ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 2/14 3 පි.
  • දස දෙසින්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දස දෙසින්
  • 2014 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • එක්සත් ජනපදය
  • ඉතාලිය
  • මලයාසියාව
  • අප්‍රිකාව
  • ඕස්ට්‍රේලියාව
  • ඒඩ්ස් රෝගයට එරෙහි සටනේ සාර්ථක ප්‍රතිඵල
    2004 පිබිදෙව්!
  • ඒඩ්ස් රෝගය සඳහා ප්‍රතිකාරයක් වහාම අවශ්‍යයි!
    2004 පිබිදෙව්!
  • බෝවන රෝග මාරාන්තිකයි නමුත් වැළැක්විය හැකියි
    2001 පිබිදෙව්!
  • සූදුවේ ඇති වරද මොකක්ද?
    2002 පිබිදෙව්!
තව තොරතුරු
2014 පිබිදෙව්!
g 2/14 3 පි.

දස දෙසින්

එක්සත් ජනපදය

දුම් බොන කෙනෙක්ව ආයතනයක සේවයට ගැනීමෙන් දුම් නොබොන කෙනෙක්ව ගන්නවාට වඩා ඩොලර් 5,816ක අමතර වියදමක් දැරීමට සිදු වෙන බව එක් සඟරාවක සඳහන් වෙනවා. (New York Times) දුම් වැටි බීමට ගත වන කාලය, වෛද්‍ය පහසුකම්වලට වැඩි මුදලක් වැය වීම, නිතරම වැඩ අතපසු කිරීම සහ දුම් බීමට ඇබ්බැහි වීමෙන් ඇති වෙන අතුරු ආබාධ නිසා කාර්යක්ෂමතාව අඩු වීම වැනි දේවල් එයට හේතු වන බව පර්යේෂකයන් සොයාගත්තා.

ඉතාලිය

ෆ්රැන්සිස් පාප්වරයා

“පූජකයන් සහ ආගම අදහන්නන්, උගන්වන දේවල්වලට අනුව ක්‍රියා කරන්නේ නැති නිසා පල්ලිය ගැන මිනිසුන් තුළ තියෙන විශ්වාසය අඩුවෙලා.”—ෆ්රැන්සිස් පාප්වරයා.

මලයාසියාව

නිලධාරීන් විසින් ඇත්දළ අත්අඩංගුවට ගැනීම

නිලධාරීන් විසින් ටොන් 24ක් බරැති ඇත්දළ දහසකට වඩා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ටෝගො සිට චීනය දක්වා ගෙන යමින් තිබූ මෙම ඇත්දළ සඟවා තිබුණේ ලී තොගයක් තුළයි. එය මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති විශාලතම ඇත්දළ තොගය බව පරිසර සංරක්ෂකයන් පවසනවා.

අප්‍රිකාව

අප්‍රිකානු මිනිසෙක්

ලෝක සෞඛ්‍යය සංවිධානයේ 2012 වසරේ වාර්තාවකට අනුව මරණවලින් සියයට 63ක් ඒඩ්ස්, පාචනය, මැලේරියාව, ක්ෂය රෝගය සහ ළමා රෝග වැනි බෝ වන රෝග නිසා සිදු වන බව වාර්තා වෙනවා.

ඕස්ට්‍රේලියාව

ස්මාට්ෆෝන් එකක ඇතුළත් කර ඇති සූදු ක්‍රීඩාවක්

ස්මාට්ෆෝන් වැනි උපකරණවලට ඇතුළත් කළ හැකි සූදු ක්‍රීඩා දරුවන් අතර ඉතා ජනප්‍රියයි. ඉන් සමහර ඒවා කැසිනෝවල කරන ක්‍රීඩාවලට සමාන වන අතර ඒවා සකස් කර තිබෙන්නේ ඉක්මනින් දිනන්න පුළුවන් විදිහටයි. මෙවැනි දේවලින් ළමයින් සූදුවේ නියැලීමේ වරදක් නැහැයි කියා ඇඟවෙන නිසා අනාගතයේදී ඔවුන් සූදුවට ඇබ්බැහි වෙයි කියා රජයෙන් අනතුරු අඟවනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න