“යෙහෝවඃවහන්සේ ගැන ඉගෙනගැනීමට මට උපකාර කළාට ස්තුතියි!”
අමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩාවෙහි වෙසෙන 16 හැවිරිදි ගැහැනු ළමයෙකුගේ හෘදයාංගම ප්‍රකාශය වූයේ එයයි. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කළ ප්‍රකාශන කියවීමෙන් පසුව, ඇය මෙසේ ලීවාය:
“මට පොතේ නම මතක නැහැ, නමුත් යේසුස්වහන්සේගේ ජීවිතය පිළිබඳ පොතක් මා කියෙව්වා, එය ඔබ ප්‍රකාශයට පත් කළා කියා මා සිතනවා. එම පොත කියවීමට පෙර මා සිතාගෙන සිටියේ, මට දැනගැනීමට අවශ්‍ය සියල්ලම මා දැන සිටි බවයි. දෙවියන්වහන්සේව හා යේසුස්වහන්සේව මම විශ්වාස කරනවා, රාත්‍රි කෑමට පෙර හා නැවතත් නිදාගැනීමට පෙර මම යාච්ඤා කරනවා, ඒ වගේම මා බොහෝදුරට යහපත් ජීවිතයක් ගත කරනවා. එහෙත් එම පොත කියවීමෙන් පසුව, ඇත්තෙන්ම මම වැඩි යමක් නොදන්න බවත්, යෙහෝවඃ දෙවියන්වහන්සේ, යේසුස්වහන්සේ සහ බයිබලයේ සඳහන් වෙනත් අය ගැන දිගටම කියවීමට හා ඉගෙනගැනීමට අවශ්‍යව තිබෙන බවත් මට වැටහුණා.
“දෙවියන්වහන්සේගේ වඩා හොඳ සේවකයෙකු වීමට හැකි වන පරිදි, මම ක්‍රම ක්‍රමයෙන් මගේ ගතිගුණ වෙනස් කරමින් සිටිනවා. වොච් ටවර් සමිතිය නොතිබුණා නම් දෙවියන්වහන්සේ ගැනත්, බයිබලයේ තිබෙන කතන්දර ගැනත් මම තවමත් නොදැන ඉන්න තිබුණා. යෙහෝවඃවහන්සේ ගැන ඉගෙනගැනීමට මට උපකාර කළාට ස්තුතියි!”
එම ගැහැනු ළමයා යොමු දැක්වූ පොතේ තේමාව වනාහි, මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා යන්නය. සුවිශේෂ හතරේ අඩංගු, යේසුස්වහන්සේගේ භූමික ජීවිතයේ සෑම සිද්ධියක්ම එම පොතෙහි ඉදිරිපත් කිරීමට වෑයමක් දරා තිබේ. ඔබ පිටපතක් ලබාගැනීමට කැමති නම්, නැතහොත් නොමිලේ බයිබල් පාඩමකට කැමති නම්, කරුණාකර වොච්ටවර්, 711 දුම්රියපොළ පාර, වත්තල, 0730 යන ලිපිනයට හෝ 5වන පිටුවේ සඳහන් යෝග්‍ය ලිපිනයකට ලියන්න.