ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 4/15 3-5 පි.
  • දරුවන්ව හික්මවන්න ඕනද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දරුවන්ව හික්මවන්න ඕනද?
  • 2015 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දෙමව්පියන්ගේ බලය අඩු වෙලා
  • කලින් කලට වෙනස් වෙන අදහස්
  • ඔබේ දරුවන්ව ප්‍රේමණීය ලෙස පුහුණු කරන්න
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ප්‍රේමයෙන් හික්මවීමේ වටිනාකම
    ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කරගැනීම
  • සාර්ථක ක්‍රමයක්
    2015 පිබිදෙව්!
  • ඔබේ දරුවා අනුන් ගැන හිතනවාද?
    2013 පිබිදෙව්!
තව තොරතුරු
2015 පිබිදෙව්!
g 4/15 3-5 පි.
1. සෙල්ලම් බඩුවක් අතේ තියාගෙන ඉන්න අවුරුදු 4ක දරුවෙක්; 2. අත් දෙක බැඳගෙන ඉන්න අවුරුදු 5ක පුංචි දුවෙක්; 3. අතක් ඉනේ තියාගෙන ඉන්න අවුරුදු 12ක පුතෙක්

මුල් පිටුවෙන්

දරුවන්ව හික්මවන්න ඕනද?

එක කාලයක් දරුවෝ වැඩ කළේ දෙමව්පියන් කියන විදිහට. ඒත් දැන් දෙමව්පියන්ට වෙලා තියෙන්නේ දරුවෝ කියන විදිහට වැඩ කරන්නයි. දශක කිහිපයකට කලින් පවුල්වල තිබුණු තත්වේ නෙමෙයි දැන් පවුල්වල තියෙන්නේ. පහත දැක්වෙන සිදුවීම් කිහිපය බලන්න.

  • අවුරුදු 4ක දරුවෙක් අම්මත් එක්ක බඩු ගන්න කඩේකට ගිය වෙලාවේ සෙල්ලම් බඩුවක් අතට ගන්නවා. “ඔයාට ඇති තරම් සෙල්ලම් බඩු තියෙනවා නේද? ඕක ඕන නෑනේ” කියලා අම්මා කිව්වත් “මට ඒක ඕනෙමයි” කියලා දරුවා කියනවා. ඒක අරන් නොදුන්නොත් වෙනදා වගේ අදත් ළමයා මෙතන දෙවනත් කරයි කියන බයට අම්මා ඒක අරන් දෙනවා.

  • තාත්තා වැඩිහිටි කෙනෙක් එක්ක කතා කරකර ඉද්දී අවුරුදු 5ක පුංචි දුවක් මෙහෙම කියනවා. “දැන් ඇති. අපි ගෙදර යමු.” තාත්තා කතාව නතර කරලා දරුවා ළඟට පහත් වෙලා ආදරෙන් මෙහෙම අහනවා. “තව විනාඩි දෙකක් ඉන්න පුළුවන්ද දුවේ?”

  • අවුරුදු 12ක් වයස ජේම්ස් ආයිත් සැරයක් ගුරුවරයාට එකට එක කිව්වා කියලා ඉස්කෝලෙන් දෙමව්පියන්ට දැනුම් දෙනවා. ඒ වෙලාවේ තාත්තා ජේම්ස්ගේ පැත්ත අරන් එයාට මෙහෙම කියනවා. “ටීචර්ට හැම තිස්සෙම පේන්නේ ඔයාගේ වැරදි නේද? මං මේක අතඅරින්නේ නැහැ.”

