බඩු මිල දරාගන්න බැරිද?
බලාපොරොත්තුවක් තියාගන්න
බඩු මිල දවසින් දවස අහස උසට ගියත් ඔයාගේ පඩියේ කිසිම වෙනසක් නැද්ද? පවුලේ අයට කන්න අඳින්න දෙන්න බැරි වෙයිද කියලා ඔයා වධ වෙනවාද? එහෙමනම් අනාගතය ගැන හිතද්දී ඔයාට ලොකු බයක් දැනෙනවා ඇති. හැබැයි ජීවිතේට බලාපොරොත්තුවක් තියෙනවා නම් ඕනම දේකට බය නැතුව මූණ දෙන්න පුළුවන්.
ඒක වැදගත් ඇයි?
බලාපොරොත්තුවක් තියෙන අය ‘කවදා හරි හැම දේම හරියයි’ කියලා ඔහේ බලාගෙන ඉන්නේ නැහැ. එයාලා දැන් ඉන්න තත්වයට හොඳට මූණ දීලා ඒකෙන් ගොඩ එන්න පුළුවන් හැම දේම කරනවා. සමීක්ෂණවලිනුත් හෙළි වෙලා තියෙන විදිහට ඒ වගේ අය . . .
අමාරු අවස්ථා හොඳට දරාගන්නවා
තත්වයට අනුව හැඩගැහෙනවා
එදිනෙදා ජීවන රටාව ගැන ගැන හොඳ තීරණ ගන්නවා. උදාහරණයකට නිරෝගීව ඉන්න ඕන කරන දේවල් කරනවා
ඔයාට කරන්න පුළුවන් මොනවාද?
මුලින්ම, බයිබලේ තියෙන දේවල් අද ඔයාට උදව් වෙන විදිහ බලන්න. බඩු මිල ඉහළ යද්දී කරන්න පුළුවන් දේවල් බයිබලේ තියෙනවා. ඒවා අපි ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් දේවල්. ඒ දේවල් කරනවා නම් බඩු මිල ඉහළ යද්දී ඒකට මූණ දෙන විදිහ ඔයා දන්න නිසා ඔයා අසරණ වෙන්නේ නැහැ. ඒ වගේම ඉස්සරහට එන අභියෝගවලට ලෑස්ති වෙන්නත් බයිබලේ තියෙන තොරතුරු ඔයාට උදව් වෙයි.
ඊළඟට, අනාගතය ගැන බයිබලේ කියන දේ බලන්න. බයිබලේ අද කාලෙට කොච්චර ප්‍රයෝජනවත්ද කියලා දැනගද්දී අනාගතේ ගැන බයිබලේ කියලා තියෙන දේවල් හොයලා බලන්නත් ඔයා පෙලඹෙයි. එතකොට ඔයා දැනගනියි දෙවියන් නිකම්ම “හොඳ අනාගතයක්, ලස්සන බලාපොරොත්තුවක්” දීලා තියෙනවා විතරක් නෙවෙයි, ඒක ඇත්තක් කරන්න ඔහු මේ වෙද්දීත් දෙයක් කරලා තියෙනවා කියලා. (යෙරෙමියා 29:11) ඒකට ඔහු දේවරාජ්‍යය පිහිටුවලා තියෙනවා.
දේවරාජ්‍යය කියන්නේ මොකක්ද? ඒකෙන් කරන්න යන්නේ මොනවාද?
දේවරාජ්‍යය කියන්නේ දෙවියන් ස්වර්ගයේ පිහිටුවලා තියෙන ආණ්ඩුවකට. ළඟදීම ඒකෙන් මුළු පොළොවම පාලනය කරන්න යනවා. (දානියෙල් 2:44; මතෙව් 6:10) එදාට කවුරුත් දුක් විඳින්නෙවත් දුප්පත් වෙලා ඉන්නෙවත් නැහැ. හැමෝම සාමයෙන් සතුටින් ජීවත් වෙනවා. කෑම බීමවලිනුත් කිසිම අඩුවක් නැහැ. එදාට ලැබෙන ජීවිතය ගැන බයිබලේ මෙහෙම කියනවා.
“බොරු කියන්න බැරි දෙවියන්” දීලා තියෙන ඒ පොරොන්දු ගැන මිලියන ගාණක් දෙනා දැනටමත් විශ්වාස කරනවා. (තීතස් 1:2) ඉතින් බයිබලේ ගැන ටිකක් හොයලා බලන්න ඔයාත් ආස නැද්ද? එතකොට දැන් තියෙන ආර්ථික ප්‍රශ්නවලට හොඳට මූණ දෙන්නත් අනාගතය ගැන බලාපොරොත්තුවක් ඇතුව ඉන්නත් ඔයාට පුළුවන් වෙයි.