කාණ්ඩ 5
පාසල සහ රැකියාව
පාසලට ප්‍රේම කළත් වෛර කළත්, සමහර විට ඔබේ ජීවිතයෙන් වර්ෂ 12ක් පමණ ඔබ එහි ගත කරනු ඇත. මේවා මහත් ආයාසයන් හෝ සොයා ගැනීම් කිරීමේ වර්ෂයන් විය හැක. ඔබ එම පාසල් වර්ෂයන් භාවිතා කරන්නේ කෙසේ ද යන්න මත බොහොමයක් රඳා පවතී. එමනිසා අපි මෙම කාණ්ඩයේ පාසල, ගෙදර වැඩ, ලකුණු මට්ටම සහ ගුරුවරුන් ගැන සලකා බලන්නෙමු. එමෙන් ම දැනටමත් පාසලෙන් පිටවී සිටින ඔබ සඳහා රැකියා ලබා ගැනීමේ දී සාර්ථක වනු වස් යම් කදිම ඉඟි සමහරක් අප ළඟ තිබේ.