ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 2/09 8-9 පි.
  • මිනිසා ලද වටිනාම දීමනාව

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මිනිසා ලද වටිනාම දීමනාව
  • 2009 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සදාකාල ජීවනයට අවශ්‍ය දැනුම
  • පාරාදීස නිවසට මඟ
    1997 පිබිදෙව්!
  • ඔබට සන්තෝෂවත් අනාගතයක් භුක්ති විඳිය හැකියි!
    සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම
  • අපේ පොළොව කවදා හෝ විනාශ වෙයිද?
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබට සදාකල් ජීවත් විය හැකි අන්දම
    1996 පිබිදෙව්!
තව තොරතුරු
2009 පිබිදෙව්!
g 2/09 8-9 පි.

මිනිසා ලද වටිනාම දීමනාව

මිනිසාගේ පැවැත්මට මූලිකවම වාතය, ජලය හා ආහාර අවශ්‍යයි. නමුත් ජීවිතයේ නියම සතුට ලබන්න නම් ජීවිතයේ අරමුණ කුමක්ද? ඇයි අපි ජීවත් වෙන්නේ? යන ප්‍රශ්නවලට පිළිතුරු ලබාගත යුතුයි.

ඉහත ප්‍රශ්න දෙකට පිළිතුරු සොයාගැනීමටත් ජීවිතයේ නියම සතුට අත් කරගැනීමටත් දෙවි මිනිසුන්ට ඔහුගේ වචනය වන බයිබලය ලබා දී තිබෙනවා. වර්තමානයේදී බයිබලය සම්පූර්ණයෙන්ම හෝ කොටසක් ලෙස භාෂා 2,400කින් ලබාගත හැකියි. (2 තිමෝති 3:16) බයිබලයේ පැහැදිලිවම පවසා තිබෙන්නේ මේ මුළු මහත් විශ්වයත් පෘථිවිය සහ එහි ඇති සියලුම ජීවීන්වත් දෙවි නිර්මාණය කළ බවයි. (උත්පත්ති 1වන හා 2වන පරිච්ඡේද) ඒ වගේම දෙවි සියලු දේ නිර්මාණය කිරීමට සංකේතාත්මක දවස් හයක් හෙවත් යම් කාලයක් ගත් බවද සඳහන් වෙනවා. එනම් ඔහු මේ කාලය තුළදී පියවරෙන් පියවර දේවල් නිර්මාණය කළ අතර එම කාල වකවානුව භූ කාල අනුපිළිවෙලටද සමාන බව විද්‍යාඥයෝ පවා පිළිගන්නවා.

මනුෂ්‍යයා සඳහා දෙවිගේ අරමුණ කුමක්ද කියා බයිබලයේ සඳහන් වන්නේ මෙසේයි. “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.” (ගීතාවලිය 37:29, NW) ඔහුගේ අරමුණ බයිබලයේ සඳහන් ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වන ධර්මිෂ්ඨ අය පොළොවේ සදාකාලයටම ජීවත් වෙනවා දැකීමයි. ඔවුන් සදාකාලයට ජීවත් වන්නේ අද වැනි දූෂිත පොළොවක නොව පාරාදීස පොළොවකයි.—ගීතාවලිය 104:5; ලූක් 23:43.

සදාකාල ජීවනයට අවශ්‍ය දැනුම

පාරාදීස තත්වය යටතේ මිනිසුන් විශේෂ වූ ආශීර්වාද දෙකක් භුක්ති විඳිනවා. එක් ආශීර්වාදයක් නම් පාරාදීස පොළොවක සදාකාලයටම ජීවත් වීමට ලැබීමයි. අනික් ආශීර්වාදය නම් දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් භුක්ති විඳීමට ලැබීමයි. එවැනි මිත්‍රත්වයක් ඇති වන්නේ දෙවි පිළිබඳව දැනුම ලබාගැනීමෙනුයි. ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ජලයෙන් මුහුද පිරී තිබෙන්නාක් මෙන් යෙහෝවා දෙවි වන මා පිළිබඳ දැනුමෙන් පොළොව පිරී තිබෙන්නේය.” (යෙසායා 11:9, NW) දෙවි පිළිබඳ දැනුම ලබාගැනීම මගින් වර්තමානයේදීත් ක්‍රිස්තියානීන්ට සාමයෙන් හා සමඟියෙන් ජීවත් වීමට හැකි වී තිබෙනවා. යේසුස් ඔහුගේ යාච්ඤාවේදී පැවසූ මේ වදන් ඔවුන් හොඳින් අවබෝධ කරගෙන තිබෙනවා. “සදාකාල ජීවනය නම් මේය. ඔවුන් විසින් එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් දැනුම ලබාගැනීමය.”—යොහන් 17:3.

බයිබලයේ සඳහන් වී ඇති බලාපොරොත්තුව ගැන වැඩිමනත් තොරතුරු දැනගැනීමට ඔබ කැමති නම් ඒ සඳහා උපකාර කිරීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මහත් ආශාවෙන් බලා සිටියි.a

[පාදසටහන]

a යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වෙබ් අඩවිය, www.watchtower.org.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න