ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 1/11 3 පි.
  • ආගම සාමයට මඟද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ආගම සාමයට මඟද?
  • 2011 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සැහැසියාවෙන් පිරුණු ඉතිහාසයක්
  • “ශුද්ධ” භූමියක් වෙනුවෙන් සටන් කිරීම
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ලෞකික ආගම අවසන් වීමට හේතුව
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ආගම වග කිව යුතුද?
    2011 පිබිදෙව්!
  • මිනිස් වර්ගයාව එක්සත් කිරීමට ආගම්වලට හැකිද?
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2011 පිබිදෙව්!
g 1/11 3 පි.

ආගම සාමයට මඟද?

බොහෝ ක්‍රිස්තියානි බැතිමතුන්, යෙරුසලමේ පිහිටි එක් පල්ලියක් ඉතා ශුද්ධ හා විශේෂ එකක් ලෙස සලකනවා. ඔවුන්ගේ විශ්වාසයට අනුව යේසුස් මිය ගියෙත් නැවත නැඟිටීම ලැබුවෙත් එම ස්ථානයේදීයි. කෙසේනමුත් ශුද්ධ ලෙස සලකන මෙම දේවස්ථානය පවා ගැටුම් රැසක් ඇති වීමට හේතු වුණා. විවිධ ක්‍රිස්තියානි නිකායන් හයකට අයත් පූජකයන් එම පල්ලිය භාවිත කිරීම සම්බන්ධයෙන් ආරවුල් ඇති කරගෙන තිබෙනවා. ඒවා කොතරම් දරුණු වුණාද කියනවා නම් මෑතකදී එම පල්ලිය තාවකාලිකව තම යටතට ගැනීමට හමුදාවට සිදු වුණා.

සැහැසියාවෙන් පිරුණු ඉතිහාසයක්

ආගමේ නාමයෙන් කරන ලේ වැගිරීම් හා අපරාධ ක්‍රියා ඉතිහාසය පුරාම දැකගන්න ලැබෙනවා. කලින් සඳහන් වුණේ ඊට එක් උදාහරණයක් පමණයි. මෑත කාලවලදී සිදු වූ ආගමික ගැටුම් ගැන එක් පොතක සඳහන් වුණේ මෙසේයි. “ලෝකය පුරාම සිටින ක්‍රිස්තියානි, බෞද්ධ, ඉස්ලාම්, සීක්, යුදෙව් සහ හින්දු බැතිමතුන් තම ආගමට තර්ජනයක්යැයි සිතන අවස්ථාවකදී ඒ වෙනුවෙන් කරන ඕනෑම දෙයක් සාධාරණයි කියා පවසනවා.”—Violence in God’s Name.

නමුත් පුදුමයට කරුණ වන්නේ සෑම ආගමකම මූලික ඉගැන්වීමක් ලෙස සාමය සහ එකමුතුකම ගැන ඉගැන්වීමයි. සෑම ආගමක මූලික ප්‍රතිපත්තියක් ලෙස සලකන්නේ අන් අයට ප්‍රේමය සහ කරුණාව දැක්වීම වගේම මිනිස් ජීවිතය ඉතා වටිනා දෙයක් ලෙස සැලකීමයි. එසේනම් සාමය ඇති කිරීමට ප්‍රසිද්ධියේ උගන්වන දේ ක්‍රියාවෙන් පෙන්විය යුතු නැද්ද? ආගම දහමට ළැදි ඕනෑම කෙනෙක් මෙම ප්‍රශ්නය ගැන සිතා බැලීම වටිනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න