ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g97 2/8 32 පි.
  • වඩාත්ම කැමති පොතක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වඩාත්ම කැමති පොතක්
  • 1997 පිබිදෙව්!
1997 පිබිදෙව්!
g97 2/8 32 පි.

වඩාත්ම කැමති පොතක්

දැනට අවුරුදු පහකට විතර කලින්, අ.එ.ජ., කැලිෆෝනියාහි, තමන් වඩාත්ම කැමති පොත් සම්බන්ධයෙන්, යෞවනයන් දැක්වූ අදහස් සම්පාදනය කරලා, ප්‍රකාශයට පත් කරපු එකක් තමයි, බුක්ස් වී ලව් බෙස්ට් (අපි වඩාත්ම කැමති පොත්) කියන කෘතිය. එක යුවතියක්, යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැගිය හැකි පිළිතුරු යන පොත, ඇය වඩාත්ම කැමති පොත ලෙස තෝරාගත්තා. තරුණ ලේඛිකාව, ඒ ඇයි කියා විස්තර කරනවා:

‘මේ අනර්ඝ පොත, “මගේ දෙමව්පියන් මා තේරුම් නොගන්නේ මන්ද?” “මම මත්ද්‍රව්‍ය හෝ මත්පැන් පාවිච්චි කළ යුතුද?” “එය සැබෑ ප්‍රේමය ද කියා මා දැනගන්නේ කෙසේ ද?” “මගේ අනාගතයේ ඇත්තේ කුමක්ද?” “පූර්ව විවාහ ලිංගික ඇසුර සම්බන්ධයෙන් කුමක් කිව හැකි ද?” වැනි, අදදින යෞවනයන් අහන ප්‍රශ්නවලට උත්තර දෙන පොතක්. ඒ, මේ පොතේ තියෙන පරිච්ඡේදවල මාතෘකා කිහිපයක් විතරයි. මම මේ පොතට ආසා කරන්නේ, ඒකෙ පෞද්ගලික ප්‍රශ්න තියෙන හින්ද විතරක් නෙවෙයි, සෑහීමට පත් කරවන සරල උත්තරත් දීලා තියෙන හින්දයි. ළමයි නං ඒකට ආසා වේවි.’

අදදින යෞවනයන් මුහුණ දෙන පරීක්ෂණවලට සම්බන්ධ කරල යොදාගෙන තියෙන උදාහරණ නම්, මත්පැන් සහ මත්ද්‍රව්‍යයි. කලින් කී තරුණියම මෙහෙම පැහැදිලි කළා: ‘සඟරා සහ රූපවාහිනී වැඩසටහන්, බීමත්කමයි මත්පැනුයි පෙන්නලා, අපිට පොවත්නමයි හදන්නේ. අනිත් තරුණයොත්, නහඹරයොත් ඒවා පාවිච්චි කරන්න පොලඹවනවා. ඉතිං, මොනව කරන්නද කියලා දන්නේ නැතුව, ළමයි ව්‍යාකූල වෙලා ඉන්න එක පුදුමයක් නෙමෙයි. මේ පොත ඒ වගේ ප්‍රශ්නවලට උත්තර දෙනවා. ඉතිං, දැං ඔයගොල්ලෝ දන්නවා, ඇයි මං ඒ පොතට ආසා කරන්නෙ කියලා. මමයි අම්මයි හැම බ්‍රහස්පතින්දාම මේ පොත පාඩම් කරනවා. අපි දැං පොතෙන් භාගයක් විතර ඉවර කරලයි තියෙන්නේ.’

පිටු 320කින් යුත්, ආකර්ෂණීය පින්තූරු අඩංගු මෙම පොතෙන් ඔබ මහත් ප්‍රයෝජන ලබාගන්නා බවට කිසිම සැකයක් නැහැ. මෙම පොතෙන් පිටපතක් හෝ නොමිලේ නිවාස බයිබල් පාඩමක් හෝ ලබාගැනීමට කැමති නම්, කරුණාකර වොච්ටවර්, 711 දුම්රියපොළ පාර, වත්තල 11300 යන ලිපිනයට හෝ 5වන පිටුවේ සඳහන් යෝග්‍ය ලිපිනයකට ලියන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න