ ප්‍රීතිය භුක්ති විඳින්නට ඔවුනට හැකි වේ ය යන්න ය. කෙසේ වුවද, සැලසුම් කරන ලද විනෝද ගමන ගැන ගැහැණු ළමයාගේ සහෝදරයෝ දැනගත් අතර තරහෙන් යුක්ත ව එය නැවැත් වූහ. එසේ කළේ ඇය දුරාචාරයට නැඹුරු ව සිටි බව ඔවුනට හැඟුණු හෙයින් ද? කොහෙත් ම නැත! එහෙත් එවන් තත්ත්වයන් යටතේ පරීක්ෂාවට වැටීමට ඇති බලය ඔවුහු හොඳින් දැන සිටියහ. (සාලමොන්ගේ ගීතිකාව 1:6; 2:8-15) එලෙස ම, ඔබ ඇසුරු කරන විරුද්ධ ලිංගයේ කෙනෙකු සමඟ නිවසේ, නවාතැනේ හෝ නවතා ඇති රථ වාහනයක තනි ව ම සිටීම වැනි, පරීක්ෂාවට මඟ පාදන තත්ත්වයන් ඔබ විසින් වැළැක්විය යුතුයි.
ඔබේ සීමාවන් දැනගෙන සිටින්න: අන් අවස්ථාවන්ට වඩා වැඩියෙන් ලිංගික පෙලඹීම්වලින් වඩා අනාවරණය විය හැකි අවස්ථාවන් තිබේ. උදාහරණයක් ලෙස, යම් පුද්ගලික අසමත්වීමක් නිසා හෝ ඔබේ දෙමව්පියන් සමඟ එකඟ නොවීමක් නිසා හෝ ඔබ අධෛර්යයට පත් වී සිටිය හැක. කාරණය කුමක් වුවත්, එවන් අවස්ථාවල දී ඔබට විශේෂයෙන් ම පරීක්ෂාකාරී වීමට සිදුවනු ඇත. (හිතෝපදේශ 24:10) එමෙන් ම, මත්පැන් භාවිතය ගැන ද ප්‍රවේසම් වන්න. මේවායෙහි බලපෑම යටතේ, විරුද්ධ වීමට ඔබට තිබෙන හැකියාව නැති වී යා හැක. “මුද්‍රිකපානයද මිදියුසද නිසා සිහිය පහවයන්නේය.”—හොෂෙයා 4:11.
නැත යයි පවසා ඒ අනුව ක්‍රියා කරන්න: චිත්ත වේගයන් උත්සන්න වෙන විට හා අනතුරුදායක ලෙස තමන් කුළුපග වන බව ඔවුනට හැඟෙන විට යුවළකට කුමක් කළ හැකි ද? එම චිත්ත ස්වභාවය මැඩපවත්වන යමක් කීමට හෝ කිරීමට ඔවුන්ගෙන් එක් අයෙකුට සිදුවේ. ඩෙබ්රා තම පෙම්වතා සමඟ තනි ව ම මෝටර් රථයේ සිටි අතර ඔහු “කථා කිරීම,” සඳහා හුදෙකලා ස්ථානයක එය නැවැත් විය. චිත්ත වේගයන් උත්සන්න වීමට පටන් ගත් විට, ඩෙබ්රා තම පෙම්වතාට මෙසේ පැවසුවා ය: “මෙය පමණට වඩා ප්‍රේමයෙන් වැළඳ ගැනීමක් නෙවෙයි ද? අප නැවැත්විය යුතුයි නේද?” එමගින් චිත්ත ස්වභාවය මැඩ පැවැත්විය. ඔහු විගස ඇය ව ගෙදර ඇරලුවේ ය. මෙම තත්ත්වයන් යටතේ නැත යයි පැවසීම ඔබට කිරීමට සිදු වූවා වූ දුෂ්කර ම දෙය වන්නට පුළුවන. එහෙත් ලිංගික ඇසුරට ඉඩ දුන් එක් 20-හැවිරිදි ස්ත්‍රියක පැවසුවේ මේ ආකාරයට ය: “ඔබ ඉන් ඉවත් ව නොගියහොත්, ඔබට කනගාටු වීමට සිදු වනු ඇත!”
