ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 10/15 16 පි.
  • පවුල් ගැන විපරමක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පවුල් ගැන විපරමක්
  • 2015 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අප්‍රිකාව
  • කැනඩාව
  • නෙදර්ලන්තය
  • ඔබේ දරුවන්ව ප්‍රේමණීය ලෙස පුහුණු කරන්න
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “දරුවෝ යෙහෝවාගෙන් ලැබෙන උරුමයක්”
    2026 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • පවුලක් විදිහට සතුටින් ඉන්නේ කොහොමද? - 2වෙනි කොටස
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • දෙමාපියෙනි, ඔබේ ආදර්ශයෙන් දරුවන්ට උගන්වන්න
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2015 පිබිදෙව්!
g 10/15 16 පි.
ළමයා අම්මා දිහා බලාගෙන අඬද්දී අම්මා පරිගණකයේ වැඩ කරමින් ඉන්නවා

දස දෙසින්

පවුල් ගැන විපරමක්

මේ කාලේ පවුල් හුඟක් අභියෝගවලට මුහුණ දෙනවා. ඒත් බයිබලයේ තියෙන උපදෙස් අදාළ කරගන්නවා නම් ඒවාට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්.

අප්‍රිකාව

දරුවෙක් ඉපදිලා පැයක් ඇතුළත මව් කිරි දෙන්න ඕන කියලත් මාස හයක් පුරා වෙන කිසිම දෙයක් නොදී මව් කිරි විතරක් දෙන්න කියලත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරනවා. ඒත් “මව් කිරි තරම්ම ළදරු කිරි පිටිත් පෝෂ්‍යදායකයි” කියලා බොරු ප්‍රචාරණ මගින් මිනිසුන්ව නොමඟ යවනවා කියලා UNICEF ආයතනයේ පෝෂණවේදියෙක් පවසනවා.

බයිබලයේ කියන්නේ මෙහෙමයි. “අද්දැකීම් අඩු තැනැත්තා අනුන් පවසන සෑම දෙයක්ම විශ්වාස කරයි. නමුත් සිහිබුද්ධිය ඇති අය තමන් ගත යුතු පියවර ගැන හොඳින් කල්පනා කරයි.”—හිතෝපදේශ 14:15.

කැනඩාව

ආදරය පෙන්වන, නිසි විදිහට හික්මවන දෙමාපියන් යටතේ හැදෙන දරුවන්ට වඩා දැඩි නීතිරීති පනවන ඒ තරම් සෙනෙහසක් පෙන්වන්නේ නැති දෙමාපියන් යටතේ හැදෙන දරුවන්ට ස්ථූලතාව ඇති වෙන්න තියෙන ඉඩ කඩ 30%කින් වැඩියි කියලා මොන්ට්‍රියල් නගරයේ පර්යේෂකයන් කියනවා.

ඔබ දැන සිටියාද? දරුවන්ව හදා වඩා ගන්න හරි විදිහ ගැන සියවස් ගණනාවකට කලින් බයිබලයේ කියලා තිබුණා.—කොලොස්සි 3:21.

නෙදර්ලන්තය

රැකියාවේ වැඩයි ගෙදර වැඩයි පටලවාගන්න දෙමාපියන්ට වඩා එහෙම කරන්නේ නැති දෙමාපියන් දරුවන්ට වැඩි අවධානයක් දෙනවා කියලා ලන්දේසි පවුල් ගැන කළ අධ්‍යයනකින් හෙළි වුණා. උදාහරණයකට ගෙදර ආවට පස්සෙත් රැකියාව හා සම්බන්ධ දුරකථන ඇමතුම්වලට කාලය දෙනවා නම් දරුවන්ට අවශ්‍ය අවධානය දෙන්න බැරි වෙනවා.

ටිකක් හිතන්න. “අහස යට සිදු වන සෑම දෙයකටම නියමිත කාලයක් ඇත.”—දේශනාකාරයා 3:1.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න