ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 11/10 6-7 පි.
  • ආගම නැති කල ලොවට යන කල

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ආගම නැති කල ලොවට යන කල
  • 2010 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • පැහැදිලි වෙනසක්!
  • විසිවන-සියවසේ දේව පැවැත්ම ප්‍රතික්ෂේප කිරීම
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අදේවවාදයේ මුල්
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පුරාණයේ සිටි කානානිවරුන්ව විනාශ කරන්න කියා දෙවි පැවසුවේ ඇයි?
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • කාම්බෝජයෙහි මගේ ජීවිතය හා මරණය අතර දිගු ගමන
    1998 පිබිදෙව්!
තව තොරතුරු
2010 පිබිදෙව්!
g 11/10 6-7 පි.

ආගම නැති කල ලොවට යන කල

අදේවවාදීන් කියා සිටින්නේ ‘ආගම නැති වූ දාට, ආගම නිසා ඇති වන ගැටලු නැති වී වඩා හොඳ ලෝකයක් බිහි වෙනවා’ කියායි. නමුත් එය සැබෑවක්ද?

සියලුම ආගම් නැති කිරීමෙන් ‘යහපත් හෙට දිනක් උදා වෙයිද?’ මේ ගැන සිතන්න. සමාජවාදී රටක් බිහි කිරීමට කාම්බෝජය දැරූ උත්සාහයේ ප්‍රතිඵලය වුණේ ලක්ෂ 15ක් පමණ මිය යෑමයි. එමෙන්ම සෝවියට් ජනරජයේ ස්ටාලින්ගේ පාලන සමයේදීද දස ලක්ෂ සංඛ්‍යාවකට ඔවුන්ගේ ජීවිත අහිමි වුණා. මේ සෑම කෲර ක්‍රියාවකටම වග කිව යුත්තේ අදේවවාදීන් පමණක් කියා පවසන්න බැහැ. නමුත් ඉන් පෙනී යන්නේ ආගම දහම පැත්තකට දැමීමෙන් හොඳ ලොවක් බිහි නොවන බවයි.

ආගම් නිසා බොහෝදෙනෙක් දුක් පීඩාවලට මුහුණ දී තිබෙනවා. නමුත් එයට වග කිව යුත්තේ දෙවිද? උදාහරණයකට, රියදුරෙක් රිය පදවන අතරේ ජංගම දුරකථනයකින් කතා කරනවා කියා සිතන්න. එවිට අනතුරක් සිදු වුණොත් ඊට වග කිව යුත්තේ රියදුරාද නැත්නම් වාහනයේ නිෂ්පාදකයාද? මිනිසුන්ගේ දුක් විඳීමට මූලික හේතුව, මිනිසා තුළ ඇති වැරදි කිරීමේ නැඹුරුවාවයි. බයිබලයේ එය පාපය ලෙස හඳුන්වන අතර ඒ ගැන මෙසේ සඳහන් වෙනවා. “සියලුම මනුෂ්‍යයෝ පව් කර ඇත. එහෙයින් දෙවිගේ අතිශ්‍රේෂ්ඨ ගුණාංග පිළිබිඹු කිරීමට ඔවුහු අසමත් වෙති.” (රෝම 3:23) ආත්මාර්ථකාමිත්වය, උඩඟුකම, ස්වාධීනව කටයුතු කිරීම හා ප්‍රචණ්ඩත්වයට බලපාන්නේ මෙම නැඹුරුවාවයි. (උත්පත්ති 8:21) ‘කුමක් කළත් දෙවියන්ට වග කියන්න අවශ්‍ය නැහැ’ කියන හැඟීම මිනිසුන් තුළ තිබෙන්නේ ඒ නිසයි. (රෝම 1:24-27) “දුෂ්ට අදහස්, මිනී මැරීම, අනාචාරය, වේශ්‍යාකම, සොරකම, බොරු සාක්ෂි කීම සහ අපහාස කිරීම වැනි දේවල් ඇරඹෙන්නේ සිතිනුයි” කියා යේසුස් පැවසූ දේ මොන තරම් සත්‍යයක්ද!—මතෙව් 15:19.

පැහැදිලි වෙනසක්!

සත්‍ය සහ අසත්‍ය ආගම අතර ඇති වෙනස අපි හඳුනාගත යුතුයි. සත්‍ය ආගම පව්කාර නැඹුරුවාවන්ට එරෙහිව සටන් කිරීමට මිනිසාට උපකාර කරනවා. එවිට අවංක ප්‍රේමය, සමාදානය, කරුණාවන්තකම, යහපත්කම, මෘදුකම, තමාව පාලනය කරගැනීම, විවාහකයන් අතර විශ්වාසය ගොඩනැඟීම සහ අන් අයට ගරු කිරීම වැනි යහපත් ගතිගුණ ඇති කරගත හැකියි. (ගලාති 5:22, 23) අනික් අතට අසත්‍ය ආගම් උත්සාහ කරන්නේ මිනිසුන් කැමති දේවල් පමණක් පැවසීමටයි.—2 තිමෝති 4:3.

