ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 6/14 3 පි.
  • දස දෙසින්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දස දෙසින්
  • 2014 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • චීනය
  • ලොව වටා
  • කැනඩාව
  • අයර්ලන්තය
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ විවාහ උත්සවයකදී සිද්ධ වෙන්නේ මොනවාද?
    නිතර අසන ප්‍රශ්න
  • දෙවි සහ මිනිසුන් ඉදිරියෙහි සිදු කරන ගෞරවනීය විවාහයන්
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නීතිය හා සම්බන්ධ වාර්තා
    2014 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
තව තොරතුරු
2014 පිබිදෙව්!
g 6/14 3 පි.

දස දෙසින්

චීනය

දික්කසාද වූ යුවළක්

පසුගිය වසරට සාපේක්ෂව 2013 මුල් මාස 9 තුළදී පමණක් බීජිං නුවරේ සිදු වන දික්කසාද සංඛ්‍යාව සියයට 41කින් ඉහළ ගොස් තිබෙනවා. නිවසක් විකිණීමේදී විවාහක යුවළකට ලැබෙන ලාභයෙන් සියයට 20ක නව බද්දක් ගෙවීමට සිදු වීමත් දික්කසාද වූ අය නිවසක් විකිණීමේදී බදු සහන ලැබීමත් ඊට හේතුව වෙන්න ඇතැයි කියා විද්වතුන් හිතනවා.

ලොව වටා

ආහාරයට සුදුසු කෘමීන්

කෘමීන්ව ආහාරයට ගැනීමෙන් මන්දපෝෂණය පිටුදැකීමට හැකියි කියා එක්සත් ජාතීන්ගේ සංවිධානය කියනවා. “අපි කෑමට නොගන්නා, පෝෂණයෙන් අධික දේවල් කෘමීන් ආහාරයට ගන්න නිසාත් කෘමීන් පෝෂණ ගුණයෙන් අනූන නිසාත් ආහාරයට සුදුසු කෘමීන්ව කෑමෙන් මස්වලින් ලැබෙන පෝෂණයම ලබාගන්න පුළුවන්” කියා වාර්තාවක සඳහන් වුණා. “ඒත් සමහර අය කෘමීන්ව ආහාරයට ගන්න වැඩිය කැමති නැහැ” කියාත් ඔවුන් සඳහන් කරනවා.

කැනඩාව

රසායනාගාරවල තිබෙන මිනිස් කලල

රසායනාගාරවල තැන්පත් කර තිබෙන, අයිතිකරුවන්ව සොයාගන්න බැරි කලලවලට සිදු කරන්නේ කුමක්ද කියා තීරණයක් ගැනීමට නොහැකිව එහි නිලධාරීන් විශාල ගැටලුවකට මැදි වී සිටිනවා. මන්ද ඒවා විනාශ කිරීම නීතිය හා සදාචාරය සම්බන්ධ ගැටලුවක්. එක් රසායනාගාරයක පමණක් එවැනි කලල 1,000ක් තිබෙනවා.

අයර්ලන්තය

විකල්ප මෙහෙයක් වැනි දේවල්

පල්ලියෙන් විවාහ වෙන්නේ නැත්නම් විවාහය ලියාපදිංචි කිරීම හැර වෙනත් විකල්පයක් 2013 වන තුරු කතෝලිකයන්ට තිබුණේ නැහැ. ඒත් එම වසරේ සිට මානව හිතවාදී කණ්ඩායමක් විසින් විවාහ මෙහෙයන් පැවැත්වීමේ ක්‍රමයක් හඳුන්වාදී තිබෙනවා. පල්ලියෙන් විවාහ වීමට අකමැති ඒත් ලියාපදිංචි කිරීමට අමතරව දිරිගන්වන කතාවක් වගේ දෙයක් අහන්න ආස අය ඒ සඳහා කැමැත්තක් දක්වනවා. ඒ නිසා දැන් එයට තිබෙන්නේ විශාල ඉල්ලුමක්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න