ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g96 4/8 30 පි.
  • අපගේ පාඨකයන්ගෙන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපගේ පාඨකයන්ගෙන්
  • 1996 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • අපගේ පාඨකයන්ගෙන්
    1996 පිබිදෙව්!
  • අපගේ පාඨකයන්ගෙන්
    1996 පිබිදෙව්!
  • අපගේ පාඨකයන්ගෙන්
    1996 පිබිදෙව්!
  • අපගේ පාඨකයන්ගෙන්
    1996 පිබිදෙව්!
තව තොරතුරු
1996 පිබිදෙව්!
g96 4/8 30 පි.

අපගේ පාඨකයන්ගෙන්

දුම්කොළ සමාගම “මිලියන ගණන් ඉපයීමට මිලියන ගණන් මැරීම” (1995 සැප්තැම්බර් 8) යන ලිපි මාලාව තොරතුරුවලින් පිරී, එමෙන්ම බුද්ධිමත් ආකාරයකින් සකස් වී තිබිණ. කවරයේ තිබූ වින්සන්ට් වැන් ගෝගේ (“දුම්වැටියකින් යුත් හිස්කබල”) කලාකෘතිය බිය උපදවන එකකි! සමහරවිට දුම්පානය නතර කරවීමට හෝ අඩුම තරමින් දුම්පානය කිරීම පටන්ගැනීමෙන් පවා ඇතමෙක්ව වැළැක්වීමට මෙම පින්තූරය පමණක්ම ප්‍රමාණවත් විය හැක.

එම්. බී., එක්සත් ජනපදය

මා අමෙරිකානු පිළිකා සමාගමෙහි සේවය කරන බැවින්, විශේෂයෙන් මෙම ලිපි කියවීමට මම දැඩි උනන්දුවක් දැක්වූවෙමි. දුම්කොළ-විරෝධී සමූහ ව්‍යාපාරයක ප්‍රාදේශීය ශාඛාවේ සභාපති ධුරය දරන කාන්තාවට මම පිටපතක් යැව්වෙමි. එහි රචනා කිරීමේ හා ගවේෂණයේ ගුණය සම්බන්ධයෙන් ඇගේ සිත ඇදී ගිය අතර, ඇගේ හවුල් සේවකයන් සඳහා පිටපත් 35ක් ඉල්ලා සිටියාය.

ජේ. ඕ., එක්සත් ජනපදය

මගේ ස්වාමිපුරුෂයා හා මම මාස තුනකට පමණ දුම්බීම නතර කර තිබුණෙමු, එසේ වුවත් මට තවදුරටත් දුම්වැටිවලට දැඩි ආශාවක් තිබිණ. අනතුරුව මා මෙම ලිපිය කියවූ අතර, දුම්වැටියක තිබෙන ඇතැම් ද්‍රව්‍ය කෙතරම් විෂ සහිතද කිවහොත් පස් පිරවීමකදී ඒවා ගොඩගැසීම පවා නීති විරෝධී දෙයක් බව ඉන් මට වැටහිණ! නපුරට ද්වේෂ කිරීම සඳහා මෙය මාව ශක්තිමත් කළේය.

එල්. ටී., දකුණු අප්‍රිකාව

ලූපස් රෝගයෙන් පෙළෙන්නෙක් ලූපස් රෝගය පිළිබඳව “නෞ ඉට් ඉස් ඔන්ලි මියා ඇන්ඩ් ජෙහෝවා,” (1995 පෙබරවාරි 22, එවේක්!) යන ලිපියේ සඳහන් තොරතුරු සඳහා ඔබට ස්තුතියි. මට වයස අවුරුදු 18ක් වන අතර, මම වසර දෙකකට පමණ මෙම රෝගයෙන් පීඩා විඳ ඇත්තෙමි. ලෝකයේ විවිධ ප්‍රදේශවල සිටින වෙනත් සහෝදර සහෝදරියන් මෙබඳු පීඩා විඳදරාගනු ලබන ආකාරය සහ අපගේ මැවුම්කරුවාණන් නිතරම අපව ප්‍රේමනීය ලෙස උසුලන ආකාරය දැකීම දිරිගන්වනසුලු දෙයකි.

