ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g97 10/8 18-19 පි.
  • තපස් රැකීම ප්‍රඥාව සඳහා යතුරද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • තපස් රැකීම ප්‍රඥාව සඳහා යතුරද?
  • 1997 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • පදනම බොරු උපකල්පනයන්
  • තපස් රැකීමට අවශ්‍යතාවක් නැත
  • අප දුක් විඳිනවා දැකීමට දෙවියන්වහන්සේ සතුටු වනසේක්ද?
    1995 පිබිදෙව්!
  • මෙලොව පාරාදීසයක් වේයැයි විශ්වාස කළ හැක
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඇත්තටම සතුටින් ඉන්නේ කවුද?
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ප්‍රාණය සඳහා වඩාත් හොඳ බලාපොරොත්තුවක්
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1997 පිබිදෙව්!
g97 10/8 18-19 පි.

බයිබලයේ දෘෂ්ටිකෝණය

තපස් රැකීම ප්‍රඥාව සඳහා යතුරද?

“මුනිවරුන් යකඩ විලංගු, දම්වැල්, කටු කම්බිවලින් තැනූ බඳපටි සහ උල් කූරු සහිත කරවාටි පළඳියි. . . . තවත් සමහරුන් කටු සහ කහඹිලියා මත පෙරළෙයි, ඕනෑකමින්ම කෘමීන්ට තමන්වම නිරාවරණය කරයි, තම සිරුරු පුලුස්සා ගනියි, එමෙන්ම තමන්ගේ තුවාල දිගුකලක් තිස්සේ සැරව වෑහෙමින් තබාගැනීම සඳහා කසයි. හාමත් කෑම් බීම් රටාවක් අනුගමනය කිරීම මොවුන් අතර පොදු දෙයක්ව තිබූ අතර, සමහරුන් මෙහි අන්තයට ගොස් පිළුණු වූ හෝ පිළිකුල් කෑම පමණක් අනුභව කළේය.”—ඊඩත් සයිමන් ලියූ ද සේන්ට්ස් (මුනිවරයෝ).

මොවුන් තාපසයන් විය. ඔවුන් තමන්ටම එතරම් නරක විදිහට සලකන්නේ මන්ද? ෆො ද සේක් ඔෆ් ද ව’ල්ඩ්—ද ස්පිරිට් ඔෆ් බුඩිස්ට් ඇන්ඩ් ක්‍රිස්ටියන් මොනැස්ටිසිස්ම්හි (ලෝකය උදෙසා—බෞද්ධ සහ ක්‍රිස්තියානි තාපස ජීවිතයේ පොලඹවන බලය) කර්තෘවරු පැහැදිලි කරන්නේ මෙසේයි: “සොක්‍රටීස්ගේ (පො.යු.පෙ. පස්වන සියවස) කාලයේ සිටම අඩුම තරමින්, ජීවිතයක් මූලික අවශ්‍යතාවන්ට පමණක්ම සීමා කරවීම මෙන්ම ලෝකෝත්තර සුඛවිහරණයට අවහිර නොකර සිටීම, සැබෑ ප්‍රඥාව සඳහා මනස නිසි තැන තැබීම කියා පුළුල් ලෙස තේරුම්ගෙන තිබේ.” සිරුරට ඉතා දරුණු වද හිංසා පැමිණවීම ඔවුන්ගේ ආත්මික සිහි නුවණට සහ ඥානාලෝකයට මඟ පාදන බව තාපසයෝ සිතුවා.

තපස් රැකීම හරියටම විග්‍රහ කිරීම දුෂ්කරයි. සමහරුන්ට එය සාමාන්‍යයෙන්, ආත්ම හික්මවීමක් හෝ ආත්ම ප්‍රතික්ෂේපයක්. මුල් ක්‍රිස්තියානීන් එවැනි සුචරිතයන් අගය කොට සැලකුවා. (ගලාති 5:22, 23; කොලොස්සි 3:5) ද්‍රව්‍යවාදී ජීවන රටාවක් මගින් ගෙන ආ හැකි කාන්සාවන්ගෙන් බාධාවට නොපැමිණෙන සරල ජීවිතයක් යේසුස් ක්‍රිස්තුස් නිර්දේශ කළා. (මතෙව් 6:19-33) කෙසේවෙතත්, බොහෝ අවස්ථාවලදී තපස් රැකීම වඩාත් දරුණු සහ කලින් සඳහන් කළාක් මෙන් බොහෝවිට අන්තයටම යෑම සමඟ සම්බන්ධ වී තිබෙනවා. මේ තපස් රැකීමේ පිළිවෙත්, විශේෂයෙන්ම ඒවායේ අන්තයටම යෑමේ බොහෝ ස්වරූප, ප්‍රඥාව සඳහා ඇත්තටම යතුරද?

