ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 2/13 12-13 පි.
  • ප්ලේටෝ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ප්ලේටෝ
  • 2013 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඔබ මේ ගැන දැන සිටියාද?
  • ප්ලේටෝගේ ඉගැන්වීම් ප්‍රචලිත වුණේ කොහොමද?
  • නැවත නැගිටීම ගැන පාවුල් ප්ලේටෝට එරෙහි වී
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මරණින් පසු ජීවිතයක්—ජනයා විශ්වාස කරන්නේ කුමක්ද?
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නැවත-නැඟිටීම කෙරෙහි ඔබේ විශ්වාසය කොතරම් ප්‍රබලද?
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ප්‍රාණය සඳහා වඩාත් හොඳ බලාපොරොත්තුවක්
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2013 පිබිදෙව්!
g 2/13 12-13 පි.

අතීතයෙන් සටහනක්

ප්ලේටෝ

ප්ලේටෝ (ක්‍රි.පූ. 427-347 පමණ) ග්‍රීක දාර්ශනිකයෙක්. ඔහුගේ දෙමව්පියෝ ග්‍රීසියේ ඇතන්ස් නගරයේ ජීවත් වූ රදළයන්. ඉතා ධනවත් සහ බලවත් පවුලක තරුණයෙකුට ලැබුණු උසස් අධ්‍යාපනය ඔහුත් ලැබුවා. සුප්‍රකට දාර්ශනිකයෙක් වූ සොක්‍රටීස්ගෙත් දාර්ශනිකයෙක් හා ගණිතඥයෙක් වූ පයිතගරස්ගෙත් සංකල්ප ඔහුට ප්‍රබල බලපෑමක් වුණා.

මධ්‍යධරණී වෙරළ තීරය පුරා සංචාරය කළ ප්ලේටෝ සිරකූසයට පැමිණ එහිදී දේශපාලන කටයුතුවල යෙදුණා. සිරකූසය එවකට ග්‍රීසියට අයත් සිසිලිය දූපතේ නගරයක්. නැවතත් ඇතන්ස් බලා ගිය ඔහු ඇකඩමි කියන පාසැල පිහිටෙව්වා. ගණිතය හා දර්ශනය පිළිබඳ පර්යේෂණවලට තෝතැන්නක් වූ ඇකඩමිය, යුරෝපයේ මුල්ම විශ්ව විද්‍යාලය ලෙස සැලකෙනවා.

ඔබ මේ ගැන දැන සිටියාද?

ප්ලේටෝගේ ඉගැන්වීම් ලොව පුරා සිටින මිලියන ගණනකගේ ආගමික විශ්වාසයන්ට තදින් බලපෑවා. පොදුවේ ක්‍රිස්තියානි ආගම්වලටත් කොතරම් බලපෑවාද කියනවා නම් ඒ අය සිතන්නේ ඒ ඉගැන්වීම් බයිබලයේ සඳහන් ඒවා කියායි. අමරණීය ආත්මය පිළිබඳ සංකල්පය ප්ලේටෝගේ මූලික ඉගැන්වීමක්. කෙනෙක් මැරෙද්දී ඔහුගේ ශරීරය මැරුණත් ඔහුගේ ආත්මය ඉතුරු වෙනවා කියා ප්ලේටෝ කිව්වා.

“ආත්මයේ අමරණීයත්වය ප්ලේටෝ කැමතිම විෂයක්”—Body and Soul in Ancient Philosophy

මරණයෙන් මතු ජීවිතය ගැන සොයා බලන්න ඔහු හුඟක් උනන්දු වුණා. එක් පොතක සඳහන් වුණේ “ආත්මයේ අමරණීයත්වය ප්ලේටෝ කැමතිම විෂයක්” කියායි. කෙනෙක් පොළොවේදී කළ දේවලට අනුව “ඔහු මැරෙන විට ඔහු තුළ තිබෙන ආත්මය ආශීර්වාද ලැබීමට හෝ දඬුවම් විඳීමට ඔහුගෙන් බැහැර වී වෙන තැනකට යන බව ඔහු තදින් විශ්වාස කළා.”a—Body and Soul in Ancient Philosophy.

