විසිඑක්වන සියවස තුළට පිය නඟන ඉන්දියාවේ ස්ත්‍රීහු
ඉන්දියාවේ පිබිදෙව්! වාර්තාකරු විසිනි
ඔවුන් උසය, මිටිය. ඔවුන් හීන්දෑරිය, තරබාරුය. ඔවුන් හාස්‍යජනකය, පරුෂය. ඔවුන් අතිශයින්ම පොහොසත්ය, මුළුමනින්ම දුප්පත්ය. ඔවුන් බෙහෙවින්ම උගත්ය, හාත්පසින්ම නූගත්ය. ඔවුහු කවරහුද? ඉන්දියාවේ ස්ත්‍රීහුය. ඔවුන් පිය නඟන්නේ කොතැනකටද? ඔවුහු 21වන සියවස තුළට පිය නඟමින් සිටිති.
ඉන්දියාවෙන් පිටත ජීවත්වන බොහෝදෙනෙකුට, ඉන්දියාවේ ස්ත්‍රියක පිළිබඳ සංකල්පය වනාහි, සියුමැළි, රූපශ්‍රීයකින් යුත්, තේරුම්ගත නොහැකි සහ සිත්ඇදගන්නාසුලු එකකි. බොහෝ පුරුෂයන්, භාර්යාවන් සොයාගැනීමට ඉන්දියාව වෙත හැරෙන්නේ, ඉන්දියානු ස්ත්‍රීන්, බටහිරෙහි වැඩි නිදහස් ආකල්පයක් දරන තම සහෝදරියන්ට වඩා, තරමක් දුරට යටහත් පහත්, තම පුරුෂයන් සතුටු කිරීමට සහ හොඳ ගෘහිණියන් වීමට වැඩි නැඹුරුවාවක් දක්වනවා යන අදහස නිසාය. කෙසේනමුත්, මෙම වෙනස් වන ජනවාර්ගික, ආගමික සහ සමාජීය පසුබිම්වලින් යුත් විශාල සම්මිශ්‍රණය තුළ, නියම ඉන්දියානු ස්ත්‍රියක් විස්තර කිරීම මුළා කරවනසුලුය. මෙම චිත්තාකර්ෂණීය රට තුළ නානාප්‍රකාර ස්ත්‍රීහු ජීවත්වෙති.
ඉන්දියාවේ ඉතිහාසය වනාහි, සාමකාමීව හෝ බලෙන් හෝ මිශ්‍ර වූ බොහෝ සංස්කෘතීන්ගෙන් යුත් එකකි. මුල් පදිංචිකරුවන් වන ද්‍රවිඩ ජාතිකයන් පැමිණියේ කොතැනින්ද කියා අනුමාන කෙරේ. ඔවුන්ගේ මූලාරම්භය, ඕස්ට්‍රේලියානු සහ විශේෂයෙන්ම ක්රීතයට සම්බන්ධ වූ, දකුණු මධ්‍යධරණිය ජනතාවගේ මිශ්‍රණයකින් ඇති වූ බව පෙනෙන්ට තිබේ. ආර්ය සහ පර්සියානු ජාතිකයන් වයඹ දිගින්ද,මොංගෝලියානු ජාතිකයන් ඊශාන දිගින්ද, ඉන්දියාවට පදිංචිය සඳහා පැමිණි විට, ද්‍රවිඩ ජාතිකයෝ දකුණට ඉවත්ව ගියහ. කළු හිසකෙස්ද ඇස්ද ඇති, වඩා උස සහ වඩා පැහැපත් සමකින් යුත් උතුරු ඉන්දියාවේ ස්ත්රීන්ට වඩා, දකුණු ඉන්දියාවේ ස්ත්‍රීන්, වඩාත් කුඩා දේහ ලක්ෂණයකින් සහ වඩාත් කළු සමකින් යුක්ත වන බව අප සාමාන්‍යයෙන් දැක තිබෙන්නේ එබැවිනි. ඊශාන දිග ජීවත්වන ජනයාට බොහෝදුරට ප්‍රාචීන මුහුණුවරක් ඇත.