අදේවවාදීන්ගේ විශ්වාසයන් ගැන කුමක් කිව හැකිද? මහාචාර්ය ෆිලිප් ජොන්සන් මෙවැනි දෙයක් පැවසුවා. ‘දෙවි කෙනෙක් නැත්නම්’ මිනිසුන් “සදාචාර නීති හා ප්‍රතිපත්ති පිළිපැදීමට බැඳිලා නැහැ.” ඒ අනුව එක් එක් කෙනාට තමන් කැමති ආකාරයට සදාචාර නීති හා ප්‍රතිපත්ති සාදාගත හැකියි. එසේ කටයුතු කිරීම වාසිදායක නිසා සමහර අය දෙවි කෙනෙකු නැහැ කියා පවසනවා.—ගීතාවලිය 14:1.

කෙනෙක් දෙවිව විශ්වාස කළත් නැතත් බොරු ඉගැන්වීම්වලට සහ ඒවා උගන්වන අයට දෙවි සෑම දාටම ඉඩ හරින්නේ නැහැ.a ඒ ගැන ඔහු මෙසේ සහතික කරනවා. “ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන අය දිගු කල් ජීවත් වන්නෝය. පොළොව මත බේරී ජීවත් වන්නේ නිර්දෝෂ අයයි. නමුත් දුෂ්ටයන්ව පොළොවෙන් තුරන් කරනු ලබන්නේය. ද්‍රෝහිකම් කරන්නන්වද පොළොවෙන් උදුරා දමනු ලබන්නේය.” (හිතෝපදේශ 2:21, 22) ඉතා ළඟදීම කිසිම මිනිසෙකුටවත් සංවිධානයකටවත් දර්ශනයකටවත් මිනිස් වර්ගයා වෙනුවෙන් කළ නොහැකි දෙයක් සිදු වෙනවා. එනම් සාමය සහ සතුට ලොව පුරා ඇති වෙනවා.—යෙසායා 11:9.

[පාදසටහන]

a යම් කාලයකට දුක් වේදනා පැවතීමට දෙවි ඉඩ දී තිබෙන හේතුව දැනගැනීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 11වන පරිච්ඡේදය බලන්න.

[6වන පිටුවේ කොටුව]

අතීතයෙන් අනතුරු ඇඟවීමක්!

ඊශ්‍රායෙල්වරුන්ට දෙනු ලැබූ දේශයේ කලින් ජීවත් වුණේ කානානිවරුනුයි. ඔවුන්ගේ නමස්කාර පිළිවෙත්වලට, එකම පවුලේ අය සහ සතුන් සමඟ ලිංගික ක්‍රියාවල යෙදීම මෙන්ම සමලිංගික ක්‍රියා වැනි ඉතාමත් පහත් ලිංගික ක්‍රියා ඇතුළත් වුණා. ඒ වගේම දරුවන්ව පූජා කිරීමද සිදු වුණා. (ලෙවී කතාව 18:2-27) එක් පොතක මෙසේ සඳහන් වෙනවා. “කුඩා දරුවන්ගේ ඇටකටු කැබලි පූජාසන අසලින් සොයාගෙන තිබෙනවා. ඉන් පෙනී යන්නේ එදා බහුල ලෙස දරුවන්ව පූජා කර ඇති බවයි.” (Archaeology and the Old Testament) “කානානිවරුන්ව මීට පෙර දෙවි විනාශ නොකළ එක ගැන, එහි කැණීම් කරන පුරාවිද්‍යාඥයන් පුදුම වෙනවා” කියා තවත් පොතක සඳහන් වුණා.

දෙවි කානානිවරුන්ව විනාශ කිරීමෙන් පැහැදිලි වන්නේ දෙවිට නමස්කාර කරන මුවාවෙන් කෲර ක්‍රියා කිරීම යෙහෝවා දෙවි ඉවසන්නේ නැති බවයි. ‘ධර්මිෂ්ඨ ලෙස මුළු මිනිස් වර්ගයාම විනිශ්චය කිරීමට දෙවි එක්තරා දවසක් නියම කර තිබේ’ කියා බයිබලයේ සඳහන් වන්නේ ඒ නිසයි.—ක්‍රියා 17:31.

[7වන පිටුවේ පින්තූර]

දෙවිව පිළිගන්නා අය මෙන්ම පිළි නොගන්නා අයද කෲරකම් කර තිබෙනවා

හිට්ලර්ට පල්ලියෙන් සහය ලැබෙයි

කාම්බෝජයේ කෲර ක්‍රියාවල ප්‍රතිඵල

[හිමිකම් විස්තර]

AP Photo

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න