පදනම බොරු උපකල්පනයන්

තපස් රැකීම සම්බන්ධයෙන් නැඟුණු දර්ශනයන් අතර, ද්‍රව්‍යවාදී සහ ශාරීරික සැප වැරදි බවටත්, එය ආත්මික ප්‍රගතියට බාධාවක් බවටත් අදහසක් පවතිනවා. තපස් රැකීම සඳහා මාර්ගය විවර කළ තවත් සංකල්පයක් නම්, මනුෂ්‍යයා සෑදී ඇත්තේ ශරීරයකින් සහ ප්‍රාණයකින් බව පුළුල් ලෙස පිළිගන්නාවූ විශ්වාසයයි. ප්‍රාණයේ හිර ගෙය භෞතික ශරීරය බවත් මාංශය එහි සතුරා බවත් තාපසයන් විශ්වාස කරනවා.

මේ ගැන බයිබලය කියන්නේ කුමක්ද? දෙවි තම පොළොවේ මැවීම සම්පූර්ණ කරද්දී ඔහු සෑදූ සෑම දෙයක්ම—ශාරීරික, භෞතික සියල්ලම—“ඉතා යහපත්ව” තිබූ බව බයිබලය විස්තර කරනවා. (උත්පත්ති 1:31) දෙවිගේ අරමුණ වුණේ, ඒදන් උයනේ සිටින මිනිසා සහ ස්ත්‍රිය ද්‍රව්‍යමය දේවල් භුක්ති විඳීමයි. ඒදන් යන නමේ අර්ථයම ගත්තොත් “සතුට” හෝ “මහත් සොම්නසයි.” (උත්පත්ති 2:8, 9) පව් කරන තුරු ආදම් සහ ඒව සම්පූර්ණව සිටි අතර, තම මැවුම්කරුවා සමඟ හොඳ සබඳතාවක් භුක්ති වින්දා. එතැන් පටන්, අසම්පූර්ණත්වය දෙවි සහ මිනිසා අතර බාධකයක් බවට පත් වුණා. සංවර මිනිස් ආශාවන් සංසිඳුවාගනිමින් හෝ දෙවි දුන් ශාරීරික සතුට භුක්ති විඳිමින් දෙවිගේ සදාචාර නීතිවලට එකඟව එසේ වෙද්දී, දෙවි සහ ඔහුගේ නමස්කාරකයන් අතර කිසිදාක අදහස් හුවමාරුවේ බාධකයක් සෑදෙන්නේ නැහැ.—ගීතාවලිය 145:16.

ඊට අමතරව, දූවිල්ලෙන් මැවූ මාංශයෙන් තැනූ මිනිසා, ප්‍රාණයක් බව බයිබලය පැහැදිලිව උගන්වනවා. ප්‍රාණය කියන්නේ යම් ආකාරයක භෞතික නොවන සහ අමරණීයභාවයක් ඇති භෞතික ශරීරය තුළ හිර වී ඇති යමක් යන මතය සඳහා හෝ මාංශය, දෙවි සමඟ කෙනෙකුට ඇති සමීප සබඳතාවක් වළක්වන යමක් යන අදහස සඳහා හෝ ශුද්ධ ලියවිලි සහය වන්නේ නැහැ.—උත්පත්ති 2:7.

පැහැදිලිවම, තපස් රැකීමේ සංකල්පය දෙවි සමඟ ඇති මිනිසාගේ සබඳතාවේ දූෂ්‍ය වූ චිත්‍රයක් සිතුවම් කරනවා. ක්‍රිස්තියානියයි කියාගන්නාවූ සමහරු මූලික බයිබල් සත්‍යයන් වෙනුවට රැවටිලිකාර මිනිස් දර්ශනවාදයන්ට ප්‍රිය කරනවා කියා ප්‍රේරිත පාවුල් අනතුරු ඇඟෙව්වා. (1 තිමෝති 4:1-5) මේ මතයේ එල්බ සිටි සමහරුන් ගැන ආගමික ඉතිහාසඥයෙක් මෙසේ කියයි: “ශාරීරික දෙය නපුරුයි . . . එමෙන්ම එය තුළ පැටලී ඇති මිනිසාගේ ප්‍රාණය නිදහස් විය යුතුයි යන විශ්වාසය දරුණු තපස් රැකීමට මඟ පෙන්වූවා. ඒ කෙසේදයත්, මස් කෑමෙහි හා ලිංගික සංසර්ගය යනාදි දේවල යෙදීමට හැක්කේ, විශේෂ වත්පිළිවෙතකට යටත් වූ උසස් තත්වයේ සිටින ‘සම්පූර්ණ අයට’ හෝ ප’ෆෙක්ටි යන අයට පමණයි.” මෙවන් ආකාරයේ සිතීමකට බයිබලය රුකුල් දෙන්නේ නැති අතර, එය මුල් ක්‍රිස්තියානීන්ගේ විශ්වාසය වුණේද නැහැ.—හිතෝපදේශ 5:15-19; 1 කොරින්ති 7:4, 5; හෙබ්‍රෙව් 13:4.