තනියට කෙනෙකු ඇතුව සිටින්න: සමහරෙකු යල්-පැන්න දෙයක් ලෙස සැලකුවත්, විරුද්ධ ලිංගයේ කෙනෙකු සමඟ ඇසුරේ දී ඔබේ තනියට කෙනෙකු ඇතුව සිටීම හොඳ අදහසකි. “අප ව විශ්වාස නොකළ හැකි බව අඟවනවා වැනි ය,” යයි ඇතැම් ජෝඩු දොස් නගති. වෙන්න පුළුවන්. එහෙත්, තමන් ගැන ම විශ්වාසය තැබීම ඥානවන්ත ද? හිතෝපදේශ 28:26 කෙළින් ම මෙසේ සඳහන් කරයි: “තමාගේම සිත [හෘදය NW ] කෙරෙහි විශ්වාසය තබන්නා අඥානයෙක්ය; එහෙත් නුවණින් හැසිරෙන්නා ගැළවෙන්නේය.” විරුද්ධ ලිංගයේ කෙනෙකු සමඟ ඇසුරේ දී තව කෙනෙකු ඇතුව සිටීමෙන් ඥානවන්ත ව හැසිරෙන්න. “ඔහුගේ තනියට තව කෙනෙකු කැටුව එන තැනැත්තාට මම ඇත්තෙන් ම ගරු කරනවා. මා වාගේ ම ඔහුත් නිර්මල ව සිටීම සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන බව මං දන්නවා. එය දුෂ්කරතාවක් ඇති කරන්නේ නෑ, මන්ද පුද්ගලික ව යමක් කියන්න අපට ඕන වන විට, අපි අන්‍යයන්ට නෑසෙන දුරකට පිය නගනවා. ඉන් සපයන ආරක්ෂාව ඕනෑ ම අපහසුතාවයකට වඩා වටිනවා,” කියා ඩෙබ්රා හෙළි කළා ය.
දෙවියන් වහන්සේ සමඟ මිත්‍රත්වය
සියල්ලට ම වඩා, දෙවියන් වහන්සේ සමඟ කිට්ටු මිත්‍රත්වයක් වර්ධනය කර ගැනීමෙන් ද, උන් වහන්සේ හැඟීම් ඇති සැබෑ පුද්ගලයෙකු බව දැන සිටීමෙන් ද, උන් වහන්සේ ව අමනාප කරන හැසිරීමෙන් වැළකී සිටීමට ඔබට උපකාරවත් වනු ඇත. විශේෂ ගැටලු සම්බන්ධයෙන් ඔබේ හෘදය උන් වහන්සේ වෙත වැගිර වීමෙන් උන් වහන්සේ වෙත ඔබ ව කිට්ටු කරයි. නිර්මල ව සිටීමට ආශා ඇති බොහෝ ජෝඩු චිත්ත වේගී ව උත්සන්න වී සිටින අවස්ථාවන්හි දී, අවශ්‍ය ශක්තිය දෙන්න යයි උන් වහන්සේගෙන් ඉල්ලමින්, එකතු වී දෙවියන් වහන්සේට යාච්ඤා ද කර තිබේ.
යෙහෝවඃ වහන්සේ එවන් අයට “අති ශ්‍රේෂ්ඨ බලය,” දෙමින් ත්‍යාගශීලී ලෙස ප්‍රතිචාරය දක්වන සේක. (2 කොරින්ති 4:7, නව අනුවාදය) සැබවින් ම, ඔබේ කොටස කිරීමට ඔබට තිබේ. එහෙත්, දෙවියන් වහන්සේගේ උපකාරය හා ආශීර්වාදය ඇතුව, ලිංගික දුරාචාරයට නැත යයි පැවසීමට හැකි බවට සහතික වන්න.
