බයිබල් පත්රිකාවලට ඉටු කළ හැකි දේ
රුසියාවේ මොස්කව්හි ගොලිස්ටිනො නගරයේදී යෙහෝවාගේ සාක්ෂිකරුවෙක්, ළදරු කරත්තයක් තල්ලු කරමින් යන ස්ත්රියකට පවුල් ජීවිතය භුක්තිවිඳින්න පත්රිකාව දුන්නා. සාක්ෂිකරුවා ඉදිරියට ඇවිද්ද නමුත් එකපාරටම ඔහුට ඇහුණා, ඔහුගේ අවධානය ගැනීමට අර ස්ත්රිය කතා කරනවා. ළදරු කරත්තයත් තල්ලු කරමින්ම ඈ ඔහු කිට්ටුවට ඒමට ලහි ලහියේ ආවා.
තමා තවත් ඉගෙනගන්න කැමතියි කියලා ස්ත්රිය කිවූ නිසා, සාක්ෂිකරුවා බයිබල් විෂයන් සම්බන්ධයෙන් තිබෙන තවත් පත්රිකා දෙකක් ඇයට දුන්නා. ඔහුව පසුව දූරකථනයෙන් ඇමතිය හැකි පරිදි ඔහු ඇයට දූරකථන අංකයත් දුන්නා. ඒ සවස් වරුවෙම ඇය ඇමතූ අතර, ඇයට සතිපතා බයිබල් පාඩමක් පැවැත්වීම සඳහා කටයුතු සැලසුම් කළා. මාස හතකින් ඇයත් ඇගේ සහෝදරියත් දෙවිට සේවය කිරීමට කැප වී, බව්තීස්ම වුණා.
පවුල් ජීවිතය භුක්තිවිඳින්න, අසහනයෙන් පෙළෙන්නන්ට සැනසීම, ලෝකය සැබවින් ම පාලනය කරන්නේ කවුද? සහ සාමකාමී නව ලොවක ජීවිතය යන පත්රිකා කියවන්න ඔබ කැමති නම්, කරුණාකර වොච්ටවර්, 711, දුම්රියපොළ පාර, වත්තල, 11300 යන ලිපිනයට හෝ 5වන පිටුවේ සඳහන් ඔබට කිට්ටුම ලිපිනයකට ලියන්න.