සෙරෝෂා පිබිදෙව්! අගය කළ ආකාරයෙන් පෙලඹවීමක් ලබා
අමෙරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් නගරයෙන් එක් යෞවනයෙක් මෙසේ ලීවේය: “ඉංග්‍රීසි පන්තියේදී අපට සඟරාවකට හෝ ප්රවෘත්ති පත්රයකට ලිපියක් ලියන්ට තිබිණ. එමනිසා පිළිතුරු ලිවීමට හැකි වන පිණිස මම සඟරාවල ලිපි බලන්ට පටන්ගත්තෙමි.
“ඊයේ තැපෑලෙන් ආ පිබිදෙව්! සඟරාවේ ලිපි බලන්ට මම තීරණය කළෙමි. එසේ කිරීම ගැන මම ඉතා සතුටු වෙමි. වර්ෂ 1995 පෙබරවාරි 22 කලාපයේ, ‘එ රිටර්න් විසිට් ටු රෂියා’ යන ලිපිය ඉතාමත් දිරිගන්වනසුලු එකක් විය. හත් හැවිරිදි සෙරෝෂා දෙවියන්වහන්සේගේ රාජ්‍යය සඳහා දැක්වූ ජ්වලිතය සම්බන්ධයෙන් කියවීම, විශේෂයෙන්ම දිරිමත් කරවන යමක් විය. ඔහු පිබිදෙව්! සඟරාව ප්‍රිය කළ සහ අගය කළ ආකාරය, පිබිදෙව්!හි මා විසින් නොකියවන ලද ලිපි ගැන කල්පනා කිරීමට මාව පෙලඹවීය. පිබිදෙව්! සහ මුරටැඹ යන සඟරා දෙකේම අඩංගු සිත්ගන්නාසුලු ලිපි සියල්ලම කියවීමට අමතර උත්සාහයක් දැරීමට මම දැන් බලාපොරොත්තු වෙමි.”
මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවල පිටපතක් හෝ නොමිලේ නිවාස බයිබල් පාඩමක් ලබාගැනීමට ඔබ කැමති නම්, කරුණාකර වොච්ටවර්, 711 දුම්රියපොළ පාර, වත්තල, 0730 යන ලිපිනයට හෝ 5වන පිටුවේ යෝග්‍ය ලිපිනයකට ලියන්න.