[අධෝලිපි]
a එක් අධ්‍යයනයකට අනුව, එම ක්‍රියාව සැලසුම් කළ දෙයක් නොව ඉබේ සිදු වූ දෙයක් බව ස්ත්‍රීන්ගෙන් සියයට 60ක් පැවසූහ.
සාකච්ඡාව සඳහා ප්‍රශ්න
◻ ලිංගික කාරණා සම්බන්ධයෙන් දෙවියන් වහන්සේගේ නීති නිදන්ගත කර ගැනීමට උපකාර වන පරිදි, ඔබට කළ හැකි ඇතැම් දේවල් කවරේ ද?
◻ පූර්ව විවාහ ලිංගික ඇසුර සම්බන්ධයෙන් ඔබේ අදහසට ඔබේ මිතුරන් බලපෑ හැක්කේ කෙසේ ද?
◻ පූර්ව විවාහ ඇසුරේ දී පරීක්ෂාකාරී වීම අවශ්‍ය යයි ඔබට හැඟෙන්නේ මන්ද?
◻ ලිංගික දුරාචාරයට වැටීමෙන් තමන් ව ආරක්ෂා කර ගැනීමට පූර්ව විවාහ ඇසුරේ යෙදෙන යුවළකට කළ හැකි ඇතැම් දේවල් කවරේ ද?
[193 පිටුවෙහි හුවා දැක්වීම]
“ ඔබ පටන් ගන්නේ ස්වල්ප වශයෙන් ආදරය දැක්වීමටයි. . .”
[194 පිටුවෙහි හුවා දැක්වීම]
පූර්ව විවාහ ඇසුරේ යෙදෙන විට, ඔබ තනි ව නොසිටීම මගින් දුරාචාරය මඟ හරින්න
[195 පිටුවෙහි ඇති කොටුව]
විරුද්ධ ලිංගයේ කෙනෙකු සමඟ ඇසුරේ දී නිර්මල ව සිටීම
සිප වැළඳ ගැනීමට සහ අධික ලෙස ආදරය දැක්වීමට මඟ පෑදිය හැකි තත්ත්වයන්ගෙන් වළකින්න
කණ්ඩායම් වශයෙන් විරුද්ධ ලිංගයේ කෙනෙකු සමඟ ඇසුරු කරන්න නැතහොත් ආරක්ෂාවට කෙනෙකු ඇතුව සිටින්න
සංවාදය වර්ධනාත්මක වන මට්ටමක පවත්වා ගන්න
පටන්ගැන්මේ දී ම, ස්නේහය දැක්වීම් සම්බන්ධ සීමාවන් පිළිබඳ ව ඔබේ ආකල්පය ඔබේ සහකරුවාට හෝ සහකාරියට දැනගැනීමට ඉඩ හරින්න
විනීත ව අඳින්න, හැඟීම් අවුස්සන ක්‍රියාවන් වළක්වන්න
ඔබේ නිර්මලත්වය අනතුරෙහි තිබෙන බව ඔබට හැඟෙන්නේ නම් නිවසට ඇරලවන්න යයි පවසන්න
“ රාත්‍රියේ සමු ගැනීමේ” දී බොහෝ වේලාවක් රැඳීමෙන් වළකින්න
රෑ බෝ වීමට පෙර නිවසට පැමිණීමට වග බලා ගන්න
[පිටුවෙහි ඇති පින්තූරය]
පූර්ව විවාහ ඇසුරේ යෙදෙන යුවළයන්ට අන් අයගෙන් තමන් ව හුදකලා නොවන ක්‍රියාකාරකම්වල යෙදීමට සෙවිය හැක
[196 පිටුවෙහි ඇති පින්තූර]
තත්ත්වයක් ඉතා “උත්සන්න,” වන්නේ නම් නැත යයි පැවසීමට නුවණ ඇති ව සිටින්න!—තව ද ඒ අනුව ක්‍රියා කරන්න!