ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g96 2/8 32 පි.
  • “ස්තුති ප්‍රකාශයක්”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “ස්තුති ප්‍රකාශයක්”
  • 1996 පිබිදෙව්!
1996 පිබිදෙව්!
g96 2/8 32 පි.

“ස්තුති ප්‍රකාශයක්”

ජපානයේ එක් යෞවන ශිෂ්‍යයාවකට ප්‍රකාශ කිරීමට අවශ්‍ය වූයේ එයයි. පිබිදෙව්! සඟරාවේ ඇය කියවා තිබූ ලිපි මත පදනම් කරගෙන ලියූ රචනාවලට ඇයට පාසැලේදී විශේෂ තෑගි ලැබුණු බව ඈ පැහැදිලි කළාය.

“එතෙක් මම එම තොරතුරු මගේ මනසේ රැස් කරන්නේ නැතුව එම සඟරා මගේ නිවසේ රැස් කළා,” කියා ඈ තවදුරටත් ප්‍රකාශ කළාය. “එම සඟරා මට කොතරම් ප්‍රයෝජනවත් වූවාද කියා මා කල්පනා කර බැලූ විට, ‘මා කියවලා නැත්තේ මේ සඟරා නේද’ කියා මා මටම කියාගත්තා. කනගාටුවීමේ හැඟීම් මා යටපත් කළා. එවක් පටන් මා කළ යුතු පරිදි, එම සඟරා මා කියවා තිබෙනවා.”

අගය කිරීමක් වශයෙන් මෙම ශිෂ්‍යයාව තවදුරටත් මෙසේ ලීවාය: “පාසැලේදී මා මුහුණ දෙන පරීක්ෂා සියල්ල සමඟ සාර්ථක ලෙස කටයුතු කිරීමට මට උපකාර කිරීම සඳහා මෙම සඟරා බොහෝ සෙයින් ප්‍රයෝජනවත්. සැමවිටම එවන් අනගි ලිපි සැපයීම වෙනුවෙන් ඔබට ස්තුතියි. ඒවා නොකඩවා ලබාගැනීමට මා ආශාවෙන් බලාපොරොත්තු වෙනවා.”

යෞවනයන් නිවසේදී සහ පාසැලේදී මුහුණ දෙන ගැටලු සමඟ සාර්ථකව කටයුතු කිරීම සඳහා උපකාර කරන ලිපි පිබිදෙව්! සඟරාවල නිතරම පළ වේ. ඔබට පිබිදෙව්! සඟරාවේ පිටපතක් ලබාගැනීමට කැමති නම්, නැතහොත් ඔබට තිබිය හැකි ගැටලුවලට බයිබලය මත පදනම් පිළිතුරු ලබාගැනීමට උපකාර කිරීම සඳහා කෙනෙක් ඔබගේ නිවසට පැමිණෙනවාට ඔබ කැමති නම්, කරුණාකර වොච්ටවර්, 711 දුම්රියපොළ පාර, වත්තල, 0730 යන ලිපිනයට හෝ 5වන පිටුවේ සඳහන් යෝග්‍ය ලිපිනයකට ලියන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න