ඉන්දියාවේ ස්ත්රීන්ට හිමි තත්වය පිහිටුවීමට, ආගම ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර තිබේ. නූතන ඉන්දියාව ලෞකික රාජ්‍යයක් වන නිසා, ස්ත්රීන්ගේ දියුණුවට එරෙහිව ඇති සම්ප්‍රදායික මත වෙනස් කිරීමට සෑම ප්රයත්නයක්ම දරනු ලැබේ. ධනවත් හෝ බලපුළුවන්කාරකමක් ඇති ස්ත්රීන්ට පමණක් නොව, නමුත් සියල්ලන්ටම අධ්‍යාපනික ප්‍රස්තා වැඩි කිරීමට විශාල පියවර ගනු ලැබේ. ගැහැනු ළමුන් සඳහා, අකුරු ලිවීමේ සහ කියවීමේ පාඨමාලා, රැකියා සඳහා සුදුසුකම් ලබාගැනීමට ගම්වල පුහුණුව සහ නොමිලේ පාසැල් අධ්‍යාපනය වැනි දේවල් ඉන්දියානු ස්ත්රිභාවයේ මුහුණුවර වෙනසකට භාජන කරමින් තිබේ.
ස්ත්‍රීන් සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තියක්, 1994, ජූනි 22වනදා මුදාහැරීමත් සමඟම, මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ, විශාල පියවරක් ඉදිරියට ගනු ලැබිණ. ඉන්දියාවේ උප-ජනාධිපති කේ. ආර්. නාරායනනන් විසින් “ඉතා වැදගත්” සහ “හාත්පසින්ම වෙනස්” යමක් ලෙස විස්තර කරනු ලැබූ මෙය, හවුල් අයිතිය සඳහා අයිතිවාසිකම්, භාරකාරත්වය, නිවාස ප්රතිලාභ සහ රැකියාවලදී සම ප්‍රස්තා ලබාදීම වැනි ස්ත්රීන්ගේ මූලික ගැටලු කෙරෙහි අවධානය යොමු කළේය.
ස්ත්‍රීන් වැඩි පිරිසක් විද්‍යාලවලට යෑම සහ රැකියා වෙළඳපොළට ඇතුල්වීමත් සමඟම, ඔවුන් තවදුරටත් නිවසට සීමා නොවන බැවින්, සදාචාර වාතාවරණයේ වෙනස්වීම් පිළිබඳ ප්රශ්නය ඉස්මතු කොට තිබේ. විද්‍යාලවල මත්ද්‍රව්‍ය අනිසි භාවිතය සහ ශීඝ්‍රයෙන් පිරිහෙන සදාචාරයන් පිළිබඳව වාර්තා පළවේ. ඇතැම් තරුණ ඉන්දියානු ස්ත්රීන්ගේ රූපාන්තරණය හා සම්බන්ධව, ජන මාධ්‍යය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. වසර 30කට පෙර තිර ගත කළ චිත්‍රපටි, අදදින ඒවා සමඟ සන්සන්දනය කිරීමෙන්, බොහෝදෙනෙකු සොයාගන්නේ, ස්ත්‍රීන්ව නිරූපණය කිරීම විශාල ලෙස වෙනස් වී ඇති බවයි. එක් ඉන්දියානු ස්ත්‍රියක් මෙසේ අදහස් පළ කළාය: “මා පාසැල් යන කාලයේදී චිත්‍රපටිවල යොමු දක්වන ලද ලජ්ජාශීලී, මෘදු ගුණැති, ආත්ම පරිත්‍යාගශීලී වීරවරිය, අසතුටු වූ විට ඇයගේ ස්වාමිපුරුෂයා සහ විවාහ ඥාතීන් අතහැර, ඇගේ අයිතිවාසිකම් සහ නිදහස සඳහා සටන් කරන නූතන ස්ත්‍රියකට පරිවර්තනය වී ඇත.”