තපස් රැකීමට අවශ්‍යතාවක් නැත

යේසුස් සහ ඔහුගේ ගෝලයෝ තාපසයන් නොවෙයි. ඔවුන් විවිධ පරීක්ෂණ සහ පීඩා විඳදරාගත්තත්, මේ පීඩා කොහෙත්ම ආත්ම-හිංසා වූයේ නැහැ. දෙවිගේ වචනයේ සත්‍යතාවෙන් මුළා කරන, රැවටිලිකාර මිනිස් දර්ශනවාදයන්ට ඔවුන්ව හසු වී, ඔවුන්ව අසාධාරණ, අන්තයටම ගිය පිළිවෙත්වලට මඟ පෙන්වයි යන භය නිසා එයින් පරෙස්සම් වන්න කියා ප්‍රේරිත පාවුල් ක්‍රිස්තියානීන්ට අවවාද කළා. ‘ශරීරයට දරුණු ලෙස හිංසා කරගැනීම’ ගැන පාවුල් විශේෂයෙන්ම සඳහන් කළා. “ඒ දේවල් වනාහි කැමතිලෙස නමස්කාර කිරීමෙන්ද පහත්වීමෙන්ද ශරීරයට [දරුණු ලෙස, NW] හිංසාකරගැනීමෙන්ද ඥානවන්තකමක් මෙන් පෙනේ; නුමුත් මාංසයේ තෘෂ්ණා වැලැක්වීම සඳහා ඒවායේ කිසි වටිනාකමක් නැත.” (කොලොස්සි 2:8, 23) තපස් රැකීම විශේෂ ශුද්ධකමකටවත් සැබෑ ඥානාලෝකයටවත් මඟ පාදන්නේ නැහැ.

ඇත්තයි, ක්‍රිස්තියානි කීකරුකමේ ක්‍රියාදාමයට දැඩි පරිශ්‍රමය සහ ආත්ම හික්මවීම අයිතියි. (ලූක් 13:24; 1 කොරින්ති 9:27) දෙවිගේ දැනුම අත් කරගන්න යමෙක් මහන්සි වී වැඩ කළ යුතුයි. (හිතෝපදේශ 2:1-6) තවත්, ‘තෘෂ්ණාවලටත් සැප සෙල්ලම්වලටත් වහල් වීම’ සහ “[දෙවිට] වඩා සැපසෙල්ලමට ප්‍රේමකරන්නෝව” සිටීමට එරෙහිව බයිබලය තුළ ප්‍රබල දැනමුතුකම් තිබෙනවා. (තීතස් 3:3; 2 තිමෝති 3:4, 5) කෙසේවෙතත්, මේ ශුද්ධ ලියවිලි කොටස් තපස් රැකීමේ පිළිවෙත් ඇතුළත් කරන්නේ නැහැ. පරිපූර්ණ මිනිසෙක් වූ යේසුස් ක්‍රිස්තුස් කෑම, බීම, සංගීතය සහ නැටුම් ඇතුළත් වූ ප්‍රීතිමත් උත්සවවලින් ආස්වාදයක් ලැබුවා.—ලූක් 5:29; යොහන් 2:1-10.

සැබෑ ප්‍රඥාව සාධාරණයි, අන්තවාදී නැහැ. (යාකොබ් 3:17) යෙහෝවා දෙවි අපේ ශරීර මැව්වේ ජීවිතයේ බොහෝ සන්තෝෂයන් භුක්ති විඳීමේ හැකියාව ඇතුවයි. ඔහුට ඕනෑ කරන්නේ අපි සන්තෝෂයෙන් සිටීමයි. ඔහුගේ වචනය අපිට මෙසේ කියනවා: “ඔවුන් තමුන්ගේ ජීවිතයේදී ප්‍රීතිවී යහපත කරගැනීමට වඩා හොඳක් ඔවුන්ට නැති බව දනිමි. තවද කොයි මනුෂ්‍යයෙක් නුමුත් කා බී තමාගේ මුළු වෑයමේදී සැප භුක්තිවිඳින්නේ නම් එය [දෙවිගේ] දීමනාවක්ය.”—දේශනාකාරයා 3:12, 13.

[18වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Saint Jerome in the Cavern/The Complete Woodcuts of Albrecht Dürer/Dover Publications, Inc.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න