ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 11/12 18-20 පි.
  • පීඩනය අඩු කරගන්නේ කොහොමද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පීඩනය අඩු කරගන්නේ කොහොමද?
  • 2012 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • වැඩ අඩු කරගන්න
  • ශක්තිමත් වෙන්න
  • ඉස්කෝලේදී දැනෙන පීඩනයට මම මුහුණ දෙන්නේ කොහොමද?
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 1වන පොත
  • පාසැලේදී දැනෙන පීඩනය සමඟ කටයුතු කරන්නේ කොහොමද?
    2008 පිබිදෙව්!
  • මානසික පීඩනය පාලනය කිරීම
    2010 පිබිදෙව්!
  • මානසික පීඩනයට මුහුණ දෙන්න ඔබට හැකියි!
    2005 පිබිදෙව්!
තව තොරතුරු
2012 පිබිදෙව්!
g 11/12 18-20 පි.

යොවුන් සිතේ ගැටලු

පීඩනය අඩු කරගන්නේ කොහොමද?

  • දරාගන්න බැහැ

  • පීඩනයක් දැනෙනවා

  • දරාගන්න පුළුවන්

  • පීඩනයක් ඇත්තෙම නැහැ

දරාගන්න බැරි තරම් පීඩනයක් ඇති වුණොත් ඒක ඔයාගේ සෞඛ්‍යයට බලපාන්නත් පුළුවන්. ඒක මේ උදාහරණයෙන් තේරුම්ගමු. ලොකු ට්‍රක් එකකට කන්ටේනරයක් පහසුවෙන් ඇදගෙන යන්න පුළුවන් වුණත් කාර් එකකට ඒක කරන්න බැහැ. මොකද කාර් එකේ එන්ජින් එකට ඒක දරන්න බැහැ. පීඩනයත් ඒ වගේ.

ඔයාට දරාගන්න බැරි තරම් පීඩනයක් දැනෙනවද? එහෙමනම් ඔයාට කරන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. එකක් ඔයාගේ වැඩ අඩු කරගන්න. අනිත් එක පීඩනයට ඔරොත්තු දෙන්න පුළුවන් විදිහට ඔයා ශක්තිමත් වෙන්න.

වැඩ අඩු කරගන්න

අභියෝගය: වැඩ වැඩියි.

“කවුරු හරි මගෙන් උදව්වක් ඉල්ලුවොත්, පාටියකට එන්න කියලා කිව්වොත් මට වැඩ තිබුණත් ඒගොල්ලන්ගේ හිත රිද්දන්න බැරි නිසා හැම දේටම මම හා කියනවා.”—කරීනා.a

විසඳුම: බැරි නම් බෑ කියන්න ඉගෙනගන්න.

බයිබලයේ කියලා තියෙනවා ‘නිහතමානී අය ප්‍රඥාවන්තයි’ කියලා. (හිතෝපදේශ 11:2) නිහතමානී කෙනෙක් තමන්ට කරන්න පුළුවන් ප්‍රමාණය තේරුම්ගෙන තමන්ට කරන්න බැරි දේට බැහැ කියනවා.

ඒ වුණාට හැම දේකටම බැහැ කියන්න බැහැ. උදාහරණයකට දෙමව්පියන් ඔයාට වැඩක් භාර දුන්නම ඒක කරන්නම ඕනනේ. ඒත් හැමෝම කියන හැමදේම කරන්න ගියොත් තමයි ඔයාට පීඩනයක් ඇති වෙන්නේ.

යෝජනාවක්: කාට හරි එකපාරටම බැහැ කියන්න බැරි නම් මම පස්සේ ඔයාට උත්තරයක් දෙන්නම් කියලා කියන්න. ඊටපස්සේ ඔයාගේ වැඩත් එක්ක ඒ දේ කරන්න පුළුවන්ද කියලා හොඳට හිතලා උත්තරයක් දෙන්න.

අභියෝගය: වැඩේ කල් දාන පුරුද්ද.

“කරන්න තියෙන වැඩේ අමාරු නම් මම ඒක කල් දානවා. ඒත් ඒක කරන්නම ඕන එකක් නිසා පීඩනය වැඩි වෙනවා. අන්තිම මොහොතේ කරන්න යනකොට පීඩනය තවත් වැඩි වෙනවා.”—සෙරීනා.

විසඳුම: වැඩේ පටන්ගන්න.

