ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 2/13 3 පි.
  • දස දෙසින්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දස දෙසින්
  • 2013 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඊශ්‍රායලය
  • ඕස්ට්‍රේලියාව
  • ග්‍රීසිය
  • එක්සත් ජනපදය
  • මැඩගස්කරය
  • යෙහෝවාට සේවය කිරීමට අපි ගත්ත අධිෂ්ඨානය
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ක්‍රීඩාවෙන් නොලද තෘප්තියක්
    2007 පිබිදෙව්!
  • රන් සොයා ගිය ගමනක්
    2011 පිබිදෙව්!
2013 පිබිදෙව්!
g 2/13 3 පි.

දස දෙසින්

ඊශ්‍රායලය

“කලලයක්ව ඉද්දී විකලතා හඳුනාගන්න හැකියාව තියෙද්දී” එසේ නොකළ වෛද්‍යවරුන්ට එරෙහිව නඩු දාන්න විකලතා ඇතුව ඉපදුන දරුවන්ට තවදුරටත් අයිතියක් නෑ. ඒත් “ඒ වගේ දරුවෙක්ට ඔහුගේ ජීවිත කාලය පුරාවට වැය වන අමතර වියදම් වෙනුවෙන්” වන්දි ඉල්ලා නඩු දාන්න දෙමව්පියන්ට පුළුවන්. එහෙම වාර්තා කළේ වෙබ් අඩවියක්.—Haaretz.com.

ඕස්ට්‍රේලියාව

ඕස්ට්‍රේලියාවේ යුවළයන් දහයකින් අටක්ම විවාහ වෙන්න කලින් එකට ජීවත් වෙනවා.

ග්‍රීසිය

ග්‍රීසියේ සෞඛ්‍ය අමාත්‍යංශයේ සංඛ්‍යා ලේඛනයකට අනුව 2011 මුල් මාස පහේදී වුණ දිවි නසාගැනීම් 2010 ඒ කාලයේදී වුණ ගානට වඩා සියයට 40කින් වැඩියි. ආර්ථික අර්බුදය ඇති වුණෙත් ඒ කාලෙදිමයි.

එක්සත් ජනපදය

එම රටේ නිපදවන ආහාරවලින් සියයට 40ක් විතර නාස්ති වෙනවා කියලා එක් ආයතනයක් හොයාගත්තා. ඔවුන් කියන විදිහට වගා කරන බෝගවලින් සියයට හතක විතර අස්වැන්නක් නෙළන්නේ නැහැ. ඒ වගේම ආපන ශාලාවල පිසින ආහාරවලින් සියයට 17ක් සහ ගෙදර අයට කන්න මිල දී ගන්නා කෑමවලින් සියයට 25ක් විතර කුණු බක්කියට දමනවා.

මැඩගස්කරය

ලොව පොඩිම බෝදිලිමාව හොයාගෙන තියෙන්නේ මැඩගස්කරයෙන්. මිලිමීටර් 29ක් දක්වා වැඩෙන මේ දුඹුරු කටුසු වර්ගය ඇඟිලි තුඩක වුණත් රඳවගන්න පුළුවන්. හැබැයි ඌට එල්ල වෙන තර්ජන නිසා ඌ සදහටම මිහිමතින් සමුගන්නා දිනය වැඩි ඈතක නෙමේ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න