“ඔහු ඒක පත්තරේට දැම්මා”
කැනඩාවේ අගය දක්වන දැරියක වොච් ටවර් සමිතියට ස්තුති ලිපියක් ලියමින් පැවසුවේ එයයි. ඇය පාසැලේ ප්‍රසිද්ධ කථික තරඟයකට සහභාගි වී තිබූ අතර, ඇගේ ඉදිරිපත් කිරීම කෙතරම් චමත්කාරද කිවහොත් විනිශ්චය මණ්ඩලයේ එක් විනිශ්චකයෙක් එය ප්‍රාදේශීය පුවත්පතක මුද්‍රණය කිරීමට අවසර ඉල්ලා සිටියේය.
දැරිය ඇගේ විෂය තෝරාගත්තේ කෙසේද? “මගේ පංතියට, විශේෂයෙන්ම ගැහැනු ළමයින්ට ඕපාදූප කීමේ ගැටලුවක් තිබුණා” යයි ඈ පැහැදිලි කළාය. එබැවින් ඈ ඇගේ ඉදිරිපත් කිරීම, පිබිදෙව්! සඟරාවෙන් කියෙවූ තොරතුරු මත පදනම් කරගත්තාය. ඔන්ටේරියෝ, නයගරා ෆෝල්ස්හි ප්‍රාදේශීය පුවත්පතක් වන ද රිව්‍යූහි “ඕපාදූප හානිදායක වෙන්න පුළුවන්; ඔබ හිතන්නේ මොකක්ද?” යන තේමාව යටතේ ඇගේ කතාවේ කොටස් පළ කර තිබිණ.
විනිශ්චය මණ්ඩලයේ විනිශ්චකගේ සිත එතරම් ඇදගත් එම දේ කුමක් වීද? දැරියගේ කතාවෙන් උපුටා දැක්වූ කරුණු සමහරක් සලකා බලන්න: “අද සමාජය තුළ ඕපාදූප ඉතාමත්ම සාමාන්‍ය දෙයක්. තදින් දැනෙන හිසරද, රෑට නිදාගන්න බැරිවීම සහ සියල්ලටම වඩා වේදනාකාරි හැඟීම් එනිසා ඇති වෙන්න පුළුවන්. . . .
“ඕපාදූප නවත්වන්න බැරි, ඒක මිනිස් ස්වභාවය නිසයි. අපට කරන්න පුළුවන් දෙයක් තමයි ඒක පාලනය කර තබාගැනීම. එසේ කිරීම සඳහා යෝජනා කිහිපයක් සඳහන් කරනවා නම්: 1. ගින්නට පිදුරු දමන්න එපා. 2. ඕපාදූපවලට සවන් දෙන්න එපා. . . . ඕපාදූපවලට සවන් දීමෙන්, පැවසූ දෙයට ඔබ එකඟ වන බවක් පේන්න පුළුවන්. 3. හානිකර ඕපාදූපවලට ඔබව බොරුකාරයෙකු කරන්න පුළුවන්. 4. සියල්ලටම වඩා වැදගත් අවවාදය නම්, කතා කරන්න ඉස්සෙල්ලා හිතල බලන්න! ඔබෙන්ම මෙසේ අසන්න ‘මා ගැන මේ විදිහට පැවසුවා නම් මට කොහොම හැඟෙයිද?’”
“පියවර හතර ක්‍රියාවට නඟන්න; ඔබ වඩාත් හොඳ තැනැත්තෙකු වෙනවාට නිසැකයි” කියා දැරිය අවසන් කළාය.
පාසැල් යෞවනයන්ට පමණක් නොව, හැමදෙනාටම මොනතරම් ප්‍රායෝගික අවවාදයක්ද! පිබිදෙව්! විවිධ විෂයන් ගණනාවක් මත කාලෝචිත මෙන්ම වත්මන් තොරතුරු ඉදිරිපත් කිරීමට පරිශ්‍රමයක් දරයි. ඔබ මේ සඟරාව නිතිපතා ලබාගැනීමට කැමති නම්, ඊළඟ වතාවේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙකු පැමිණියොත් විමසන්න; එසේ නැතහොත් 5වන පිටුවේ ඇති යෝග්‍ය ලිපිනයකට ලියන්න.