ප්ලේටෝගේ ඉගැන්වීම් ප්‍රචලිත වුණේ කොහොමද?

ප්ලේටෝ ආරම්භ කළ ඇකඩමිය අවුරුදු 900කට වැඩි කාලයක් පුරා පැවතුණා. (ක්‍රි. පූ. 387 සිට ක්‍රි.ව. 529 දක්වා) ඒ කාලය පුරා ඇකඩමිය හරහා ප්ලේටෝගේ ඉගැන්වීම් ප්‍රබලව ව්‍යාප්ත වුණා. ග්‍රීක සහ රෝම අධිරාජ්‍යයන්ගේ යටත් විජිත රටවලත් ඒ ඉගැන්වීම් ප්‍රසිද්ධ වුණා. යුදෙව් දාර්ශනිකයෙක් වූ ඇලෙක්සැන්ඩ්‍රියාවේ ෆිලෝ වගේම බොහෝ ක්‍රිස්තියානියි කියා ගත් ආගමික නායකයන් ප්ලේටෝගේ ඉගැන්වීම් පිළිගත්තා. එහි ප්‍රතිඵලයක් විදිහට අමරණීය ආත්මය ඇතුළු මිථ්‍යා දාර්ශනවාදී ඉගැන්වීම් යුදෙව් හා ක්‍රිස්තියානි ආගම්වලට කාන්දු වුණා.

“සෑම ක්‍රිස්තියානි ආගමකම එහි ඉගැන්වීම්වල යම් දුරකට ග්‍රීක දර්ශනවාදී අදහස්, විශේෂයෙන්ම ප්ලේටෝගේ අදහස් ඇතුළත් වෙනවා. ක්‍රිස්තියානි ආගම විග්‍රහ කරන අය පවා ප්ලේටෝගේ දර්ශනවාදයට ගැතිව සිටියා” කියා එක් ශබ්දකෝෂයක සඳහන් වුණා. දැන් අපි ඒ ගැන තොරතුරු කිහිපයක් බලමු.—The Anchor Bible Dictionary

ප්ලේටෝ කියූ දේ: “සැබෑ පුද්ගලයා කියන්නේ කෙනෙකුගේ සිරුරට නෙමෙයි. ඔහු තුළ තිබෙන අමරණීය ආත්මයටයි. මරණයේදී එය මෙලොවින් බැහැර වෙලා දෙවිවරුන් වෙතට යනවා. හොඳ දේවල් කළ අයට භය නැතුව දෙවිවරු ඉදිරියට යන්නත් වැරදි දේවල් කළ අයට භයෙන් දෙවිවරුන්ට ගණන් දෙන්නත් ඒ අවස්ථාවේදි සිදු වෙනවා.”—Plato—Laws, XIIවන පොත.

බයිබලයේ කියන දේ: මැරුණු කෙනාට පෙනෙන්නේ හෝ ඇසෙන්නේ නැහැ. සිතන්නත් බැහැ. මරණය සමාන කරලා තියෙන්නේ කිසිම දෙයක් නොදැනෙන තද නින්දකට. නොනැසී පවතින කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැති නිසා ඔහුගේ පැවැත්ම සම්පූර්ණයෙන්ම අවසන් වෙයි. ඒත් මිය ගිය අයව නැවත නැඟිටුවනවා.b (යොහන් 11:11-15; ක්‍රියා 24:15, 16). මේ බයිබල් පද ගැන සිතා බලන්න

  • “මිය ගිය අය කිසිවක් දන්නේ නැත. . . . ඔබ යන මිනී වළේදී කිසි වැඩක් කරන්නවත් කිසි දෙයක් ගැන කල්පනා කරන්නවත් ඔබට නොහැක. එහි දැනුමද ප්‍රඥාවද නැත.”—දේශනාකාරයා 9:5, 10.

