ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 12/14 7 පි.
  • දස දෙසින්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දස දෙසින්
  • 2014 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඊශ්‍රායලය, ජොර්දානය සහ පලස්තීනය
  • ජර්මනිය
  • බ්‍රිතාන්‍යය
  • ලතින් ඇමරිකාව සහ කැරිබියන් දූපත්
  • මසුන්ට හිත නැති මිනිසුන්ට හිත ඇති මුහුද!
    2008 පිබිදෙව්!
  • නත්තලෙන් ඔබට අදහස් කරන්නේ කුමක්ද?
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නවීන නත්තලේ මූලාරම්භයන්
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පෙරදිගටත් නත්තල්?
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2014 පිබිදෙව්!
g 12/14 7 පි.

දස දෙසින්

ඊශ්‍රායලය, ජොර්දානය සහ පලස්තීනය

මළ මුහුද

මළ මුහුද ටිකෙන් ටික හිඳෙන නිසා හැම අවුරුද්දකම මීටරයක් පමණ ප්‍රමාණයකින් කුඩා වෙනවා. 2050 වෙද්දී ඒක සම්පූර්ණයෙන්ම හිඳෙයි කියලා හිතන බලධාරීන් ඒකට පිළියමක් හොයනවා. උදාහරණයකට, රතු මුහුදෙන් වතුර අරං ලුණු ඉවත් කරලා මිනිසුන්ගේ පරිභෝජනයට දුන්නට පස්සේ ඉතුරු වෙන ලුණු වතුර මළ මුහුදට මුදාහරින්න පුළුවන්ද කියලා හොයලා බලනවා. ඒත් එහෙම කළොත් මළ මුහුදට ආවේණික ලක්ෂණ නැති වෙයි කියලා සමහර අය කියනවා.

ජර්මනිය

ගිලන් රථයක්

හෘදයාබාධ නිසා රෝහල් ගත වෙන අයගේ ගණන අවුරුද්දේ වෙනත් දවස්වලට වඩා නත්තල් දවසේදී 33%කින් පමණ වැඩි වෙනවා කියලා එක් රක්ෂණ සමාගමක් හොයාගත්තා. නත්තල් තෑගි සොයන්න මහන්සි වීම නිසාත් නෑදෑයන් සහ යාළුවන් ඒ අයගෙන් ගොඩක් දේවල් බලාපොරොත්තු වෙන නිසාත් ඇති වන පීඩනය ඒකට මූලිකවම හේතු වෙන්න ඇති කියලා ඔවුන් හිතනවා.

බ්‍රිතාන්‍යය

වයසක මට්ටියෙකුගේ කාටූන් රූපයක්

අයිස්ලන්තය අවට මුහුදෙන් සොයාගත් මට්ටියෙක් අවුරුදු 405ක් පමණ ජීවත් වෙලා තියෙනවා කියලා බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් මුලදී හිතුවත් වැඩිදුර පර්යේෂණවලින් හොයාගත්තේ ඌ අවුරුදු 507ක් ජීවත් වෙලා තියෙනවා කියලයි. 2006දී අයිස්වල දමා පර්යේෂණ සඳහා ගෙනයද්දී මැරුණු ඒ මට්ටියාව මෙතෙක් වැඩිම කාලයක් ජීවත් වූ සත්වයාa ලෙස නම් කරලා තියෙනවා.

ලතින් ඇමරිකාව සහ කැරිබියන් දූපත්

මේ වසරේ මුල කියුබාවේ හවානා නගරයේ පැවැත්වූ සමුළුවකදී ලතින් ඇමරිකාවට සහ කැරිබියන් දූපත්වලට අයත් රටවල් 33ක් තම රටවල් සාම කලාපය කියලා නම් කළා. එහෙම කළේ ඔවුන් අතර යම් ප්‍රශ්නයක් ඇති වුණොත් සාමයෙන් විසඳගන්න එකඟ වුණු නිසයි. ඒ සමුළුවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්, බැං කි මූන් මහතාත් සහභාගි වුණා.

a අවුරුදු දහස් ගණන් ජීවත් වන කොරල් වැනි දේවල් මේ ගණන් බැලීමට ඇතුළත් නැහැ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න