ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 12/08 32 පි.
  • ‘පැරණි පොතකින්’ සුවයක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘පැරණි පොතකින්’ සුවයක්
  • 2008 පිබිදෙව්!
2008 පිබිදෙව්!
g 12/08 32 පි.

‘පැරණි පොතකින්’ සුවයක්

◼ බ්‍රසීලයේ වෙසෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියකට දේශනා සේවයේ යනවිට එක් කාන්තාවක් මුණගැසුණා. තම නැන්දම්මා එක්තරා පොතක් කියවීමෙන් පසු යම් සුවයක් ලැබූ බව එම කාන්තාව කියා සිටියා. පුදුමයට පත් වූ සාක්ෂිකාරිය එම පොත කුමක්ද කියා විමසුවා. එය හුඟක් “පැරණි පොතක්” බව පැවසූ ඇය පිටු ඉරී තිබුණු මගේ බයිබල් කතන්දර පොත රැගෙන පැමිණියා.

තම නැන්දම්මා මානසික පීඩනයකින් පෙළෙන කෙනෙක් බවත් මරණයට අධික බියක් දක්වන බවත් කරුවල වෙලාවලදී ඇය ඇඳෙන් නොබසින බවත් එම කාන්තාව පැවසුවා. නමුත් ඇගේ පුතා ලබාගත් මගේ බයිබල් කතන්දර පොත ආච්චිට ඇසෙන සේ කියවද්දී ඊට සවන් දුන් ආච්චි ඉන් ලොකු දිරිගැන්වීමක් ලැබූ බවත් ඇගේ අසනීප තත්වයෙන් මිදීමට ඇයට ඉන් හැකි වූ බවත් එම කාන්තාව පවසා සිටියා.

සාක්ෂිකාරිය මෙසේ පැවසුවා. “එම පොත ප්‍රකාශයට පත්කර තිබෙන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බවත් එහි අලුත් පිටපතක් ඇයට ලබා දීමට හැකි බවත් මම පැවසුවා. ඒ අවස්ථාවේදී එම කාන්තාව තමාටත් තම නැන්දම්මාටත් එයින් පිටපත් දෙකක් ගෙනත් දෙන මෙන් ඉල්ලා සිටියා. මම එම පිටපත් දෙක ඇයට ලබා දුන් විට ඇගේ මිතුරියන්ට ලබා දීමට තවත් පිටපත් 16ක් ඇය ඉල්ලුවා.”

බයිබලයේ සඳහන් සිදුවීම් සහ විවිධ චරිත ඇතුලත් කතන්දර 116කින් සමන්විත මගේ බයිබල් කතන්දර පොත ලබාගැනීමට ඔබටත් හැකියි. එම පොත ප්‍රකාශයට පත් කිරීමෙන් පසු වසර 30ක කාලයක් තුළ පිටපත් මිලියන 72ක් බෙදාහැර තිබෙනවා. ඔබටත් එම පොතේ පිටපතක් අවශ්‍ය නම් පහත සඳහන් කූපනය පුරවා එහි සඳහන් ලිපිනයට හෝ මෙම සඟරාවේ 5වන පිටුවේ සඳහන් යෝග්‍ය ලිපිනයකට තැපැල් කරන්න.

□ මෙහි දැක්වෙන ප්‍රකාශනය පමණක් ලබාගැනීමට කැමතියි.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමුවන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න