ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 9/11 14 පි.
  • විසිතුරු අත්කම් භාණ්ඩ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • විසිතුරු අත්කම් භාණ්ඩ
  • 2011 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • ලීයෙන් තැනිය යුත්තේ මන්ද?
    1996 පිබිදෙව්!
  • කිසිවකට නොදෙවෙනි ජපන් හපන්කමක්
    2001 පිබිදෙව්!
  • මැට්ට්‍රියොෂ්ක මොනතරම් කදිම බෝනික්කෙක්ද!
    1995 පිබිදෙව්!
2011 පිබිදෙව්!
g 9/11 14 පි.

විසිතුරු අත්කම් භාණ්ඩ

● රුසියාවේ සංචාරය සඳහා යන ඕනෑම කෙනෙක් නැවත තම රට බලා පැමිණෙන විට රුසියාවට ආවේණික වූ පින්තාරු කරන ලද අත්කම් භාණ්ඩයක් රැගෙන ඒමට අමතක කරන්නේ නැහැ. මෙම අත්කම් භාණ්ඩ නිර්මාණය කරන්නේ ලීවලිනුයි.

එවැනි භාණ්ඩ අතර ඉතා අලංකාර ලෙස කැටයම් කර පින්තාරු කරන ලද කෝප්ප, හැඳි, දීසි, පිඟන් වැනි භාණ්ඩ දක්නට ලැබෙනවා. බොහෝවිට ඒවායෙහි පින්තාරු කරන්නේ ගස් කොළන් හා සත්ව රූපයි. සමහර ගම්මානවල සිටින සියලුදෙනාගේ වෘත්තිය බවට පත් වී තිබෙන්නේද මෙම අත්කම් භාණ්ඩ නිර්මාණය කිරීමයි.

අතීතයේ සිට රුසියාවේ විවිධ ගම්මානවල මෙම කලාවට දස්කම් පෑ අය සිටියා. බොහෝවිට රුසියානු වැසියන් වැඩි වශයෙන් මෙම විසිතුරු භාණ්ඩ නිර්මාණ කළේ සීත කාලයේදීයි. ඒ කාලයේදී වගා කටයුතු ඇනහිටින නිසා ඔවුන්ට මෙය හොඳ ආදායම් මාර්ගයක් වුණා. උදාහරණයකට සෙමෙනොව් නමැති ගම්මානයේ වැසියන් තම වගා කටයුතු නවතා දමා අවුරුද්දක් වැනි කාලයක් තුළදී මෙවැනි ලී භාණ්ඩ මිලියන දෙකක් පමණ නිෂ්පාදනය කළ බව අතීතයෙන් වාර්තා වෙනවා. ඒ වගේම නොව්ගොරොද් නගරය අසල මෙවැනි භාණ්ඩ නිර්මාණය කරන ගමක් තිබෙනවා.

මේවා නිර්මාණය කිරීමට ඔවුන් භාවිත කරන්නේ රස්නයට හොඳින් ඔරොත්තු දෙන සායම් වර්ගයි. ඔවුන් භාණ්ඩය කැටයම් කර පින්තාරු කළාට පසුව පෝරණුවකට දමනවා. ඉන් භාණ්ඩය ආරක්ෂා වෙනවා පමණක් නොව එහි දීප්තියද වැඩි වෙනවා. එදා සිට ඔවුන් තවමත් භාවිත කරන්නේ පුරාණයේදී භාවිත කළ ක්‍රමමයි.

ඔවුන් මේවාට භාවිත කරන්නේ රුසියාවට ආවේණික ගස් කොළන්, පලතුරු, කුරුල්ලන් හා මසුන් වර්ගවල පින්තූරයි. ඔවුන් වැඩියෙන්ම භාවිත කරන වර්ණ වන්නේ රතු, කලු, රන් හා කොළ වර්ණයයි. රුසියාවට ආවේණික වූ මෙම අත්කම් භාණ්ඩවලට ලොව පුරා සිටින බොහෝදෙනා ප්‍රිය කරනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න