ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g18 අංක 2 13 පි.
  • 10 විශ්වාසවන්ත වෙන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 10 විශ්වාසවන්ත වෙන්න
  • 2018 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද?
  • ඒක වැදගත් වෙන්නේ ඇයි?
  • ඔයාට කරන්න පුළුවන් මොනවාද?
  • දෙමාපියන්ගේ විශ්වාසය දිනාගන්න පුළුවන් කොහොමද?
    යොවුන් සිතේ ගැටලු
  • දෙමාපියන් මාව විශ්වාස නොකරන්නේ ඇයි?
    2008 පිබිදෙව්!
  • සතුටින් පිරි ජීවිතයකට අත්‍යවශ්‍ය වූ විශ්වාසය
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඇයි මට මෙතරම් සීමා තහංචි?
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 1වන පොත
තව තොරතුරු
2018 පිබිදෙව්!
g18 අංක 2 13 පි.
කාන්තාවක් බැංකුවට ගෙවීමක් කරමින්

ණයක් හරියට ගෙවද්දී බැංකුව ඔයාට තව ණය දෙන්න කැමති වෙනවා වගේ විශ්වාසවන්තව වැඩ කරද්දී දෙමාපියනුත් ඔයාට තව වගකීම් භාර දෙන්න කැමති වෙනවා

යොවුන් දරුවන්ට

10 විශ්වාසවන්ත වෙන්න

ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

විශ්වාසවන්තව කටයුතු කරන අය නීතිගරුකයි. පොරොන්දු රකිනවා. කොයි වෙලෙත් ඇත්ත කතා කරනවා. දෙමාපියන්ගේ, යාළුවන්ගේ, වැඩපොළේ ස්වාමියාගේ විශ්වාසය දිනාගන්නවා.

ඒක වැදගත් වෙන්නේ ඇයි?

කාලයක් තිස්සේ විශ්වාසවන්තව වැඩ කළොත් තමයි අනිත් අය ඔයාට වැඩි නිදහසක් දෙන්න පෙලඹෙන්නේ.

“අම්මලා ළඟ නැති වෙලාවටත් අපි හිතලා බලලා වගකීමෙන් වැඩ කළොත් එයාලා අපිට වැඩි නිදහසක් දෙන්න කැමති වෙයි.”—සෙරයී.

බයිබල් ප්‍රතිපත්තිය: ‘ඔබ අවබෝධයෙන් ක්‍රියා කරන කෙනෙක් බව ක්‍රියාවලින් ඔප්පු කර පෙන්විය යුතුයි.’—යාකොබ් 3:13.

ඔයාට කරන්න පුළුවන් මොනවාද?

අනිත් අයගේ විශ්වාසය දිනාගන්න මේ දේවල් උදව් වෙයි.

අවංක වෙන්න. බොරු කිව්වොත් අනිත් අයට ඔයා ගැන තියෙන විශ්වාසය බිඳිලා යයි. ඒත් ඔයා අතින් වරදක් වුණ වෙලාවකදි වුණත් හිතේ තියෙන දේ විවෘතව, අවංකව කියද්දී අනිත් අයගේ විශ්වාසය දිනාගන්න ඔයාට පුළුවන්.

“ඔයාගේ අතින් වරදක් වුණාම ඒක අවංකවම පිළිගන්නවා නම් අනිත් අයට ඔයා ගැන තියෙන විශ්වාසය වැඩි වෙනවා.”—කේමන්.

බයිබල් ප්‍රතිපත්තිය: “අප සෑම දෙයකදීම අවංකව කටයුතු කිරීමට කැමතියි.”—හෙබ්‍රෙව් 13:18.

වගකීමෙන් වැඩ කරන්න. ඇමරිකාවේ සම්මුඛ පරීක්ෂකවරුන්ගෙන් 78%ක්ම කෙනෙක් වගකීමෙන් වැඩ කරනවාද කියන දේට මූලික අවධානයක් දෙනවා කියලා සමීක්ෂණයකින් ඔප්පු වෙලා තියෙනවා. දැන් ඉඳලාම වගකීමෙන් වැඩ කරන්න ඉගෙනගත්තොත් වැඩිහිටියෙක් වුණාම ඒක ඔයාට ප්‍රයෝජනවත් වෙයි.

“දෙමාපියන් හැම දේම ඇනඇන කියන කල් ඉන්නේ නැතුව මට භාර දීලා තියෙන වැඩ ටික මං වගකීමෙන් කරද්දී එයාලට මං ගැන තියෙන විශ්වාසය වැඩි වෙනවා.”—සාරා.

බයිබල් ප්‍රතිපත්තිය: ‘මා මේ දේවල් ලියන්නේ ඔබ ඊට එකඟව ක්‍රියා කරන බවට විශ්වාසයක් ඇතුවය. මා ඔබෙන් ඉල්ලන දේටත් වඩා ඔබ කරන බව මට නිසැකය.’—ෆිලෙමොන් 21.

ඉවසන්න. ඔයා උස් මහත් වෙද්දී ඒක අනිත් අයට පැහැදිලිවම පේනවා. හැබැයි ඔයා හොඳට හිතලා බලලා, වගකීමෙන් වැඩ කරන කෙනෙක්ද කියලා තේරුම්ගන්න කාලයක් යයි.

“අනිත් අයට ඔයා ගැන විශ්වාසයක් ඇති වෙන්න නම් එක සැරයක් විතරක් වගකීමෙන් වැඩ කරලා මදි. දිගටම වගකීමෙන් වැඩ කරන්න ඕනේ.”—බ්‍රැන්ඩන්.

බයිබල් ප්‍රතිපත්තිය: “බොහෝ ඉවසිලිවන්තකමින් කටයුතු කරන්න.”—කොලොස්සි 3:12.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න