ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g99 10/8 13-15 පි.
  • වැසි නොවසින විට

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වැසි නොවසින විට
  • 1999 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සෙසු සාක්ෂිකරුවන් ප්‍රේමනීයව ප්‍රතිචාරය දක්වයි
  • ආධාර දීමේ හා ලැබීමේ සතුට
  • කල්පවතින විසඳුමක්
  • විපතට පත් වුණ අයට සහන සේවා
    ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි
  • අද තියෙන කෑම හිඟය ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
    තවත් ලිපි
  • යේසුස් මෙන් දුප්පතුන් කෙරෙහි සැලකිලිමත් වෙන්න
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වියවුල මැද ක්‍රිස්තු ධර්මය ක්‍රියාත්මක වී
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1999 පිබිදෙව්!
g99 10/8 13-15 පි.

වැසි නොවසින විට

බ්‍රසීලයේ පිබිදෙව්! වාර්තාකරු විසින්

ඉකුත් වසරේදී, ඊසානදිග බ්‍රසීලයෙන් වැඩිහරියක් දරුණු ඉඩෝරයෙන් විනාශ වී ගියා. වේජා සඟරාවට අනුව, මෙම රටේ ඊසානදිග පළාතේ ජනාවාසීන් වන නෝඩෙස්ටිනූස් කියා හැඳින්වෙන සියදහස් ගණනක් ජීවත් වුණේ “නියඟයට කොයි මොහොතේ හෝ ගොදුරු වන තත්වයකයි.” නියඟයෙන් ගොයම්, බෝංචි හා ඉරිඟු වගාව විනාශ වී ගියේ දරුණු සාගතයකට මඟ පාදමින්. මෙය වසර 15ක් තුළදී සිදු වුණ දරුණුම නියඟයයි. සමහර තැන්වල, බොන වතුර පවා හිඟ වුණා.

බ්‍රසීල ජාතිකයන්ට නියඟය කියන්නේ අමුතු දෙයක් නොවෙයි. වර්ෂ 1877දී, එහි ඇති වූ දරුණුම නියඟයෙන් 5,00,000ක් පමණ මියගියා. තමාගේ ඔටුන්නේ මැණික් ඔක්කොම හරි විකුණලා නියඟයට විසඳුමක් සොයනවා කියා ඒ කාලයේ සිටි බ්‍රසීලියානු අධිරාජ්‍යයා වූ IIවන ඩෝං පේඩෲ පොරොන්දු වුණා! ඒ මීට වසර 100කට කලිනුයි; ඒත්, අදදින, තවමත් ගැටලුව පවතිනවා. ඉකුත් වසරේ නියං සමයේදී, බ්‍රසීලියානු ඊසානදිග නගර 1,209ක ජීවත් වන මිලියන දහයක් වැනි සංඛ්‍යාවක් ඊට ගොදුරු වන බවට ගණන් බලා තිබුණා.

සෙසු සාක්ෂිකරුවන් ප්‍රේමනීයව ප්‍රතිචාරය දක්වයි

බ්‍රසීලයේ වොච් ටවර් සමිතියේ ශාඛාවට නියඟය පිළිබඳ වාර්තා ලැබුණු විට එය ඉක්මන් පියවර ගත්තා. හානියේ විශාලත්වය තක්සේරු කිරීම සඳහා බේයි, සියරා, පරයිබා, ප’නම්බූකෝ හා පයයුයි ජනපදවල, බරපතළ ලෙස හානි සිදු වූ ප්‍රදේශවලට සංචාරක නියෝජිතයන්ව යවනු ලැබුවා. ඒ ප්‍රදේශවල වෙසෙන සාක්ෂිකරුවන් හා බයිබල් ශිෂ්‍යයන් 900ක් ඉතාමත්ම අසීරු තත්වයක සිටින බව සංචාරක අවේක්ෂකයන් දැනගත්තා. ඔවුන්ගෙන් සමහරු යැපුණේ අල බතලවලිනුයි; අනිත් අයට කන්න තිබුණේ බත් විතරයි. එක පවුලකට කන්න ආහාර තිබුණේ නැහැ. උදේ, දවල් හා රාත්‍රි ආහාරය සඳහා තිබුණේ කිරි පමණයි. පිළිකාවෙන් දුක් වින්ද ක්‍රිස්තියානි සහෝදරියකට ආහාර ස්වල්පයක් ගැනීම සඳහා ඇගේ ඇඳ විකුණන්න සිදු වුණා. ක්‍රිස්තියානි සහෝදරයන්ගෙන් ආධාර ලැබෙන විට, හයදෙනෙකුගෙන් යුත් පවුලක සාමාජිකයන් සිතාගෙන සිටියේ තමන් කලින් ගත්ත ආහාර වේල තමන්ගේ අවසන් ආහාර වේල කියලයි.