එහෙත්, සමස්තයක් වශයෙන් ගත් කල ඉන්දියාව තවත් රටවල් බොහොමයක් සමඟ සැසඳූ විට, තවමත් මුළුමනින්ම, හැසිරීම සහ ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් සංයමයෙන් කටයුතු කරයි. වඩාත් පොදුවේ අඳිනු ලබන ඇඳුම වන අලංකාර සාරිය, විනීත ලෙස ශරීරයේ වැඩි කොටසක් ආවරණය කරයි. උතුරේ ජීවත්වන යෞවන ස්ත්‍රීන් අතර, විශේෂ වශයෙන් ෂල්වාර් කමීස් නමැති කලිසමකට උඩින් ලිහිල් ගවුමක් ඇඳීම ජනප්‍රිය වේ. බොහෝදුරට බොම්බායේ, ගෝව සහ කල්කටාහි දකින්ට ලැබෙන බටහිර විලාසිතා සාමාන්‍යයෙන් විනීත මෝස්තරයකින් සහ දිගකින් යුක්තය.
සේවා නියුක්තියේ අලුත් ප්‍රස්තා
විසිඑක්වන සියවස තුළට පිය නඟමින් සිටින ඉන්දියානු ස්ත්‍රීන්හට කුමන ආකාරයේ රැකියා ප්‍රස්තාවන් විවෘතව පවතීද? ඉන්දියාවේ ජනගහනයෙන් විශාල අනුපාතයක් ගම්බද ප්‍රදේශවල ජීවත්වන අතර, ඔවුන්ගේ රක්ෂාව කෘෂිකර්මයයි. මිලියන ගණන් අය කුඹුරුවල වැඩ කරති. ගොවිපොළෙහි නානාප්‍රකාර වැඩ කරමින්, ස්ත්‍රීහු, පුරුෂයන් සමඟ එකට වැඩ කරති. තවද ඔවුන් ගංගා සහ ළිංවලින් ඉතා දුර ස්ථානවලට වතුර රැගෙන යන අතර, ඔවුහු මහත් පරිශ්‍රමයක් යොදා ඉන්ධන සඳහා දර එකතු කරති. වැඩවල යෙදෙන අවස්ථාවලදී බිලිඳන් තම උකුල මත හෝ ගස්වල එල්ලා තබන තොටිලිවල තබනු ලැබේ.
විසිවන සියවස පටන්ගැන්මත් සමඟම, ග්‍රාමීය ඉන්දියානු පවුල්, රැකියා සොයාගැනීමේ අදහසින් නාගරික ප්‍රදේශ කරා වේගයෙන් ඇදී ඇත. ස්ත්‍රීන් පේශ කර්මාන්තවල සහ කර්මාන්තශාලාවල වැඩ කර ඇත. කෙසේනමුත් කර්මාන්ත නවීකරණය කිරීමෙන්, පුරුෂයන්ට වඩා එය ස්ත්‍රී සේවිකාවන්ට බලපෑමක් විය. යන්ත්‍ර ක්‍රියා කරවීමට පුරුෂයන්ව පුහුණු කළ නමුත්, ස්ත්රීන්ට එසේ නොකරනු ලැබීය. මෙය ස්ත්රීන්ට මහත් අසීරුතාවක් ඇති කළේය. ඉදි කිරීම් වැඩබිම්වල අමුද්‍රව්‍ය උසුලාගෙන යෑමට, ඉතා බරැති මලු පැටවූ අත්කරත්ත ඇදගෙන යෑම, පරණ ඇඳුම් විකිණීම හෝ වෙනත් අඩු වැටුප් ගෙවන වැඩවල නිරත වීමට ඔවුන්ව සීමා කරන ලදි.