  • “ඔවුහු අවසන් හුස්ම හෙළූ පසු නැවත දූවිල්ලට හැරී යන්නෝය. ඒ මොහොතේම ඔවුන්ගේ කල්පනාව නැති වී යන්නේය.”—ගීතාවලිය 146:4.

  • “සොහොන් ගෙවල්වල සිටින සියලුදෙනාටම ඔහුගේ හඬ ඇසෙන කාලය පැමිණෙනවා. ඒ කාලයේදී යහපත් දේ කරන අය ජීවනය සඳහා නැවත නැඟිටීමක් ලබන අතර පිළිකුල් දේවල් කරන අය විනිශ්චයක් සඳහා නැවත නැඟිටීමක් ලබනවා.”—යොහන් 5:28, 29.

මරණයේදී සිරුරෙන් බැහැර වන නොමැරෙන ආත්මයක් ගැන බයිබලයේ සඳහන් වෙන්නේ නැති බව ඉන් පැහැදිලියි. ඒ නිසා මේ ගැන හොඳින් හිතන්න. “මගේ විශ්වාසය පදනම් වෙලා තියෙන්නේ බයිබලය මතද නැත්නම් ප්ලේටෝගේ දර්ශනවාදී ඉගැන්වීම මතද?”

a ආත්මයේ අමරණීයත්වය පිළිබඳ සංකල්පය පතළ කළේ ප්ලේටෝ වුණත් එය මුළින්ම විශ්වාස කළේ ඔහු නෙමෙයි. ඒ ඉගැන්වීම පුරාණ ඊජිප්තුවේ හා බැබිලෝනියේ තිබූ ආගම්වලත් වෙනත් මිථ්‍යා ආගම්වලත් විවිධ ස්වරූපයෙන් ඉගැන්වූවක්.

b නමුත් අමරණීය ආත්මය කියන ඉගැන්වීමට අනුව ආත්මය නොමැරෙන නිසා නැවත නැඟිටීමක් අවශ්‍ය වන්නේ නැහැ.

“කෙනෙක් මැරෙන විට ඔහුගේ සිරුරෙන් බැහැර වන නොමැරෙන ආත්මයක් කියන සංකල්පය බයිබලයේ නැත.”—New Catholic Encyclopedia.

“අමරණීය ආත්මය ගැන තදින් විශ්වාස කරන්න පටන්ගත්තෙත් එය යුදෙව් හා ක්‍රිස්තියානි ආගම්වල ප්‍රධාන ඉගැන්වීමක් බවට පත් වුණෙත් බයිබලය ලියූ කාලවලින් පසුවයි.”—Encyclopaedia Judaica.

“කෙනෙක් මැරෙද්දී ඔහුගේ ශරීරය මැරුණත් ඔහුගේ ආත්මය ඉතුරු වෙනවා කියන විශ්වාසය දාර්ශනික හා ආගමික අනුමානයක් පමණයි. බයිබලයේ කොතනකවත් එහෙම ඉගැන්වීමක් නැහැ.”—The Jewish Encyclopedia.

තොරතුරු බිඳක්

  • ප්ලේටෝ පුරාණයේ සිටි ඉතාම ප්‍රබල දාර්ශනිකයෙක්.

  • තරුණ කාලයේදී දේශපාලනය ගැන උනන්දුවක් දැක්වූවත් පසුව ඒ ගැන කලකිරුණා.

  • පසු කාලයේදී ඔහු ආචාරධර්ම, යුක්තිය, ඥානය, මධ්‍යස්ථභාවය, භක්තිය, ආත්මය සහ නිර්භීතකම යන විෂයන් ගැන ලිව්වා.

  • ගුරුවරයෙක්, දාර්ශනිකයෙක් හා විද්‍යාඥයෙක් වූ ඇරිස්ටෝටල් ප්ලේටෝගේ දක්ෂම ශිෂ්‍යයායි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න