ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g18 අංක 2 9 පි.
  • 6 හික්මවන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 6 හික්මවන්න
  • 2018 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද?
  • ඒක වැදගත් වෙන්නේ ඇයි?
  • ඔයාට කරන්න පුළුවන් මොනවාද?
  • ප්‍රේමයෙන් හික්මවීමේ වටිනාකම
    ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කරගැනීම
  • සාර්ථක ක්‍රමයක්
    2015 පිබිදෙව්!
  • දරුවන්ව හික්මවන්න ඕන කොහොමද?
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • හික්මවීමේ අරමුණ අවබෝධ කරගැනීම
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2018 පිබිදෙව්!
g18 අංක 2 9 පි.
සුක්කානමක් උදව් කරගෙන රුවල් බෝට්ටුවක් හරි දිශාවට ගෙන යන පවුලක්

රුවල් බෝට්ටුවක් හරි දිශාවට ගෙනියන්න සුක්කානමක් උදව් වෙනවා වගේ දරුවෙකුව හරි මඟ ගෙනියන්න හික්මවීම් උදව් වෙනවා

දෙමාපියන්ට

6 හික්මවන්න

ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

හික්මවනවා කියද්දී උගන්වන එකත් මඟ පෙන්වීම් දෙන එකත් අදහස් වෙනවා. දරුවන් වැරදි දෙයක් කරද්දී නිවැරදි කරන එකත් ඒකට ඇතුළත්. හැබැයි ඒකේ අරමුණ වෙන්න ඕනෙ පොඩි කාලේ ඉඳලාම හරි තීරණ ගන්න උදව් වෙන සදාචාර ප්‍රමිති දරුවන්ට උගන්වන එකයි.

ඒක වැදගත් වෙන්නේ ඇයි?

හික්මවීම් දෙද්දී දරුවන්ගේ ආත්ම විශ්වාසය අඩු වෙනවා කියලා හිතන නිසා හුඟක් දෙමාපියන් දරුවන්ව හික්මවන්න කැමති නැහැ. හැබැයි හොඳට හිතලා වැඩ කරන දෙමාපියන් දරුවන්ට යම් නීති දාලා ඒවාට කීකරු වෙන්න දරුවන්ව පුහුණු කරනවා.

“අපි හරි වැරැද්ද ගැන කියලා දුන්නොත් තමයි දරුවන් අවබෝධයෙන් වැඩ කරන වැඩිහිටියන් වෙන්නේ. හික්මවීම් දුන්නේ නැත්නම් එයාලගේ ජීවිත අවුල් වෙයි. එයාලා හරියට හබලක් නැති ඔරුවක් වගේ වෙයි.”—පැමලා.

ඔයාට කරන්න පුළුවන් මොනවාද?

කියපු දේ වෙනස් කරන්න එපා. දරුවා කියන දේ අහන්නේ නැත්නම් එයාට දෙනවා කියපු දඬුවම අනිවාර්යයෙන්ම දෙන්න. ඒ වගේම දරුවා කියන දේ අහද්දී එයාව අගය කරන්න අමතක කරන්නත් එපා.

“අද ඉන්න හුඟක් දරුවෝ කීකරු නැහැ. ඒ නිසා මගේ දරුවෝ කීකරු වෙලා වැඩ කරද්දී මං එයාලව අගය කරනවා. මං එහෙම කරන නිසා හික්මවීමක් දෙන වෙලාවට ඒක පිළිගන්න එයාලට අමාරු නැහැ.”—ක්‍රිස්ටීන්.

බයිබල් ප්‍රතිපත්තිය: “කෙනෙක් නෙළාගන්නේ තමා වපුරන දෙයමයි.”—ගලාති 6:7.

සාධාරණ වෙන්න. හික්මවන්න කලින් දරුවාගේ වයස, එයාට කරන්න පුළුවන් දේවල් සහ වරදේ බරපතළකම ගැන හොඳට හිතන්න. කරපු වරදට ගැළපෙන දඬුවමක් දෙන්නත් වෑයම් කරන්න. උදාහරණෙකට ෆෝන් එක පාවිච්චි කරන්න ඕන විදිහ ගැන දීපු මඟ පෙන්වීම්වලට දරුවා අකීකරු වුණොත් යම් කාලයකට ෆෝන් එක නොදී ඉන්න. නැත්නම් ඒක පාවිච්චි කරන එකට සීමා දාන්න. ඒත් දරුවා කරන පුංචි වැරදි ලොකු කරගන්න එක නම් සුදුසු නැහැ.

“දරුවා වැරැද්ද කළේ හිතාමතාද නැත්නම් අත්වැරදීමකින්ද කියලා මං තේරුම්ගන්න උත්සාහ කරනවා. හැබැයි දරුවෙක් හිතාමතාම එකම වැරැද්ද ආයේ ආයේ කරනවා නම් එයාව හික්මවන්න ඕනේ.”—වෙන්ඩල්.

බයිබල් ප්‍රතිපත්තිය: “ඔබේ දරුවන් තුළ කෝපයක් ඇති නොකරන්න. මන්ද එසේ කිරීමෙන් ඔවුන් තුළ කලකිරීමක් ඇති වේ.”—කොලොස්සි 3:21.

ආදරෙන් හික්මවන්න. දෙමාපියන්ගේ ආදරේ දරුවන්ට දැනෙනවා නම් එයාලට ලැබෙන හික්මවීම් පිළිගන්නත් ඒවා අදාළ කරගන්නත් දරුවන්ට ලේසි වෙයි.

“පුතා අතින් වරදක් වුණාම අපි මුලින්ම එයා දේවල් හරියට කරපු අවස්ථා මතක් කරලා එයාව අගය කරනවා. වරද හදාගන්න එයා උත්සාහ කරනවා නම් එයාගේ හොඳ නමට හානියක් වෙන්නේ නැහැ කියලත් එයාට උදව් කරන්න අපි ඉන්නවා කියලත් අපි එයාට කියනවා.”—ඩැනියෙල්.

බයිබල් ප්‍රතිපත්තිය: ‘ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා ඉවසිලිවන්තය, කරුණාවන්තය.’—1 කොරින්ති 13:4.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න