සමාජීය ප්රතිශෝධකයන් ස්ත්රීන්ගේ ජීවන රටාව දියුණු කිරීමට වෑයමක් දැරීය. වැඩ කිරීමට හැකිවන පරිද්දෙන් නූගත් කාන්තා සේවිකාවන්ගේ සෞඛ්‍ය තත්වය රැකබලා ගැනීමටත්, දූෂිත ක්‍රියාවන්වලට අසුවීමෙන් වැළකීමට තරම් ප්‍රමාණවත් දැනුමක් ලබාදීමටත්, වැඩ කිරීමේ කුසලතාවන් දියුණු කිරීමටත්, තමාගේම ප්රාග්ධනය ගොඩනඟාගැනීම සඳහා ඉතිරි කිරීමට ඉගෙනගැනීමටත්, වැඩි පොළි අනුපාතයක් අය කරන කෑදර ණයට දෙන්නන්ගෙන් බේරීමටත් උපකාර කිරීම අරමුණ කරගෙන, ස්රැකාස (ස්වයං රැකියා කාන්තා සංගමය) වැනි ව්‍යාපාර බිහිවී ඇත. ස්ත්‍රී වාදය සමාජීය මෙවලමක් ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමසූ විට, සුප්‍රකට සමාජ විද්‍යාඥ සරීනා බහටී මෙසේ ප්‍රකාශ කළාය: “ඉන්දියාවේ ස්ත්‍රීවාදය යනු කාන්තාවන්ගේ ගැටලුවලට සවන් දී, ඔවුන්ව සංවිධාන කොට, තාක්ෂණික අධ්‍යාපනය සමඟ සෞඛ්‍යය සහ පෝෂණය පිළිබඳ දැනුම ලබාදීමට උත්සාහ කිරීමයි.”
ඒ අතරම, සමාජීය මට්ටමින් ඉහළ තත්වයකයයි සලකනු ලැබූ, ධනවත් පවුල්වල උසස් අධ්‍යාපනයක් ලැබූ ස්ත්‍රීන් සහ මධ්‍යම පංතියේ පවුල්වල ස්ත්‍රීන් සම්බන්ධයෙන් දෘෂ්ටීන් වෙනස් වෙමින් පවතී. පසුතලයන් දෙකෙහිම සිටින ස්ත්‍රීන්, ගුරු වෘත්තීයේ හෝ වෛද්‍ය අංශයේ පමණක් නොව, නමුත් සෑම ක්ෂේත්රයේම දැන් සොයාගත හැක. ඔවුන්ට, ගුවන් නියමුවන්, නිරූපිකාවන්, ගුවන් සේවිකාවන් ලෙස සහ පොලීසියේ වෘත්තීන් තිබෙන අතර, ඉහළ විධායක තනතුරුවලද සොයාගැනීමට හැකිවේ. ලෝකයේ විශාලතම ප්රජාතන්ත්රයේ, ඡන්දයෙන් පත් කරන ලද කාන්තා අගමැතිනියක් ඉන්දියාවේ වසර ගණනාවකට සිටියාය. ඉන්දියානු ස්ත්‍රීන් හමුදා බලකායේ තනතුරු හොබවන අතර, ඔවුන් නීතිඥවරියන් සහ අග්රවිනිශ්චකාරවරියන් හැටියට පෙනී සිටින අතර, දහස් ගණන් අය, ව්‍යවසායකයන් ලෙස ව්‍යාපාරවලට යොමු වී ඇත.