ආහාර හා අවශ්‍ය දේ බෙදාහැරීමට සහන සේවා කමිටු වහාම සංවිධානය කළා. රෙසිෆෙවල හා ඒ අවට නගරවල සාක්ෂිකරුවන් අවශ්‍යතාව ඇති අයට නොමසුරුව ආධාර දුන්නා. නමුත් අමතර උපකාරයක් අවශ්‍ය වූ විට රියෝ ද ජනේරෝවල ක්‍රිස්තියානීන්ද තම සහෝදරයන්ට උපකාර කිරීමට හවුල් වුණා. කෙටි කාලයක් ඇතුළතදී සාක්ෂිකරුවන් ආහාර ටොන් 34ක් පරිත්‍යාග කළ අතර, මීටර් 2,300ක දුරකින් වූ රෙසිෆෙවලට සහනාධාර ප්‍රවාහණය කිරීමේ වියදමත් ගෙවා තිබුණා.

පයයුයි හා පරයිබා ජනපදවල අගනුවරවල ආහාර ටොන් හයක් කඩිනමින් එකතු කරනු ලැබුවා. ෆෝටලේසා නගරයේ රාජ්‍ය ශාලාවක්, පරිත්‍යාග කළ ආහාර ගබඩාවක් හැටියට තාවකාලිකව නම් කරනු ලැබුවා. නමුත් ගැටලුවක් තිබුණා. සාක්ෂිකරුවන් නියමිත ගමනාන්තය දක්වා ආහාර ප්‍රවාහණය කරන්නේ කෙසේද? යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් නොවූ තැනැත්තෙක් කාරුණිකව ඔහුගේ ට්‍රක් රථය දුන්නා පාවිච්චි කරන්න. කෙසේනමුත්, ආහාර සහ වෙනත් ද්‍රව්‍ය ගෙන යන මුරකාවල් යෙදූ රථ නවත්වා කොල්ල කනු ලැබුවා. පරිත්‍යාග කළ ද්‍රව්‍ය නියමිත ගමනාන්තයට ළඟා වේවිද? කුමක් සිදු වුණත් ඒ ගමන යෑමට සාක්ෂිකරුවන් අදිටන් කරගත්තා. යෙහෝවා කෙරෙහි පූර්ණ විශ්වාසයෙන්, ඔවුන් ආහාර පැටවූ ට්‍රක් රථය ප්‍රදේශය තුළට පදවාගෙන ගියා. සහනාධාර සුරක්ෂිතව නියමිත ස්ථානයට ළඟා වූ අතර, ස්තුතිපූර්වකව ඒවා පිළිගනු ලැබුවා.