බයිබලයේ උපදෙස් දෙන්නේ ‘කම්මැළි වෙන්න එපා’ කියලා. (රෝම 12:11) අමාරු වැඩක් කරන්න තියෙනකොට ඒක ඔළුවට ලොකු බරක්. ඒක කල් දාන්න, කල් දාන්න ඔළුවේ බර තවත් වැඩි වෙනවා. ඒ නිසා පුළුවන් ඉක්මනින් ඒක කරලා දාන්න.

වැඩ ටික ආසාවෙන් කරන්න නම් ඒ වැඩ ටික කොළයක ලියාගන්න. අමාරු වැඩක් නම් ඒක කරන්න පුළුවන් විදිහට වැඩේ කොටස්වලට බෙදාගන්න. කැරල් මෙහෙම දෙයක් කියනවා. “කරන්න ඕනේ වැඩ ටික මම ලියාගන්නවා. කරන්න ආස නැති වැඩ ටික තමයි මුලින්ම ලියාගන්නේ. ඒවා එකින් එක ඉවර කරද්දී දන්නෙම නැතුව අන්තිමට ඉතුරු වෙලා තියෙන්නේ මම කරන්න හුඟක්ම ආස දේවල්. එතකොම මම ඒවා ආසාවෙන් කරනවා.”

යෝජනාවක්: ඔයාට වැඩක් කරන්න පටන්ගන්න අමාරු නම් මෙහෙම කරන්න. එලාම් ඔරලෝසුවක් අරන් විනාඩි 15කට විතර ඒක සෙට් කරන්න. ඒ එක්කම වැඩේ පටන්ගන්න. එලාම් එක වදිනකොට ඔයාට තේරෙයි විනාඩි 15ට ඔයා කොච්චර වැඩක් කරලද කියලා. එතකොට වැඩේ ඉතුරු ටික ඉවර කරන්න ඔයාට ආස හිතෙයි.

විනාඩි පහක් අරන් කලින් දා රෑ ඔයාගේ ඇඳුම් ටිකයි පොත් ටිකයි ලෑස්ති කරලා තියනවා නම් පහුවදා උදේට දැනෙන පීඩනය අඩු කරගන්න පුළුවන්.

ශක්තිමත් වෙන්න

සෞඛ්‍යය ගැන හිතන්න.

යෞවනයන්ට උපදෙස් දෙන ප්‍රවීණයන් කියන්නේ පෝෂ්‍යදායී ආහාර, දිනපතා ව්‍යායාම් කිරීම සහ හොඳ නින්දක් ලබාගැනීම කෙනෙකුගේ ක්‍රියාශීලීකමට හේතු වෙනවා කියලා.b ඇත්තටම සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන එක අමාරු දෙයක් නෙවෙයි. කරන්න තියෙන්නේ පුංචි දේවල්. උදාහරණයකට හොඳ නින්දක් ලබාගන්න ඔයාට මොනවද කරන්න පුළුවන් කියලා බලන්න.

  1. හොඳ නින්දක් ලබාගන්න. නිදාගන්නත් නැඟිටින්නත් නිශ්චිත වෙලාවක් තියාගන්න. අඩුම තරමින් සතියේ දවස්වලදීවත් ඒක කරන්න.

  2. නිදාගන්න කලින් වැඩ ඉවර කරන්න. ව්‍යායාම් කරනවා නම් නිදාගන්න පැය තුනකටවත් කලින් කරන්න. නිදාගන්න කිට්ටු වෙලා බර ආහාර, තේ කෝපි වගේ දේවල් ගන්න එපා.

  3. නිදාගන්න කාමරේ ගැන සැලකිලිමත් වෙන්න. අඳුරු, නිස්කලංක තැනක් නම් හොඳයි.

උදව් ලබාගන්න.

දෙමව්පියන්ගෙන්, යාළුවන්ගෙන් උදව් ගන්න අදිමදි කරන්න එපා. කෙනෙකුට ලැබෙන මානසික සහනය නිසා හෘද රෝග සහ ප්‍රතිශක්තිකරණය හීන වීම වලක්වාගන්න පුළුවන් කියලා හුඟක් අධ්‍යයනවලින් හොයාගෙන තියෙනවා.