විවාහ ක්ෂේත්රයේ වෙනස්කම්
ස්වාධීනව රැකියාවෙහි යෙදීම සඳහා වූ මෙම ප්රවණතාවත් සමඟම, නූතන ඉන්දියානු කාන්තාවට විවාහය ගැන හැඟෙන්නේ කෙසේද? විවාහ වූ ඉන්දියානු ස්ත්‍රීන්හට, 19වන සහ 20වන සියවස් විශාල වෙනස්කම් ඇති කළේය. වැන්දඹුව සිය පුරුෂයාගේ මෘත ශරීරය දැවෙන චිතකයට සිය කැමැත්තෙන් පැන දිවි පුදන සති පූජාව නමැති පැරණි චාරිත්‍රය, බ්‍රිතාන්‍ය පාලනය යටතේ අහෝසි කරන ලදි. ළමා විවාහ නීතියෙන් තහනම් කර ඇති අතර, දැන් අවුරුදු 18න් පහළ දැරියකට නීත්‍යනුකූලව විවාහ විය නොහැක. ගැහැනු ළමයෙකුගේ පවුලෙන් දෑවැද්දක් බල කර සිටීම පවා නීත්‍යනුකූලව තහනම් කර තිබුණත්, මෙම නපුර තවම පවතී. තම පවුලට ප්‍රමාණවත් දෑවැද්දක් සැපයීමට නොහැකිවීම නිසා හෝ දෙවන විවාහයක් තුළින් වැඩි මුදල් ප්‍රමාණයක් ලබාගත හැකිවීම නිසා, බොහෝ දහස්ගණන් යෞවන මනාලියන්ව ඝාතනය කර තිබේ.
ක්‍රමක්‍රමයෙන් දෑවැදි කරණකොටගෙන ඇතිවන මරණවලට මූලික හේතු ගැන අවධානය යොමු කරනු ලැබේ. සම්ප්‍රදායික ලෙස, විවාහයකදී, ඉන්දියානු ස්ත්‍රියක් තම පුරුෂයාගේ නිවසට යන අතර, ඇයගේ මරණය දක්වාම එහි නැවතී සිටියි. කුමන තත්වයක් යටතේ වුවද, ඇයගේ දෙමාපියන් ඇයව ඔවුන්ගේ නිවසට භාර නොගනී. විධිමත් අධ්‍යාපනයක් නොමැති හෙයින්, බොහෝ ස්ත්රීන්ට තම ස්වාමිපුරුෂයාගේ නිවස අතහැර, තමාගේම අවශ්‍යතාවන් සපුරාගැනීමට රැකියාවක් කළ නොහැක. එනිසා යෞවන ස්ත්‍රීන්ව බොහෝ දුරට වදහිංසාවට ලක්වූ අතර, මරණ තර්ජනයකට ලක්වීමට සිදුවිය, තවද තණ්හා සහිත විවාහ ඥාතීන්ව සතුටු කිරීමට තරම් මුදල් හෝ බඩු බාහිරාදිය සැපයීමට ඔවුන්ගේ දෙමාපියන්ට නොහැකි වේ නම්, මෙම මනාලියෝ නිකම්ම, තම අවසාන ඉරණම තෙක් බලා සිටිති, සාමාන්‍යයෙන් එය, කලින් තීරණය කරන ලද, උදුනකින් ගින්නක් හටගැනීමෙන් හෝ තුනී සාරියක් ගිනි ගැනීමෙන් සිදුවන හදිසි මාරක අනතුරක් වේ.
අදදින, නීතිකරණය, කාන්තා පොලිස් ඒකක, කාන්තා අධිකරණ සහ උපකාරික කණ්ඩායම් තුළින්, තම ජීවිතය අනතුරෙහි බව හැඟෙන විවාහ ස්ත්‍රියකට, උපකාර ලබාගැනීමට යා හැකි ස්ථානයක් ඉදිරිපත් කෙරේ. වැඩි අධ්‍යාපනයක් ලබාගත හැකිවීම නිසාත්, ඔවුන්ට රැකියා ප්‍රස්තා විවෘත වන නිසාත්, සමහර ස්ත්‍රීහු විවාහ නොවීමට හෝ ඔවුන් සුදුසු වෘත්තියක් ලබාගත්තායින් පසුව, ජීවිතයේ පසු කාලයේදී විවාහ වීමට තෝරාගනිත්. මෙසේ, පරුෂ ආධිපත්‍යයකට බොහෝදුරට මඟ පාදන පුරුෂයන් කෙරෙහි රඳා පැවැත්ම, එතරම්ම දරුණු නැත.