ආධාර දීමේ හා ලැබීමේ සතුට

සහනාධාර සැපයීමට සංවිධානය කිරීමේ නියැලුණු සාක්ෂිකරුවන් තම සහෝදරයන්ට උපකාර කිරීමට ලැබුණු ප්‍රස්තාවෙන් ඉමහත් සතුටක් ලැබුවා. සාඌ පාවුලුහි වෙසෙන සභා වැඩිමහල්ලෙක් මෙසේ නිරීක්ෂණය කළා: “ගිය වතාවේ සාගතයක් තිබුණත්, ආහාර දීමෙන් සම්මාදම් කරන්න අපිට ආරාධනා කළේ නැහැ. අපිව මේ වතාවේ ආරාධනා කිරීම ගැන අපි මොනතරම් කෘතඥපූර්වක වෙනවාද!” ෆෝටලේසාහි සාක්ෂිකරුවන් මෙසේ ලිව්වා: “අපේ සහෝදරයන්ට උපකාර කරන්න ලැබීම ගැන අපි හුඟක් සතුටු වෙනවා; විශේෂයෙන්ම අපි යෙහෝවාගේ හෘදය සතුටු කරලා තියෙන බව ස්ථිර නිසයි අපි සතුටු වෙන්නේ. අපිට යාකොබ් 2:15, 16 වචන කවදාවත් අමතක වෙන්නේ නැහැ.” එම බයිබල් පදවල මෙසේ පවසනවා: “සහෝදරයෙක් නොහොත් සහෝදරියෙක් ඇඳුම් නැතුව, දවස්පතා කෑම නැතුව සිටිද්දී, නුඹලාගෙන් යමෙක්: සමාදානයෙන් යන්න, උණුහුම්වෙන්න, කෑම කා තෘප්තියට පැමිණෙන්නැයි ඔවුන්ට කියනවා මිස ශරීරයට ඕනෑ දේවල් නොදෙනවා නම්, මොන ප්‍රයෝජනයක්ද?”

සමහර අවස්ථාවලදී සාක්ෂිකරුවන් පරිත්‍යාග කළ කෑම පාර්සල්වල දිරිගන්වන පණිවිඩ දමා තිබුණා. එක පණිවිඩයක මෙසේ සඳහන් කර තිබුණා: “වැඩි කල් යන්න කලින්, දෙවිගේ නව ලෝකයෙහි ආහාර බහුලව තිබෙන්න යන බවට ගීතාවලිය 72:16හි දී ඇති පොරොන්දුව මතක තබාගන්න.” තම සහෝදරයන්ගේ කරුණාවන්තභාවය සඳහා, සාගතයෙන් පහර ලැබූ සාක්ෂිකරුවන් අතිශයින් ස්තුතිවන්ත වූ බව අමුතුවෙන් කීමට අවශ්‍ය නැහැ. තමාගේ පවුලේ අයට අත්‍යවශ්‍ය වූ ආධාර බොහෝමයක් ලැබූ එක් සාක්ෂිකරුවෙක් අගයෙන් යුතුව මෙසේ ලිව්වා: “අපේ දයාවන්ත දෙවි හා පියා වූ යෙහෝවාගේ ප්‍රේමයත්, ඔහුගේ සංවිධානය එහි සාමාජිකයන් වන අප කෙරෙහි දක්වන ප්‍රේමනීය සැලකිල්ලත් පැහැදිලිව දක්වන්නක් හැටියටයි මගේ පවුල හා මම මේ ක්‍රියාව සලකන්නේ. මෙය ඔහුට හා ඔහුගේ සෙනඟට අපව තවත් කිට්ටු කරන බවක් හැඟීමට සලස්වා තිබෙනවා.”

කල්පවතින විසඳුමක්

පුදුමය වන්නේ, ඊසානදිග බ්‍රසීලයෙහි ජල හිඟයක් නොතිබීමයි; එහි පස් යට බීමට හැකි ජලය ඇති විශාල ප්‍රදේශයක් මෙන්ම ජලාශවල ජල කන්දරාවක්ද තිබෙනවා. සියලුදෙනාටම මේ ජලසම්පත් ලබාගැනීමට පුළුවන්කම ලබා දුන්නා නම්, දේශය කෘෂිකාර්මිකව ඵලදැරිය හැකිව තිබුණා.

අධිරාජ්‍යයා වූ IIවන ඩෝං පේඩෲට මෙතරම් වේදනාවක් ගෙන දුන් ගැටලුවට දිනෙක ස්ථිර විසඳුමක් ලැබෙයි. දේවරාජ්‍යය, යේසුස් ක්‍රිස්තුස් තුළින් සාගතය ඇතුළු පොළොවේ සියලුම ගැටලුවලට විසඳුමක් ගෙනෙන විට එම දිනය පැමිණෙනු ඇත. එකල නියඟයෙන් පහර ලැබූ භූමිය යෙසායාගේ අනාවැකියේ ඉටුවීම දකිනු ඇත: “කාන්තාරයෙහි ජලයද මරුකතරෙහි දොළ පාරවල්ද බිඳඑන්නේය. මිරිඟු වැල්ල පොකුණක්ද වියළි භූමිය දිය උල්පත්ද වන්නේය.”—යෙසායා 35:1, 2, 6, 7.