ඒක ඇත්ත. බයිබලයෙත් මෙහෙම කියලා තියෙනවා. “මිනිසෙකු තම සිතේ ඇති කනස්සල්ල නිසා මානසිකව වැටෙයි. නමුත් දිරිගන්වනසුලු වචනයකින් ඔහුගේ සිත ප්‍රීතිමත් වෙයි.” (හිතෝපදේශ 12:25) ‘කනස්සල්ල නිසා මානසිකව වැටුණත්’ හොඳ යාළුවන්ගේ “දිරිගන්වනසුලු වචනයකින්” ඔයාට සහනයක් ලබාගන්න පුළුවන්.

තවත් ඔයාට මේ ගැන මඟ පෙන්වීම් ඕනේ නම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශන වන යොවුන් සිතේ ගැටලු 1වන සහ 2වන පොත්වල මේ පරිච්ඡේද බලන්න.

1වන පොත

  • 18වෙනි පරිච්ඡේදය: ඉස්කෝලේදී දැනෙන පීඩනයට මම මුහුණ දෙන්නේ කොහොමද?

  • 21වෙනි පරිච්ඡේදය: මම කාලය හොඳින් පාවිච්චි කරන්නේ කොහොමද?

2වන පොත

  • 26වෙනි පරිච්ඡේදය: කේන්තිය, දුක පාලනය කරගන්නේ කොහොමද?

  • 27වෙනි පරිච්ඡේදය: තිතටම දේවල් කරන්න ඕනේ කියලා හිතෙන්නේ ඇයි?

වර්ෂ 2013 ජනවාරි මාසයේ සිට “යොවුන් සිතේ ගැටලු” යන ලිපි මාලාව පළ වන්නේ www.jw.org වෙබ් අඩවියේ පමණයි.

a සමහර නම් වෙනස් කර ඇත.

b ආහාර සහ නින්ද ගැන දැනගැනීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන යොවුන් සිතේ ගැටලු 1වන පොතේ 10වෙනි පරිච්ඡේදය බලන්න.

යෞවනයන් පවසන දේ

පැට්‍රීෂියා—මට පීඩනයක් දැනුණම මම ගිහින් ටිකක් සෙල්ලම් කරනවා. නැත්නම් බයිසිකල් පදිනවා වගේ දෙයක් කරනවා. එතකොට පීඩනය අඩු වෙනවා. ඒ වගේම හිතට වධ දෙන දෙයක් තියෙනවා නම් අම්මලා එක්ක හරි හොඳම යාළුවා එක්ක හරි කතා කරනවා. එයාලට භයක් නැතුව දේවල් කියන්න පුළුවන්. එයාලා මාව හොඳට තේරුම්ගන්නවා.

සැකරි—මට පොඩි දේත් පේන්නේ ලොකු ප්‍රශ්නයක් වගේ. ඒ නිසා මට දැනෙන පීඩනයත් වැඩියි. ඒ වගේ වෙලාවට මම මෙහෙම හිතනවා. ඉන්න තැනක් නැති, බඩගින්නට කෑමක් නැති මිනිස්සු කොච්චර ඉන්නවද කියලා. එහෙම හිතද්දී මට තියෙන ප්‍රශ්න මොනවද කියලා හිතෙනවා.

ග්‍රෙගරි—මම කරන්න ඕනේ වැඩ ටික ලියාගන්නවා. ඒකෙන් දේවල් හොඳින් සැලසුම් කරන්නත් වැඩ ටික වෙලාවට කරන්නත් පුළුවන් වෙලා තියෙනවා. ඒක හින්දා අමතර වැඩක් වැටුණොත් ඒක කරන්න වෙලාව තියෙනවද කියලා හිතලා බලන්නත් පුළුවන්.

හේලි—මට කරන්න තියෙන වැඩ ගැන මම කලින් දා රෑම හිතලා බලනවා. උදාහරණයකට ගේ අස් කරන්න තියෙනවා නම් මම ඒක කලින්ම සැලසුම් කරනවා. එතකොට මම දන්නවා කුස්සිය අස් කරන්න මෙච්චර වෙලාවක් යනවා, කාමර අස් කරන්න මෙච්චර වෙලාවක් යනවා කියලා. ඒ ක්‍රමේ හරිම සාර්ථකයි.

දෙමාපියන්ගෙන් අසන්න

අම්මලාට තියෙන්නේ මොන වගේ පීඩනද? ඒ පීඩනවලින් ගොඩ එන්න සාමාන්‍යයෙන් මොනවද කරන්නේ?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න