ගැහැනු ළදරුවන්ට වඩා අවධානයක් ලැබීම
විසිඑක්වන සියවස වඩ වඩාත් සමීපවෙත්ම වෙනස් වෙමින් පවතින, ස්ත්රීන්ට බලපාන තවත් ගැටලුවක් නම්, පිරිමි දරුවන් සඳහා ඇති අධිකතර ආශාවයි. පුරාණ ආගමික ඉගැන්වීම් මත පදනම්ව, ආර්ථිකමය හේතු සාධක සමඟින්, මෙම සංකල්පය, ගැහැනු බිළිඳන්ගේ ඝාතනය සහ පිරිමි දරුවන්ට වඩා, ගැහැනු දරුවන්ට අඩුවෙන් ආහාර, අධ්‍යාපනය සහ සෞඛ්‍ය පහසුකම් දීමෙන් ඔවුන්ව වැරදි ආකාරයකින් සලකනු ලැබීමට බොහෝදුරට මඟ පෑදී ඇත.
භෲණයෙහි ස්ත්‍රී, පුරුෂභාවය නිශ්චය කිරීම සඳහා කරනු ලබන කලල පරීක්ෂණය මෑත කාලවලදී පැතිර පවතින දෙයක් වන අතර, මෙය බොහෝවිට ගැහැනු දරුවන්ව ගබ්සා කිරීමකට තුඩු දී ඇත. නීතියෙන් පාලනය කරනු ලැබුවද, මෙම ක්‍රියාපිළිවෙත තවමත් සාමාන්‍යයෙන් සිදු කෙරෙන දෙයකි. පිරිමි දරුවෙකුට වඩා කැමති විය යුතු බවට තිබෙන මතය වෙනස් කිරීමට ඒකාන්ත ප්රයත්න දරනු ලැබේ.
මනුෂ්‍යයා විසින් ඇති කරගත් දර්ශනයන් ස්ත්‍රීන්ව බොහෝ ආකාරවලින් පහත් කොට තක්සේරු කර ඇත. වැන්දඹුවන්ට සලකන ආකාරය මෙයට නිදසුනකි. පුරාණ ඉන්දියාවේ, වැන්දඹුවන්ගේ නැවත විවාහය පිළිගනු ලැබීය. එහෙත් පො.යු. හයවන සියවසේ සිට පමණ, නීති සම්පාදකයන් මෙයට විරෝධය පළ කළ අතර, වැන්දඹුවන්ගේ ජීවිත තත්වය දුක්ඛදායක විය. නැවත විවාහය ප්‍රතික්ෂේප කරනු ලැබීම, මියගිය ස්වාමිපුරුෂයන්ගෙන් උරුම වන දේපොළ බොහෝදුරට ඥාතීන් විසින් පැහැරගැනීම, පවුලේ ශාපයක් ලෙස සැලකීම වැනි පීඩා සහිත සහ අපහාසාත්මක ජීවිතයකට වඩා, බොහෝ වැන්දඹුවෝ තම ස්වාමිපුරුෂයාගේ අවමංගල්‍යය චිතකයෙහි පූජාවීම තෝරාගත්හ.
දහනවවන සියවස අගභාගයේදී, ප්රතිශෝධකයන් මෙවැනි ස්ත්රීන්ගේ බර සැහැල්ලු කිරීමට උත්සාහ කළ නමුත්, අතිශයින් කාවැදුණු චිත්තවේගයන් පහව යන්නේ ඉතා අමාරුවෙනි. බොහෝ ප්‍රජාවන් තුළ, තම වයස්ගත ස්වාමිපුරුෂයා මියගිය, යෞවන වැන්දඹු ස්ත්‍රියකගේ තත්වය සැබවින්ම දුක්ඛිත එකකි. අධ්‍යාපන සංවර්ධනය සඳහා ආයතනයේ, ආචාර්ය සහරද ජේන් මෙසේ පවසන්නීය: “වැන්දඹුභාවයේ කම්පිත කරවන අද්දැකීම ප්‍රධාන වශයෙන් නික්මෙන්නේ, ස්ත්‍රියකගේ මුළු ජීවිතයම තම ස්වාමිපුරුෂයාගේ තත්වය මත ගොඩනඟා තිබීම තුළින්ය.” වැන්දඹුවන්ට ගෞරවාන්විතව 21වන සියවස තුළට පිය නඟන්ට උපකාර කිරීමට ප්රයත්න දරනු ලැබේ.
