ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g18 අංක 2 5 පි.
  • 2 සහයෝගය දෙන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 2 සහයෝගය දෙන්න
  • 2018 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද?
  • ඒක වැදගත් වෙන්නේ ඇයි?
  • ඔයාට කරන්න පුළුවන් මොනවාද?
  • තුන්වැන්න: සහයෝගයෙන් වැඩ කරන්න
    2009 පිබිදෙව්!
  • එකඟතාවකට එන්න නම් . . .
    2014 පිබිදෙව්!
  • දෙන්නා හිතන විදිහ වෙනස් නම්
    පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
  • “විවාහය සියලුදෙනා ගෞරවයෙන් සැලකිය යුතු දෙයකි”
    “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”
තව තොරතුරු
2018 පිබිදෙව්!
g18 අංක 2 5 පි.
ගුවන් නියමුවෙක් සහ සහාය නියමුවෙක් සහයෝගයෙන් වැඩ කරනවා

සහයෝගයෙන් වැඩ කරන දෙන්නෙක්ව ගුවන් නියමුවෙක්ටයි, සහාය නියමුවෙක්ටයි සමාන කරන්න පුළුවන්

සැමියාට සහ බිරිඳට

2 සහයෝගය දෙන්න

ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

එකම ගමනාන්තයකට යන්න එකට වැඩ කරන ගුවන් නියමුවෙක් සහ සහාය නියමුවෙක් වගේ සැමියායි, බිරිඳයි සහයෝගයෙන් වැඩ කරන්න ඕනේ. ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙද්දිත් දෙන්නා එකතු වෙලා වැඩ කරන එක හුඟක් වැදගත්.

බයිබල් ප්‍රතිපත්තිය: “ඔවුන් එතැන් පටන් දෙදෙනෙකු නොව එක් කෙනෙකු මෙන් වෙනවා.”—මතෙව් 19:6.

“විවාහය සාර්ථක කරගන්න නම් සැමියායි, බිරිඳයි සහයෝගයෙන් වැඩ කරන්න ඕනේ.”—ක්‍රිස්ටෆර්.

ඒක වැදගත් වෙන්නේ ඇයි?

සහයෝගයෙන් වැඩ කරන්නේ නැති යුවළක් ප්‍රශ්නයක් ඇති වෙද්දී වරද අනිත් කෙනා පිට පටවනවා මිසක් ප්‍රශ්නය විසඳගන්න උත්සාහ කරන්නේ නැහැ. පුංචි ප්‍රශ්නත් ලොකු කරගන්නවා.

“විවාහය සාර්ථක කරගන්න නම් දෙන්නා අතරේ සහයෝගය තියෙන්නම ඕනේ. එහෙම නැති දෙන්නෙක් හරියට එක ගෙදර ජීවත් වෙන බෝඩිංකාරයෝ වගේ වෙනවා. වැදගත් තීරණ ගන්න වෙද්දී දෙන්නාට ඒක ලොකු අභියෝගයක් වෙයි.”—ඇලෙක්සැන්ඩ්‍රා.

ඔයාට කරන්න පුළුවන් මොනවාද?

මේ ගැන හිතන්න

  • මං හම්බ කරන සල්ලි වියදම් කරන්නේ “මට ඕනෙ විදිහට” කියලා ඔයාට හිතෙනවාද?

  • නිදහසේ ඉන්න නම් සැමියාගෙන්/බිරිඳගෙන් ටිකක් දුරස් වෙලා ඉන්න ඕනෙ කියලා ඔයාට හිතෙනවාද?

  • සැමියා/බිරිඳ එයාගේ නෑදෑයන්ට හුඟක් ආදරේ කළත් ඔයා එයාලව ආශ්‍රය කරන්නේ අතේ දුරින්ද?

දෙන්නා එකතු වෙලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න

  • යුවළක් විදිහට දැනටමත් අපි සහයෝගයෙන් වැඩ කරන්නේ මොන කාරණාවලදීද?

  • අපි දියුණු වෙන්න ඕනෙ මොන පැතිවලින්ද?

  • හැම කාරණයකදීම සහයෝගයෙන් වැඩ කරන්න නම් අපිට කරන්න පුළුවන් මොනවාද?

යෝජනා

  • ඔය දෙන්නා පිල් දෙකකට බෙදිලා සෙල්ලම් කරන ක්‍රීඩකයන් දෙන්නෙක් වගේ කියලා ඔයාට හිතෙනවාද? එහෙනම් එක පිලේ ඉන්න දෙන්නෙක් වගේ වැඩ කරන්න ඔයාගේ පැත්තෙන් ඔයාට කරන්න පුළුවන් මොනවාද?

  • ‘මං දිනන්නේ කොහොමද’ කියලා හිතනවා වෙනුවට ‘අපි දිනන්නේ කොහොමද’ කියලා හිතන්න.

“වැඩියෙන්ම වටින්නේ පවුලේ සාමය රැකගන්න එක මිසක් කවුද හරි, කවුද වැරදි කියලා ඔප්පු කරන එක නෙමෙයි.”—ඊතන්.

බයිබල් ප්‍රතිපත්තිය: “ඔබේම කාරණා ගැන පමණක් සිතමින් සිටිනවා වෙනුවට එකිනෙකා කෙරෙහිත් පෞද්ගලික සැලකිල්ල දක්වන්න.”—ෆිලිප්පි 2:3, 4.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න