ඈ දෙවිව විශ්වාස නොකළේ ඇයි?
කලින් සෝවියට් සංගමයට අයත්ව තිබූ සමූහාණ්ඩුවක් වන ජො’ජියාවේ රුස්ටාවිහි වෙසෙන තරුණ කාන්තාවක් වන අල්යෙස්යා අමුත්තන් දෙදෙනෙකුට තම දෙමාපියන්ගේ පින්තූරයක් පෙන්වා උස් හඬින් මෙසේ පැවසුවා: “දෙවිකෙනෙක් ඉන්නවා නම්, මගේ දෙමාපියන් මේ තරම් තරුණ වයසේදී මැරෙන්න ඔහු ඉඩ දෙන්නේ නැහැ!” අල්යෙස්යාගේ ස්වාමිපුරුෂයා වන ටොමාසි නිවසට ආවායින් පසු, මේ අමුත්තන් ඔවුන්ට පොළොව මත ජීවිතය සදාකල් භුක්ති විඳින්න! හා “බලව! මම සියල්ල ම අලුත් කරමි” නමැති විවරණිකා ලබා දුන්නා.
මේ යුවළව නැවත බැලීමට ගිය අවස්ථාවේදී, අල්යෙස්යා “බලව!” කියන විවරණිකාව කියවා තිබුණු අතර, බයිබලය පාඩම් කරන්න ඈට ඕනෙ වුණා. ඈ කියෙවූ දේ ඇගේ සිත්ගත්තා. අනතුරුව කළ සාකච්ඡාවේදී, විවරණිකාව පෙරළා ඇය ලකුණු කර තිබූ කොටස් කියවීමට ඈ උත්සුක වුණා. එහි සඳහන් වූ සාධාරණ තර්ක ඈට කාවැදුණා.
උදාහරණයක් හැටියට, ඒ විවරණිකාවේ මෙසේ පවසනවා: ‘අප අවට ඇති තේජාන්විත මවිතයන්, එනම්—මල්, පක්ෂීන්, සත්වයන්, ආශ්චර්යවත් මැවිල්ල වන මනුෂ්‍යයා හා ජීවනයේ මෙන්ම උපතේ ප්‍රාතිහාර්යයන්—යනාදි සියල්ල, මේවා නිපදවූ අදෘශ්‍යමාන වූ ප්‍රධාන බුද්ධිමතාගේ පැවැත්ම ගැන සාක්ෂිදරයි. (රෝම 1:20) බුද්ධිය ඇති තැන මනසක් තිබේ. මනස පවතින තැන පුද්ගලයෙක් සිටියි. මේ අතිශ්‍රේෂ්ඨ බුද්ධිය, ජීවමාන සියල්ලෙහි මැවුම්කරු හා ජීවනයේ උල්පත වන අතිශ්‍රේෂ්ඨ තැනැත්තාගේ බුද්ධියයි. (ගීතාවලිය 36:9) සැබවින්ම, සියලු ප්‍රශංසාව හා නමස්කාරය ලැබීමට මැවුම්කරු සුදුසුව සිටියි.—ගීතාවලිය 104:24; එළිදරව් 4:11.’
මියගිය ප්‍රේමනීයයන්ව මරණයෙන් නැවත නැඟිටුවීමට වන දෙවිගේ පොරොන්දුව, බයිබලය පාඩම් කිරීමට ඇයව පෙලඹුවා කියා පසුව අල්යෙස්යා හෙළි කළා. මේ විවරණිකාවල අඩංගු වන ඇදහිල්ල ශක්තිමත් කරවන තොරතුරු ඔබටත් ප්‍රයෝජනවත් වෙයි කියා අපි විශ්වාස කරනවා. පොළොව මත ජීවිතය සදාකල් භුක්ති විඳින්න! සහ “බලව! මම සියල්ල ම අලුත් කරමි” යන විවරණිකාවල පිටපතක් ලබාගන්න ඔබ කැමති නම් හෝ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් කිරීම සඳහා යමෙක් ඔබේ නිවසට එනවාට ඔබ කැමති නම් කරුණාකර වොච් ටවර්, 711 දුම්රියපොළ පාර, වත්තල, 11300ට හෝ 5වන පිටුවේ සඳහන් ළඟම ලිපිනයට ලියන්න.