ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g04 8/8 31 පි.
  • ඉස්තරම්ම සෙල්ලම් බඩු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඉස්තරම්ම සෙල්ලම් බඩු
  • 2004 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • අදදින සෙල්ලම් බඩු ඒවා අපගේ දරුවන්ට කුමක් උගන්වයිද?
    1994 පිබිදෙව්!
  • දෙමව්පියෙනි ඔබගේ දරුවාගේ සෙල්ලම් බඩු ඥානවන්තව තෝරාගන්න
    1994 පිබිදෙව්!
  • දෙමව්පියෙනි ඔබගේ දරුවා කුමක් සමඟින් සෙල්ලම් කරමින් සිටීද?
    1994 පිබිදෙව්!
  • සෙල්ලම් බඩු නැති පෙර පාසැල්
    2004 පිබිදෙව්!
තව තොරතුරු
2004 පිබිදෙව්!
g04 8/8 31 පි.

ඉස්තරම්ම සෙල්ලම් බඩු

මගේ දරුවාට මම ගන්න ඕනේ මොන වගේ සෙල්ලම් බඩුවක්ද? මම ඒකට කොච්චර වියදම් කරන්න ඕනේද? ඔබ දෙමාපියෙක් නම් සමහරවිට මේ වගේ ප්‍රශ්න කීප විටකදීම අසාගෙන ඇති. කොහොමවුණත් සතුටුදායක ආරංචිය නම් ඉස්තරම්ම සෙල්ලම් බඩු, මිල අඩුම ඒවා වෙන්න පුළුවන් කියන එකයි.

“දරුවන් වැඩි ප්‍රයෝජනයක් ලබන්නේ තමන්ම කල්පනා කර දේවල් කිරීමෙන්. මේ සඳහා ප්‍රයෝජනවත් වන්නේ සාමාන්‍ය සෙල්ලම් බඩුයි. ඒ නිසා ඔබේ දරුවාගේ ක්‍රියාකාරකම් සීමා කරන බැටරිවලින් ක්‍රියා කරන වෛවාරන්න කාර්වලට එහෙමත් නැත්නම් කතා කරන බෝනික්කන්ට වැඩිය නිර්මාණශීලී හැකියාවක් අවශ්‍ය කරන සාමාන්‍ය සෙල්ලම් බඩු වඩාත් හොඳයි” යයි උද්‍යෝගිමත් මනස්—දරුවන් තුළ ඉගෙනීමට ඇල්මක් ඇති කිරීම (සිංහලෙන් නොමැත) යන පොතේ කියැවේ. වෛවාරන්න සෙල්ලම් බඩු “මුලින් යම් ආස්වාදයක් ලබා දුන්නත් සාමාන්‍යයෙන් දරුවන් ඒ සෙල්ලම් බඩුවලට දක්වන උනන්දුව ඉක්මනින්ම නැති වී යනවා. ඒකට හේතුව ඒ සෙල්ලම් බඩු ඔවුන් කැමති විදිහට යම් දේවල් අත්හදා බැලීමට, සොයා දැනගැනීමට හෝ නිර්මාණය කිරීමට හැකියාවක් ලබා දෙන්නේ නැති නිසයි.”

දරුවෙකුගේ වයස් මට්ටම අනුව මනස ක්‍රියාශීලීව තබන සෙල්ලම් බඩු, ඒ කියන්නේ යම් යම් දේවල් ගොඩනැඟීමට භාවිත කරන ප්ලාස්ටික් කෑලි (building blocks), හිස් පෙට්ටි, කඩදාසි, චිත්‍ර ඇඳීමට අවශ්‍ය දේ සහ සමහරවිට වැලි හා වතුර වැනි සාමාන්‍ය දේවල්ද ඇතුළත් වෙයි. කලින් සඳහන් කළ පොතේ තවදුරටත් පෙන්නුම් කරන්නේ “කුඩා සෙල්ලම් බඩු, එනම් ගොවිපොළක සිටින සත්තු වගේ සෙල්ලම් බඩු මගින් දරුවාට යම් දේවල් කණ්ඩායම්වලට වෙන් කිරීමට හා සන්සන්දනය කිරීමට අවස්ථාවක් ලබා දෙයි. ඒ වගේම මේවා සම්බන්ධයෙන් කතා ගොතන විට දරුවාගේ භාෂාමය හැකියාවද වර්ධනය වෙයි.” මෙම පොතේ දෙන තවත් යෝජනාවක් වන්නේ දෙමව්පියන්ට ශබ්දය උහුලන්න පුළුවන් නම් සරලව සාදා ඇති සංගීත භාණ්ඩ සපයා දෙන්න කියායි. මෙම සංගීත භාණ්ඩ දරුවන්ට අලුත් ශබ්ද සොයාගැනීමටත් ඒවා හැදිලා තිබෙන ආකාරය හඳුනාගැනීමටත් ප්‍රයෝජනවත් වෙයි.

දරුවන්ගේ මනස් විවිධාකාර මනඃකල්පිත අදහස්වලින් හා රූපවලින් පිරිලයි තිබෙන්නේ. ඒ වගේම ඔවුන් ඉගෙනගැනීමට හා සෙල්ලම් කිරීමට දැඩි ආශාවක් දක්වයි. එහෙමනම් දරුවන්ට සෙල්ලම් බඩු ඥානවන්තව තෝරා දීමෙන් එම ක්ෂේත්‍රයන් තුනම දියුණු කරගැනීමට ඔවුන්ට උපකාර කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න