ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 8/14 7 පි.
  • දස දෙසින්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දස දෙසින්
  • 2014 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ලොව වටා
  • බ්‍රිතාන්‍යය
  • රුසියාව
  • අප්‍රිකාව
  • එක්සත් ජනපදය
  • වාතය
    2023 පිබිදෙව්!
  • හීන වෙමින් පවතින ස්වාභාවික සම්පත්
    2005 පිබිදෙව්!
  • දස දෙසින්
    2013 පිබිදෙව්!
  • ආ, පිරිසිදු වාතය කොතරම් හොඳද!
    1996 පිබිදෙව්!
තව තොරතුරු
2014 පිබිදෙව්!
g 8/14 7 පි.

දස දෙසින්

ලොව වටා

ළඳරුවෙක්

“සෑම වසරකම මිලියන 3කට ආසන්න ළදරුවන් සංඛ්‍යාවක් ඉපදී මුල් මාසයේදීම මිය යනවා. ඉන් බොහොමයක් සිදු වන්නේ වළක්වා ගැනීමට හැකියාවක් තිබෙන හේතුවලින්. ඒ වගේම එම ළදරුවන්ගෙන් තුනෙන් එකකට වඩා මිය යන්නේ ඉපදෙන දවසේදීමයි.”—Save the Children International.

බ්‍රිතාන්‍යය

පුද්ගලයෙක් කාර් එකකට ඩීසල් පුරවමින්

2011දී ලන්ඩනයේ ප්‍රදේශ 15ක වායු දූෂණය නිසා සිදු වෙන මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා කියා මහජන සෞඛ්‍යය ගැන සොයා බලන ආයතනයක් සඳහන් කරනවා. වෙනත් ඉන්ධනවලට වඩා ඩීසල්වලින් පරිසරයට සිදු වන හානිය අවමයි කියා සැලකුවත් ඒ ප්‍රදේශවල සිදු වන වායු දූෂණයෙන් සියයට 91කටම හේතුව ඩීසල් වාහනයි.

රුසියාව

2013දී කළ සමීක්ෂණයකින් සොයාගත්තේ එරට වැසියන්ගෙන් සියයට 52ක් තමන් ඕතඩොක්ස් ආගමට අයිතියි කියා කිව්වත් ඔවුන් බයිබලයේ කොටසක්වත් කියවා නැති බවයි. ඒ වගේම ඔවුන්ගෙන් සියයට 28ක් පැවසුවේ ඔවුන් යාච්ඤා කරන්නෙත් කලාතුරකින් කියායි.

අප්‍රිකාව

අප්‍රිකානු ගොවියෙක්

ඉඩම්වල අයිතිය තහවුරු කරගැනීමට නොහැකි නිසා වගා කටයුතු අඩාළ වීම දුගීකමට හේතුවක් කියා ලෝක බැංකුවේ වාර්තාවක සඳහන් වෙනවා. ලොව පුරා තිබෙන වගා කළ හැකි ඒත් ප්‍රයෝජනයට නොගත් ඉඩම්වලින් අඩක්ම තියෙන්නේ අප්‍රිකාවේ. මේ වන විට එම රටේ ඉඩම්වලින් ලබාගත හැකි ඵලදාවෙන් ලැබෙන්නේ සියයට 25ක් පමණයි.

එක්සත් ජනපදය

ඉලෙක්ට්‍රොනික් ටැබ්ලට් එකක් සහ පොත් ගොඩක්

බොහෝ පාසැල් සහ විශ්වවිද්‍යාලවල පොත් පත් වෙනුවට අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය මෘදුකාංග ඇතුළත් කළ ඉලෙක්ට්‍රොනික් ටැබ්ලට් භාවිත කරන්න සැලසුම් යොදනවා. ඒත් මෙය වියදම් අඩු දෙයක්ද නැද්ද යන්න තවමත් ප්‍රශ්නයක්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න