සරණාගතයන්ට සැලකීම සඳහා ආකෘතියක්
යෙහෝවඃ දෙවියන්වහන්සේ ඉශ්රායෙල් ජාතියට දුන් ව්‍යවස්ථාවෙහි, මිසරයෙහි සරණාගතයන් වශයෙන් සිටි ඔවුන්ගේ තත්වය ඉශ්රායෙල්වරුන්ට සිහිගන්වනු ලැබීය. (නික්මයාම 22:21; 23:9; ද්විතීය කථාව 10:19) එබැවින් ඔවුන් අතර සිටි පරදේශික වැසියෙකුට කරුණාවන්තව, ඇත්තෙන්ම සහෝදරයන් මෙන් සැලකීමට ඔවුන්ට උපදෙස් දෙනු ලැබීය.
දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවේ මෙසේ ප්‍රකාශ කර තිබිණ: “විදේශියෙක් [බොහෝවිට සරණාගතයෙකුව සිටි කෙනෙක්] නුඹලාගේ දේශයෙහි නුඹ ළඟ වසන්නේනම් ඔහුට අයුත්තක් නොකරන්න. නුඹලා ළඟ වාසයකරන විදේශියා නුඹලා අතරෙහිම උපන්නෙකු මෙන් වේවා, නුඹට මෙන් ඔහුට ප්‍රේමකරන්න; මක්නිසාද නුඹලා මිසර දේශයෙහි විදේශියෝව සිටියහුය.”—ලෙවී කථාව 19:33, 34.
පරදේශික වැසියන් බොහෝවිට පීඩාවට ලක් වන බව හා අසුරක්ෂිතව සිටින බව වටහාගනිමින් යෙහෝවඃවහන්සේ ඔවුන්ගේ සුභසාධනය හා ආරක්ෂාව සඳහා විශේෂ නීති දුන්සේක. ඔවුන්ට ලබා දුන් මතු දැක්වෙන අයිතිවාසිකම් සලකා බලන්න.
සාධාරණ නඩුවිභාගයක් ලැබීමට ඇති අයිතිය: “ස්වදේශියාට මෙන් විදේශියාටද එක විනිශ්චය ක්‍රමයක් නුඹලාට තිබෙන්ට ඕනෑය.” “විදේශියාගේ . . . විනිශ්චය නොපෙරළන්න.”—ලෙවී කථාව 24:22; ද්විතීය කථාව 24:17.
දසයෙන් කොටසට සහභාගි වීමට අයිතිය: “හැම තුන් අවුරුදු කෙළවරදී ඒ අවුරුද්දේ නුඹේ අස්වැන්නෙන් දසයෙන් කොටස් සියල්ලම පිටතට ගෙනවුත් නුඹේ දොරටු ඇතුළෙහි තබන්න. එවිට ලෙවීයයාට නුඹ සමඟ කොටසක්වත් උරුමයක්වත් නැති බැවින් ඔහුත් නුඹේ දොරටු ඇතුළත සිටින විදේශියාත් පියා නැත්තාත් වැන්දඹුවත් අවුත් කා තෘප්තියට පැමිණෙත්වා.”—ද්විතීය කථාව 14:28, 29.
සාධාරණ කුලියක් ලැබීමට අයිතිය: “නුඹේ සහෝදරයන්ගෙන් හෝ නුඹේ දේශයෙහි නුඹේ නුවර දොරටු තුළෙහි සිටින විදේශීන්ගෙන් හෝ යම් දිළිඳුවූ අසරණවූ කුලීකාරයෙකුට පීඩා [වංචාවක්, NW ] නොකරන්න.”—ද්විතීය කථාව 24:14.
අත්වැරැද්දෙන් යමෙකු මරන තැනැත්තාට රක්ෂස්ථානයක් ලැබීමට අයිතිය: “අත් වැරැද්දෙන් යමෙකු මරන තැනැත්තාට පලායාමට ඒ නුවරවල් හය ඉශ්රායෙල් පුත්‍රයන්ටත් විදේශියාටත් ඔවුන් අතරේ සිටින ආගන්තුකයාටත් ආරක්ෂාව පිණිස වේවා.”—ගණන් කථාව 35:15.
කරල් එකතු කිරීමේ අයිතිය: “නුඹලාගේ දේශයේ ගොයම් කපන කල නුඹේ කෙතේ මුලු තීන්දුවට කපා නොගන්න, කපන විට වැටෙන කරල් එකතුකර නොගන්න. . . . නුඹේ මිදිවත්තේ වැටී තිබෙන ඵල එකතු නොකරන්න. දිළින්දාට විදේශියාටද ඒවා අත්හරින්න. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.”—ලෙවී කථාව 19:9, 10.
අපේ මැවුම්කරුවාණන් වන යෙහෝවඃ දෙවියන්වහන්සේ සරණාගතයන් සඳහා දයානුකම්පාවක් දක්වන බව ස්ථිරය; අපත් එසේ කරන විට උන්වහන්සේ සතුටු වන බව නියතය. ක්‍රිස්තියානි ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය: “දෙවියන්වහන්සේ අනුව යන්නෝ වෙන්න . . . ප්‍රේමයෙන් හැසිරෙන්න.”—එපීස 5:1, 2.
[9වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
වමේ සිටින පිරිමි දරුවා: UN PHOTO 159243/J. Isaac