ඒවා ඇත්ත සිදුවීම් නොවුණත් ඒ වගේ දේවල් අද සමාජයේ සිද්ධ වෙනවා. ඒවායින් පේන්නේ දෙමව්පියෝ දරුවන්ගේ මුරණ්ඩුකම් ඉවසනවා, කැමති දේවල් කරන්න ඉඩහරිනවා, දරුවන් වැරදි කළාම නිවැරදි කරනවා වෙනුවට දරුවන්ගේ පැත්ත ගන්නවා කියලයි. එක පොතකත් මෙහෙම කියනවා. ‘දැන් දැන් දෙමව්පියෝ දරුවන්ගේ කැමැත්තට ඉඩ දෙනවා. කාලයකට කලින් නම් දරුවෝ දැනගෙන හිටියා එයාලා ඉන්නේ දෙමව්පියන්ගේ යටතේ කියලා. ඒත් දැන් දෙමව්පියෝ දරුවන්ට යටත් වෙලා.’—The Narcissism Epidemic.

කොහොම වුණත් හුඟක් දෙමව්පියෝ දරුවන්ට හොඳ සාරධර්ම උගන්වන්න ලොකු උත්සාහයක් දරනවා. ඒ අය දරුවන්ට ආදර්ශයක් වෙනවා වගේම හික්මවන්න ඕන වෙලාවට දරුවන්ව හික්මවනවා. ඒත් ඔවුන් කරන්නේ සමාජය පොදුවේ පිළිගන්න දේට වඩා වෙනස් දෙයක් නිසා ඒක ලේසි නැහැ.

සමාජය මේ තත්වෙට පත් වුණේ කොහොමද?

දෙමව්පියන්ගේ බලය අඩු වෙලා

දරුවන්ට ඕන විදිහට දෙමව්පියන් වැඩ කරන්න පටන්ගත්තේ 1960 ගණන්වල ඉඳලයි කියලා සමහර අය කියනවා. එහෙම වුණේ ප්‍රවීණයන් කියන අය දෙමව්පියන්ට දුන්න වැරදි උපදෙස් නිසයි. ඔවුන් කිව්වේ ‘දරුවාව පාලනය කරන්න එපා, යාළුවෙක් වෙන්න,’ ‘හික්මවනවාට වඩා ප්‍රශංසා කරන්න,’ ‘වැරදි නිවැරදි කරනවා වෙනුවට එයා කරපු හොඳ දේවල් ගැන විතරක් හොයන්න’ කියලයි. දරුවන්ව නිවැරදි කරන්න ගියොත් ඒ අයගේ පුංචි හිත් රිදිලා ලොකු වුණාට පස්සේ ඒ අය දෙමව්පියන්ට වෛර බඳියි කියලා ඔවුන් හිතුවා. දරුවාව අගය කරනවා වගේම නිවැරදි කරන එකත් අවශ්‍යයි කියලා ඔවුන් තේරුම්ගත්තේ නැහැ.

වැඩි කල් යන්න කලින් ප්‍රවීණයන් දරුවන්ගේ ආත්ම ගරුත්වය ගැනත් වැඩි වැඩියෙන් කතා කරන්න පටන්ගත්තා. ඔවුන් ඒ ගැන කතා කළේ හරියට මෙච්චර කල් දෙමව්පියෝ නොදැන හිටපු දෙයක් ඔවුන් හොයාගත්තා වගෙයි. දරුවන් තුළ හොඳ හැඟීමක් ඇති කරන එක අවශ්‍ය වුණත් ප්‍රවීණයන් ඒකෙ අන්තයටම ගියා. ඒ අය දෙමව්පියන්ට උපදෙස් දුන්නේ ‘නැහැ, නරකයි කියන වචන පාවිච්චි කරනවා වෙනුවට ඕගොල්ලන් ගොඩක් වටිනවා, ඔයා කැමති තීරණයක් ඔයාට ගන්න පුළුවන්’ වගේ දේවල් දරුවන්ට කියන්න කියලයි. ඒක හරියට හොඳ කෙනෙක් වෙනවාට වඩා තමන් හොඳ කෙනෙක් කියලා හිතාගෙන හිටියම ඇති කියලා කියනවා වගෙයි.

