ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g97 10/8 31 පි.
  • කව්ද දෙමාපියා? කව්ද දරුවා?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කව්ද දෙමාපියා? කව්ද දරුවා?
  • 1997 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • තනි මාපියන්ට අභියෝග රැසක්
    2002 පිබිදෙව්!
  • බිළිඳු අවදියේ පටන් ඔබේ දරුවා පුහුණු කරන්න
    පවුලේ සන්තෝෂයට රහස
  • ඔබේ දරුවන්ව ප්‍රේමණීය ලෙස පුහුණු කරන්න
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ප්‍රේමයෙන් හික්මවීමේ වටිනාකම
    ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කරගැනීම
තව තොරතුරු
1997 පිබිදෙව්!
g97 10/8 31 පි.

කව්ද දෙමාපියා? කව්ද දරුවා?

මෑත අවුරුදුවල දෙමාපිය අධිකාරය පිරිහී ඇති ප්‍රමාණය ගැන අ.එ.ජ. කැලිෆෝනියාවේ මනෝ විද්‍යාඥවරියක් දුක් වෙනවා. ඇය මෙසේ ලියනවා: “දරුවෙක් දෙමව්පියෙක් අතර සිදු වෙන විදිහට වඩා වැඩිහිටියන් දෙදෙනෙක් අතර සිදු වෙන විදිහේ ගණින්න බැරි තරම් සාකච්ඡාවලට මම මගේ කාර්යාලයේදී සාක්ෂිකාරියක් වෙලා තියෙනවා. අපේ විශාල සංස්ථාවල සිදු වෙන සංකීර්ණ ගනු දෙනු වගේ, දරුවෙක් රාත්‍රියේ ඇඳට යන්න ඕනෙ වෙලාව ගැන ඉඳලා ගෙදර දොරේ වැඩක් කළාම ඔහුට දෙන ගතමනාව දක්වා කාරණා ගැන සාකච්ඡා කරල තියෙනවා. සමහර වෙලාවට කව්ද දෙමාපියා කව්ද දරුවා කියල හඳුනගන්න පවා අමාරු වෙලා තියෙනවා.”

බයිබලය දෙමාපියන්ට සමබර උපදෙස් සපයනවා. ඔවුන්ගේ දරුවන්ව කෝප කිරීම, සමහරවිට දරුවාව කලකිරීමට සහ අධෛර්යයට පත් වන ආකාරයට හොඳටම දැඩිවීමේ තිබෙන අන්තරාව ගැන එය අනතුරු අඟවනවා. (කොලොස්සි 3:21) නමුත් අනිත් අන්තයට යෑමට එරෙහිවත් එය දෙමාපියන්ට අවවාද කරනවා—ඒ ඕනෑවට වඩා ඉඩ දීම සඳහා ඔවුන්ගේ අධිකාරය අත්හැරීමට එරෙහිවයි. හිතෝපදේශ 29:15 සඳහන් කරන්නේ මෙසේයි: “තමාගේ කැමැත්තට අත්හරිනු ලබන දරුවා තමාගේ මව් ලජ්ජාවට පමුණුවයි.” තවත් බයිබල් හිතෝපදේශයක් මෙලෙස කියනවා: “තමාගේ වැඩකාරයා බාල කාලයේ සිට සැපෙන් ඇතිකරන්නාට [නුවමනා සාත්තු කරන්නාට, NW] ඔහු අන්තිමේදී [ස්තුතිවන්ත නොවන්නා වූ, NW] පුත්‍රයෙක් වන්නේය.” (හිතෝපදේශ 29:21) මේ බයිබල් පදය සේවකයෙකුට යොමු දැක්වූවත්, එහි ප්‍රතිපත්තිය දරුවන්ටත් හොඳින් අදාළ වෙනවා.

දරුවන්ට අවශ්‍ය මඟ පෙන්වීම සහ හික්මවීම ඉවත් කරන දෙමාපියන් අවසානයේදී දරුණු ප්‍රතිඵල—පාලනයෙන් තොර ගෙවැසියන්—හිමි කරගන්නවා. බයිබලයේ දැනමුතුකම් අදාළ කරගැනීම ඊට වඩා කොතරම් හොඳද! ඇත්තයි, එසේ කිරීමට වෑයම අවශ්‍යයි. නමුත් ජීවිත කාලයක් පුරාම ප්‍රයෝජන ගෙනෙන්න ඊට හැකියි. බයිබලය කියන්නේ මෙසේයි: “දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුහුණුකරන්න, එවිට ඔහු වයස්ගතවූ කලත් එයින් අහක්ව නොයන්නේය.”—හිතෝපදේශ 22:6.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න