පත්‍ර කලාවේදියෙක් පිබිදෙව්! අගය කරයි
අමෙරිකා එක්සත් ජනපදයෙහි කොලරාඩෝවල පෙඕනීයාහි 1997 ඔක්තෝබර් 13වනදා පළ වූ හයි කන්ට්‍රි නියූස්හි මතු දැක්වෙන නිර්දේශය තිබුණා.
“ග්‍රීන්පීස් [ජාත්‍යන්තර පාරිසරික සංවිධානයක්] දැන් ගෙයින් ගෙට නොගියත්, තවත් කණ්ඩායමක් බොහෝදුරට පාරිසරික විෂයන් කාවද්දවමින්, එහි දිගු කාලීන ප්රචාරයේ යෙදී සිටිනවා. එය පොත් පත් පිජින්, හිලිගේනොන් හා සූලු ඇතුළුව භාෂා 60කින් [ඇත්තෙන්ම 81කින්] පමණ පිටපත් මිලියන ගණන් [සෑම කලාපයකින්ම මිලියන 19ක්] බෙදාහරියි. ජූලි 8 [1997] (ඉංග්‍රීසියෙන්) කලාපයේ පිටකවරයේ මේ ප්රශ්නය ඇසුවා: ‘අපගේ සතුන් බේරාගන්නේ කවුද?’ තවද එහි ඇතුල් ලිපිවල ජීවීන් වඳ වී යෑමේ වේගය [පැයකට තුනක්], ‘අපේ ග්‍රහයාගේ ජීවවිද්‍යාත්මක සෞඛ්‍යය’ හා පරිසරවිද්‍යාත්මක විනාශය ගැන කතා කළා . . . ‘ජල අර්බුදය: සමස්ත ලෝක ගැටලුවක්’ හා ගංගා පරිහරණය සම්බන්ධයෙන් ජනගහන වර්ධනයේ, දූෂණයේ හා ජාත්‍යන්තර ආතතියේ බලපෑම් 1997 සැප්. 8 කලාපයේ සාකච්ඡා කළා . . . මේ තොරතුරු විද්‍යාව මත පදනම්ව පුළුල්ව විහිදී යන්නක් වන අතරතුරේදී, මෙම ලිපිවල අවසානය කොහෙත්ම පරිසරවේදී නොවේ. ඔබට පොළොව පුනරුත්ථාපනය කිරීමේ හවුල් වන්න ඕනෑ නම්, ‘කරුණාකර බයිබලය පාඩම් කිරීමෙන් දෙවිට ඔබගෙන් අවශ්‍ය කරන්නේ කුමක්දැයි දැනගන්න’ කියා ඔවුන් පවසයි.
“කණ්ඩායම වන්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවනුයි, ප්රකාශනය පිබිදෙව්! ඔවුන් ඔබේ නිවසට පැමිණියේ නැතිනම්, වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නියූ යෝක් ඉන්ක්., 25 කොලම්බියා හයිට්ස්, බෘක්ලින්, නියූ යෝක් 11201-2483 [වොච්ටවර්, 711 දුම්රියපොළ පාර, වත්තල, 11300] අමතන්න.”
“පිබිදෙව්!හි 5වන පිටුවේ සඳහන් ළඟම ලිපිනයට ලියන්න” කියනවා මිසක, මීට වඩා හොඳින් මෙය ඉදිරිපත් කරන්න අපිට බැහැ.