[15වන පිටුවේ කොටුව⁄පින්තූරය]

‘සියල්ලන්ටම යහපත්කම් කරමු’

ප්‍රේරිත පාවුල් සෙසු ඇදහිලිවන්තයන්ට මෙසේ අවවාද කළා: “අපට ප්‍රස්තා ඇති හැටියට සියල්ලන්ටම, ප්‍රධානකොට ඇදහිල්ලේ පවුලට අයිතිවූවන්ට, යහපත්කම්කරමු.” (ගලාති 6:10) බ්‍රසීලයේ මෑතක ඇති වූ නියඟය, එහි සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට එම අවවාදය ප්‍රායෝගික ආකාරයකින් අදාළ කරගැනීමට ප්‍රස්තාවක් ලබා දුන්නා. ඔවුන් සෙසු ඇදහිලිවන්තයන්ට පමණක් නොව නමුත් වෙනත් අයටත් ප්‍රේමනීය සැලකිල්ලක් දැක්වුවා. ප්‍රතිඵලයක් වශයෙන්, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩයට කලින් විරුද්ධ වුණාවූ සමහර පුද්ගලයන්, තමන් ඔවුන් සම්බන්ධයෙන් දැක්වූ ආකල්පය යළි සලකා බැලීමට පටන්ගෙන තිබෙනවා.

තම භාර්යාව යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය අධ්‍යයනය කිරීමට තීරණය කළ විට එක් මනුෂ්‍යයෙක් මුලදී හුඟක් අකමැති වුණා. කල් යත්ම, භාර්යාව අන්‍යයන්ට ඇගේ අලුත් විශ්වාසයන් පැවසීමට පටන්ගත්තා. සාගතය උග්‍ර වූ අවස්ථාවේදී ප්‍රදේශයේ සාක්ෂිකරුවන් ආහාර රැගෙන මෙම යුවළ බැලීමට ඔවුන්ගේ නිවසට පැමිණීමෙන්, එම මනුෂ්‍යයා මොනතරම් පුදුමයට පත් වුණාද කියනවා නම් ඔහු කවදාවත් කරන්නේ නැහැයි කියා තරයේ කියා සිටි යමක් කිරීමට තීරණය කළා: එය නම් ප්‍රදේශයේ රාජ්‍ය ශාලාවේ රැස්වීමකට යෑමයි. බයිබලයේ ආනුභාවය සම්බන්ධයෙන් ඔහුට තවදුරටත් යම් සැකයන් තිබුණත්, කලින් මෙසේ විරුද්ධ වූ තැනැත්තා නිවාස බයිබල් පාඩමක් කිරීමට එකඟ වුණා.

තවත් ස්ථානයක සාක්ෂිකරුවන් මෙසේ වාර්තා කළා: “සහනාධාර සැපයුම් මේ තරම් ඉක්මනින් ලැබීම ගැන අපි පුදුම වුණා. සපයනු ලැබූ ආහාර ප්‍රමාණය අපි බලාපොරොත්තු වුණාට වඩා වැඩියි. එනිසා අපේ සහෝදරයන්ගේ හා ඔවුන්ගේ පවුල්වල අවශ්‍යතා සැපුරුවායින් පස්සේ අපි බයිබල් ශිෂ්‍යයන්ට, ඔවුන්ගේ නෑදෑයන්ට මෙන්ම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ අසල්වාසීන්ට ආහාර බෙදුවා.”

එක ගමක ජීවත් වෙන සාක්ෂිකරුවන් ඔවුන්ගේ අසල්වාසීන්ගෙන් සමහරෙකුට කෑම පාර්සල් දුන්නා. එක් කෘතඥපූර්වක නිවැසියෙක් මෙසේ පැවසුවා: “ඕගොල්ලො කරන්නේ ක්‍රිස්තුස් ඉගැන්වූ දෙයයි; ඕගොල්ලො ආපහු යමක් ගන්න බලාපොරොත්තුවෙන් නෙවෙයි දෙන්නේ.”

[14වන පිටුවේ පින්තූරය]

නියඟයේ ප්‍රතිඵල

[13වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

UN/DPI ඡායාරූපය Evan Schneider විසින්

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න