රජ කෙන්ට වගේ ළමයාට සලකන දෙමාපියන්

තමන් කැමති දෙයක් කරන්න අයිතියක් තියෙනවා කියන හැඟීම දරුවන් තුළ ඇති වෙලා

ඒ වගේ උපදෙස්වලින් තමන් කැමති දෙයක් කරන්න අයිතියක් තියෙනවා කියන හැඟීම දරුවන් තුළ ඇති කළා. ඒකෙන් වුණේ දරුවන්ට එදිනෙදා ජීවිතයේ ඇති වෙන තත්වයන්ට මුහුණ දෙන්න බැරුව ගිය එකයි. උදාහරණයකට එක පොතක මෙහෙම සඳහන් වෙනවා. ‘කවුරු හරි වැරැද්දක් පෙන්නුවොත්, යම් දෙයක් අසාර්ථක වුණොත් ඒක දරාගන්න දරුවන්ට බැහැ.’ (Generation Me) ඒ පොතේම ඒ අදහස තාත්තා කෙනෙක් මෙහෙම විස්තර කරලා තිබුණා. “කාර්යාලවල ඉන්න අය අපේ ආත්ම ගෞරවය ගැන හිතන්නෙ නෑ. වාර්තාවක් හදලා දෙන්න කිව්වම ඒක වැරදුණොත් ‘ඒකට කමක් නෑ. ඔයා වාර්තාව හදලා තියෙන කොළේ පාට නම් ලස්සනයි’ කියලා ඔයාව සනසන්නේ නෑ. ඒ නිසා දරුවන්ව හරියට පුහුණු කළේ නැත්නම් ඒකෙන් වෙන්නේ ලොකු හානියක්.”

කලින් කලට වෙනස් වෙන අදහස්

පහුගිය දශක කිහිපය තුළ දරුවන්ව හික්මවන ක්‍රම වෙනස් වෙලා. ඒ ගැන එක උපදේශකයෙක් කිව්වේ “සමාජය වෙනස් වෙද්දී දරුවන්ව හික්මවන විදිහත් වෙනස් වෙනවා” කියලයි.a සමහර අය ‘විවිධ දේවල් උගන්වන මිනිසුන්ට හසු වී සුළඟට ඒ මේ අත ගසාගෙන යන මුහුදේ රළ’ වගේ වෙනවා කියලා බයිබලයේ කියනවා. (එෆීස 4:14) දෙමාපියන්ටත් ඒ දේ වෙන්න පුළුවන්.

දරුවන්ව හික්මවන්න අවශ්‍ය නැහැ කියලා හිතන නිසා ඒකෙන් වෙලා තියෙන්නේ ලොකු හානියක්. පවුලේ දෙමව්පියන්ට තියෙන තැන නැති වෙලා. ඒ විතරක් නෙමෙයි ජීවිතේ හරි තීරණ ගන්නත් විශ්වාසයෙන් දෙයක් කරන්නත් අවශ්‍ය මඟ පෙන්වීම් දරුවන්ට ලැබිලත් නැහැ.

දරුවන්ව හික්මවන්න මීට වඩා හොඳ ක්‍රමයක් තියෙනවාද?

a Secrets of Discipline: 12 Keys for Raising Responsible Children නම් පොත ඇසුරෙන්.

ඔබ කරන දේ හරිද?

පහත සඳහන් තත්වයන්වලට ඔබ මුහුණ දුන්නා කියලා හිතන්න.

  • ඔබ දරුවන් වෙනුවෙන් ඔබේ මුළු කාලයම වැය කරන අම්මා කෙනෙක්. ඒ නිසා ඉස්කෝලෙන් පස්සෙයි සති අන්තවලයි නැටුම් පන්තිවලට, ක්‍රීඩා පුහුණු වීම්වලට වගේ එක එක පන්තිවලට ඔබ දරුවන්ව ගෙනියනවා. එහෙම කරද්දී හෙම්බත් වුණත් ඔබ මෙහෙම හිතනවා. ‘දරුවෝ තමයි මගේ ජීවිතේ. ඒ අය වෙනුවෙන් මම ඕනෑම දෙයක් කරනවා. දරුවොත් ඒක දන්නවා. හොඳ අම්මා කෙනෙක් නම් ඒ හැම දේම කරන්න ඕනනේ?’

