ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 3/14 3 පි.
  • දස දෙසින්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දස දෙසින්
  • 2014 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ස්පාඤ්ඤය
  • චීනය
  • ජපානය
  • මොරිටානියාව
  • ලොව වටා
  • ජාත්‍යන්තර කර්මාන්තයක් වූ සංචාරක ව්‍යාපාරය
    2002 පිබිදෙව්!
  • සංචාරක ව්‍යාපාරයේ අනාගතය
    2005 පිබිදෙව්!
  • “ලෝකයේ ඉදිරියෙන්ම සිටින ව්‍යාපාරය”
    2005 පිබිදෙව්!
  • දස දෙසින්
    2011 පිබිදෙව්!
තව තොරතුරු
2014 පිබිදෙව්!
g 3/14 3 පි.

දස දෙසින්

ස්පාඤ්ඤය

විනාශ වූ ගොඩනැඟිලි දෙස බලා සිටින ජීවිතාරක්ෂක භටයෙක්

නවදෙනෙකුට මරු කැඳවමින් 2011 වසරේ ලෝකා නගරයේ සිදු වූ දරුණු භූමිකම්පාව ගැන විද්‍යාඥයන් පිරිසක් කියන්නේ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් ඊට හේතු වී තිබෙන බවයි. භූමිකම්පාව සිදු වූ ප්‍රදේශය අසල භූගත ජලය වාරිමාර්ග කටයුතු සඳහා වැඩි වශයෙන් යොදාගැනීම මීට බලපාන්න ඇති බව ඔවුන් සිතනවා.

චීනය

චීන සංචාරකයන්

2012දී චීනයේ ජනයා විදේශ සංචාර සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 102ක් වැය කර තිබෙනවා. සාමාන්‍යයෙන් විදේශ සංචාර සඳහා වැඩිම මුදලක් වැය කරන රටවල් දෙකක් වන ජර්මනිය සහ ඇමරිකාව මෙවර වැය කර තිබෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 84ක් සහ 83ක් බැගින්. චීනය අංක එකට පැමිණ තිබෙන්නේ මුල් වතාවටයි.—​UN World Tourism Organization.

ජපානය

දුම්වැටියක් බොන කාන්තාවක්

පුද්ගලයන් 68,000ක් පමණ යොදාගෙන අවුරුදු 23ක් පුරා කළ සමීක්ෂණයකට අනුව 1920ත් 1945ත් අතර ඉපදුණු කාන්තාවන් අතරින් අවුරුදු 20ක් වෙන්න කලින් දුම්පානය කර තිබූ අයගේ ආයු කාලය දුම්පානය නොකළ අයගේ ආයු කාලයට වඩා අවුරුදු 10කින් පමණ අඩු බවත් පුරුෂයන්ගේ ආයු කාලය අවුරුදු 8කින් අඩු බවත් සොයාගත්තා.

මොරිටානියාව

මුහුදේ පාවෙන ප්ලාස්ටික් බෑග් එකක්

මුහුදේ හා ගොඩබිමේ වෙසෙන ජීවීන්ට හානිකර ප්ලාස්ටික් බෑග් ආනයනය, නිෂ්පාදනය සහ භාවිතය තහනම් කර තිබෙනවා. ඒ වෙනුවට පරිසරයට හිතකර බෑග් භාවිත කරන්න කියා රජයෙන් උනන්දු කරනවා.

ලොව වටා

කාලගුණික විපත් නිසා රක්ෂණ සමාගම්වලට වසරකට සිදු වන පාඩුව ඇමරිකානු ඩොලර් බිලියන 50යි. ඒ අගය උද්ධමනයට අනුව සකස් කළත් 1980 සිට සිදු වන පාඩුව සෑම වසර 10කට වරක්ම දෙගුණයකින් වැඩි වී තිබෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න