ජේ. ඒ. වයි., ඉතාලිය

කරදරකාරි දෙමව්පියන් “යෞවන අය අසති . . . මගේ දෙමාපියා අසමත් වුවහොත් කිමෙක්ද?” (1995 සැප්තැම්බර් 8) බඳු ලිපියක් සඳහා මම යාච්ඤාවෙන් අයැද තිබුණෙමි. මගේ මව ක්‍රිස්තියානි සභා ඇසුරෙන් කපාහරිනු ලැබූ විට මම කෙතරම් දුකට හා වේදනාවට පත්ව සිටියාද! මම පුරෝගාමී සේවයෙන්, එනම් පූර්ණ-කාලීන එවැන්ජලිස්ත සේවයෙන් ඉවත්වීමට පවා සැරසුණෙමි. යෙහෝවඃවහන්සේ සමඟ මගේ අම්මාගේ සම්බන්ධය ගැන වුවමනාවට වඩා වැඩියෙන් කනස්සලු වනවා වෙනුවට, මගේම ‘ගැළවීම භයෙනුත් වෙවුලුමෙනුත් ඉෂ්ට කරගැනීමට’ එම ලිපියෙන් මට ධෛර්යය ලැබිණ. (පිලිප්පි 2:12) ඔබට බොහෝම ස්තුතියි.

ජේ. පී., පිලිපීනය

මම බව්තීස්ම ලත් ක්‍රිස්තියානියෙක්මි, නමුත් සැමදා වෙරිමතින් නිවසට පැමිණෙන මගේ පියාට ගරු කිරීම මට ඉතා දුෂ්කර දෙයක් වී තිබේ. මෙම ලිපිය කියවද්දී, මට හැඬීම නතර කරගත නොහැකි විය. එය කියවීමෙන් පසුව, මගේ පියා සම්බන්ධයෙන් මට තිබූ නිෂේධාත්මක හැඟීම් සහ කල්පනාව සැලකිය යුතු තරමට අඩු වී තිබෙන අතර, මට වඩාත් සන්සුන්බවක් හැඟෙයි.

එන්. එම්., ජපානය

ක්‍රිස්ටියන් සයන්ස් “වෛද්‍යවරුන් සහ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් අතර සබඳතා වැඩිදියුණු කිරීමට සම්මන්ත්‍රණ” (1995 ජූලි 8) නමැති ලිපියේ ක්‍රිස්ටියන් සයන්ස් ආගමේ අය ලෙඩ රෝග ගැන සලකන ආකාරය පිළිබඳව ප්‍රකාශයක් තිබේ. ආත්මික සුවවීම මත රඳාසිටීම හේතුවෙන් ක්‍රිස්ටියන් සයන්ස් ආගමිකයන්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ අපට පෙන්වූ ආකාරයට, මිනිස් ජීවිතය අගය කොට එය ආරක්ෂා කරන බව, අපගේ විශ්වාසයන් අතර අවබෝධයක් වර්ධනය කිරීමේ අටියෙන් ඔබට සහතික කිරීමට මම කැමැත්තෙමි. ශතවර්ෂයකට වඩා වැඩි කලකට අපගේ වාර සංග්‍රහවල ප්‍රකාශිත විවිධාකාර සුවවීම්වල වාර්තාවකින් අඟවන්නේ, අපගේ අරමුණ දෙවියන්වහන්සේට නමස්කාර කිරීම මිස ප්‍රාණපරිත්‍යාගී වීම නොවන බවය. එහි ප්‍රතිඵලය පිළිවෙළින්, ආත්මික, සදාචාරමය හා කායික ශුභසිද්ධිය වේ.

එම්. වී. ඩබ්., කළමනාකරු, ප්‍රකාශනයේ කමිටු, ද ෆස්ට් චර්ච් ඔෆ් ක්‍රයිස්ට්, සයන්ටිස්ට්, එක්සත් ජනපදය

මෙම ප්‍රකාශයන්ට ඔබට ස්තුතියි. අප විසින් වෛද්‍යවරයෙකුගේ වදන් සඳහන් කිරීමට හේතුව වූයේ, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් වෛද්‍ය ප්‍රතිකාර පිළිගන්න බව හුවා දැක්වීමටය. අන් අයට ඔවුන් කැමති දෙයක් විශ්වාස කිරීමට තිබෙන අයිතියට අප ගරු කරන මුත්, “රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදාගෙන් කම් නැත” යනුවෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඇත්තෙන්ම පැවසූසේක. (මතෙව් 9:12) එමෙන්ම තිමෝතිට ‘නොයෙක්විට ඇති වූ දුර්වලකම්’ ගැන පාවුල් සඳහන් කළ අවස්ථාවේදී, ඔහු නිර්දේශ කළේ ආත්මික සුවවීම නොව, නමුත් පොදු වෛද්‍ය ප්‍රතිකාරයකි. (1 තිමෝති 5:23) එමනිසා වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන් බයිබලයේ දෘෂ්ටිය ක්‍රිස්ටියන් සයන්ස් ආගමිකයන්ගේ ඉගැන්වීම්වලට පටහැනිය.—කර්තෘ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න