ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 5/14 3 පි.
  • දස දෙසින්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දස දෙසින්
  • 2014 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අග්නිදිග ආසියාව
  • යුරෝපය
  • නවසීලන්තය
  • ඇලස්කාව
  • ලොව වටා
  • යමු බලන්න තේජාන්විත මීකොං ගඟ
    2006 පිබිදෙව්!
  • අනේ අපිට පිහිට වෙන්නේ කවුද?
    2012 පිබිදෙව්!
  • සංකීර්ණ ජෛව ජාලය
    2001 පිබිදෙව්!
  • දස දෙසින්
    2013 පිබිදෙව්!
තව තොරතුරු
2014 පිබිදෙව්!
g 5/14 3 පි.

දස දෙසින්

අග්නිදිග ආසියාව

ගසක එතී සිටින සර්පයෙක්

එක් වාර්තාවකට අනුව 1997ත් 2011ත් අතර කාලය තුළ සත්ව හා ශාක විශේෂ බොහොමයක් මීකොං ලෙස හඳුන්වන ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා. ඒ අතර අලුත් පොළොං විශේෂයක්ද (Trimeresurus rubeus) සිටිනවා. 2011 වසරේදී පමණක් අලුත් ශාක විශේෂ 82ක් උරග විශේෂ 21ක් මසුන් විශේෂ 13ක් උභයජීවී විශේෂ 5ක් සහ ක්ෂීරපායී විශේෂ 5ක් සොයාගෙන තිබෙනවා.—World Wildlife Fund.

යුරෝපය

ගණිකා වෘත්තිය සඳහාත් මෙහෙකාරකමටත් මිනිස් අවයව ලබාගැනීමටත් මිනිසුන්ව විකිණීම යුරෝපය පුරාම විශාල ගැටලුවක් වී තිබෙනවා කියා එක් පුවත්පතක සඳහන් වුණා. (The Moscow Times) ඒ සඳහා ජාවාරම්කරුවන්ට උපකාරවත් වී තිබෙන්නේ දුප්පත්කම, විරැකියාව සහ උස් පහත් භේද වැනි සමාජයේ පවතින ගැටලුයි.

නවසීලන්තය

රූපවාහිනිය නරඹන දරුවෙක්

පර්යේෂකයන් සොයාගෙන තිබෙන්නේ කුඩා දරුවන් සහ යෞවනයන් පැය ගණනාවක් රූපවාහිනිය නරඹන නිසා ඔවුන් වැඩිහිටියන් වෙද්දී “සමාජ ආශ්‍රයට අකමැති පුද්ගලයන්” බවට පත් වෙනවා කියායි. තවදුරටත් ඔවුන් කියන්නේ “දරුවෙක් දවසකට පැයක් හෝ දෙකක් පමණක් ප්‍රයෝජනවත් රූපවාහිනී වැඩසටහන් නැරඹීම ප්‍රමාණවත්” බවයි.

ඇලස්කාව

ඇලස්කාවේ ගමක්

එම රටේ ගම්මාන බොහොමයක් පිහිටලා තියෙන්නේ මුහුදු වෙරළ හෝ ගංගා අසල නිසා ඒවායින් සියයට 86ක් පමණ ගංවතුරට හෝ ඛාදනයට ලක් වෙනවා. ඉහළ යන උෂ්ණත්වය නිසා එම ගම්මානවල ආරක්ෂාවට තියෙන අයිස් තට්ටුව වර්ධනය වෙන්නේ හරිම හෙමින් කියා එක් වාර්තාවක සඳහන් වුණා. ඒ නිසා එම ගම්මාන කුණාටුවලිනුත් පහර ලබනවා.

ලොව වටා

සුළං මෝල

පරිසරයට හිතකර සුළං සහ සූර්ය බලශක්තිය නිපදවීම සඳහා විශාල මුදලක් ආයෝජනය කළත් “මීට අවුරුදු 20කට කලින් බලශක්තිය නිපදවීමේදී පරිසරයට සිදු වූ හානිය තවමත් සිදු වෙනවා” කියා ජගත් බලශක්ති සංවිධානයේ විධායක අධ්‍යක්ෂකවරියක් වන මරියා වැන්ඩ හූවන් පවසනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න