ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 10/08 3 පි.
  • ඔබේ දරුවා සහ අන්තර්ජාලය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබේ දරුවා සහ අන්තර්ජාලය
  • 2008 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • දරුවා අන්තර්ජාලය භාවිත කරනවා නම් ඔබට කළ හැකි දේ
    2008 පිබිදෙව්!
  • උගුලට අසු නොවීමට යෞවනයන්ට උපකාර
    2007 පිබිදෙව්!
  • ඔන්ලයින් මිතුරුකම් කමක් නැද්ද?
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 2වන පොත
  • දරුවා අන්තර්ජාලය භාවිත කරනවා නම් ඔබ දැන සිටිය යුතු දේ
    2008 පිබිදෙව්!
තව තොරතුරු
2008 පිබිදෙව්!
g 10/08 3 පි.

ඔබේ දරුවා සහ අන්තර්ජාලය

අද මිලියන ගණන් යෞවනයන් පාසැලේදී තමන්ගේ හෝ මිතුරෙකුගේ නිවසේදී ඔවුන්ට ලැබෙන සෑම අවස්ථාවකදීම අන්තර්ජාලය භාවිත කරමින් සිටිනවා. ජංගම දුරකථන හා සිම්පියුටර් (PDA) භාවිත කරමින් පහසුවෙන්ම ඊට පිවිසීමට ඔවුන්ට හැකි වී තිබෙනවා. ඒ වගේම අන්තර්ජාලය තුළින් කරන දේවල් දෙමාපියන්ගෙන් වසං කිරීමටද දරුවන් දක්ෂයි. ඊට හේතුව ඔබට වඩා අන්තර්ජාලය පිළිබඳ මනා දැනුමක් ඔබේ දරුවා සතු වීමයි.

දෙමාපියන් හැටියට ඒ ගැන ඔබ සැලකිලිමත් විය යුතු නැද්ද? ඔබට ඒ වෙනුවෙන් කළ හැකි යමක් තිබෙනවාද? ඔබේ දරුවාට අන්තර්ජාලය පිළිබඳ මනා දැනුමක් තිබුණත් ඔබට එය නුහුරු නුපුරුදු දෙයක් විය හැකියි. නමුත් අන්තර්ජාලයෙන් සිදු විය හැකි අනතුරුවලින් ඔබේ දරුවාව ආරක්ෂා කරගැනීමට ඔබ ඒ සම්බන්ධයෙන් සියලු දේ දැන සිටිය යුතු නැහැ. ඒත් අන්තර්ජාලය පිළිබඳ යම් අවබෝධයක් හෝ ඔබට තිබීම වැදගත්.

අන්තර්ජාලය පිළිබඳව මූලික දැනුමක් ලබාගැනීමට මේ ලිපි පෙළ ඔබට උපකාරවත් වෙයි. ඒ සඳහා මුලින්ම අන්තර්ජාලය භාවිත කිරීමේදී ඔබේ දරුවා හසු විය හැකි උගුල් කිහිපයක් අපි දැන් සලකා බලමු.

[3වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

කැනඩාවේ ජංගම දුරකථන භාවිත කරන යෞවනයන්ගෙන් අඩකට පමණ අන්තර්ජාලයට පිවිසීමේ හැකියාව තිබෙනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න