    මේ ගැන සිතන්න: මැරීගෙන හැම දෙයක්ම කරන අම්මා කෙනෙක් ගැන දරුවන්ට හිතන්නේ කොහොමද? කාලයක් යනකොට දරුවන්ට හිතෙයිද දෙමව්පියන් කියන්නේ ඒගොල්ලන්ගේ වැඩකාරයෝ කියලා?

    මෙහෙම කරලා බලන්න: ඔබටත් විවේකයක් සහ ඔබේ වැඩ කරගන්න කාලයක් ඕන කියලා දරුවන්ට තේරුම් කරලා දෙන්න. එහෙම වුණොත් දරුවන් ඔබ ගැන වගේම අනිත් අය ගැනත් සැලකිල්ල දක්වන්න ඉගෙනගනියි.

  • ඔබේ තාත්තා ගොඩක් සැර, හැම තිස්සෙම වැරදි හොයපු කෙනෙක් නම් ඔබේ දරුවන්ට ඊට වඩා වෙනස් විදිහකට සලකන්න ඔබට ඕන වෙයි. ඒ නිසා ඔබ නිතරම දරුවන්ව අගය කරනවා. අගය කරන්න තරම් දෙයක් නොකරපු වෙලාවක වුණත් එහෙම කරනවා. එතකොට ‘ළමයින්ට එයාලා ගැනම හොඳ හැඟීමක් ඇති වෙයි. හැමදේටම වඩා අපිට ළමයින්ව වටිනවා කියලා එයාලට දැනුණොත් ඒ අය සාර්ථක වෙයි’ කියලා ඔබ හිතනවා.

    මේ ගැන සිතන්න: ඒ වගේ බොරු ප්‍රශංසාවලින් දරුවන්ට ප්‍රයෝජනයක් තියෙයිද? ඒකෙන් වෙන්නේ දැන් වගේම අනාගතයෙදීත් දරුවන්ට හානියක් වෙන එකයි.

    මෙහෙම කරලා බලන්න: ඕනෑවට වඩා දරුවන්ගේ වැරදි හොයන්න එපා. ඒ වගේම ඇත්තටම අගය කරන්න පුළුවන් යමක් කළේ නැත්නම් අගය කරන්නත් එපා.

  • ඔබට අවුරුදු පහක හා හයක දුවලා දෙන්නෙක් ඉන්නවා කියලා හිතන්න. ලොකු දුවට ඉක්මනට කේන්ති යනවා. ඊයේ එයා කේන්ති ගිහින් නංගිට හයියෙන් ගැහුවා. ඒ වෙලාවේ ඔබ මෙහෙම හිතුවා. ‘මම දුවට දඬුවම් කරන්නේ නැහැ. ආදරෙන් කියලා දෙනවා. මොකද එයා නරකයි කියලා කිව්වොත් එයාගේ හිත රිදෙයි.’

    මේ ගැන සිතන්න: අවුරුදු හයක පොඩි ළමයෙක්ට කාරණා පහදලා දෙන එක විතරක් ඇතිද? එයාගේ නංගිට ගහපු එක නරක වැඩක් කියලා කියන එක වැරදිද?

    මෙහෙම කරලා බලන්න: වැරදි වැඩක් කළාම ඒකට හරියන දඬුවමක් දෙන්න. ඒත් එහෙම කරන්න ඕන තරහෙන් නෙමෙයි ආදරෙන්. එතකොට දරුවන්ට එයාගේ වැරදි හදාගන්න පුළුවන් වෙයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න