ගම්බද සහ නගරබද වෙනස්කම්
ගම්බද සහ නගරබද ස්ත්‍රීන් අතර විශාල වෙනසක් ඇත. ගම්බද ස්ත්‍රීන්ගෙන් සියයට 25ක්ම උගත් බව තක්සේරු කර ඇත; නගරවල, පාසැල් සහ විද්‍යාල තුළින් ඊට වඩා වැඩි ප්‍රතිශතයක් ප්‍රයෝජන ලබත්. ගම්බද ස්ත්රීන්ට උපකාර කිරීම සඳහා සමාජ සේවකයෝ අකුරු ලිවීමේ සහ කියවීමේ පාඨමාලා, සෞඛ්යාරක්ෂක පුහුණු සහ රැකියා යෝජනා ක්‍රම පිළියෙළ කරත්. සමහර රටවල මහජන අංශයේ, සමුපකාර සමිතිවල සහ එම ප්‍රාදේශීය ආණ්ඩුව තුළ රැකියා අවස්ථා සියයට 30ක්ම ස්ත්‍රීන් සඳහා වෙන් කර තබා ඇත. ඉන්දියාවේ මිලියන ගණනකගේ තත්වය වී තිබෙන වේදනාව සහ දුක්ඛිතකම සැහැල්ලු කිරීමට, කාන්තා ව්‍යාපාර මං සොයති. මේවා තරමක් දුරට සාර්ථක වී ඇත. එසේනම්, ඉන්දියාවේ ස්ත්රීන්ගේ අනාගතය පිළිබඳ අපට කුමක් කිව හැකිද?
විසිඑක්වන සියවස තුළට පිය නඟමින්!
ඉන්දියානු ස්ත්‍රිය 21වන සියවස තුළට පිය නඟනවාත් සමඟම, ඇයගේ කාර්යභාරය වෙනස් වෙමින් පවතීද? එසේය, ඉතා ශීඝ්‍රයෙනි. එහෙත් මුළු ලෝකයේම තම සහෝදරියන්ට සමාන තත්වයකට ඉන්දියානු ස්ත්‍රීහු මුහුණදෙති. ප්‍රගතියක් තිබේ, නමුත් පසුබැස්මක්ද තිබේ. බලාපොරොත්තු තිබේ, නමුත් බලාපොරොත්තු රහිත තත්වයක්ද තිබේ. අලංකාර නිවාස සහ සුඛෝපභෝගී ජීවන රටා තිබේ, නමුත් මුඩුක්කු, අන්ත දුගීකම සහ කුසගින්නද තිබේ. මිලියන ගණන් අයට සාමාන්‍ය ජීවිකාව අවම වශයෙන් ගෙනයෑමට වඩා වැඩි යමක් පවා ඉසිලිය නොහැකි දෙයකි. වෙනත් අය ලෝකයෙන් ඉදිරිපත් කිරීමට ඇති සෑමදෙයක්ම අයිති කරගත් බව පෙනෙන්ට තිබේ. බොහෝදෙනෙකුට අනාගතය අස්ථිරය; ඔවුන්ට බලාපොරොත්තු තිබෙන නමුත් සැකද තිබේ.
කෙසේවෙතත්, සමහරෙකුට අනාගතය සඳහා දීප්තිමත් බලාපොරොත්තුවක් ඇත, විශේෂයෙන්ම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින්, යෙහෝවඃවහන්සේගේ රාජ්‍ය පාලනයෙහි ගෙනෙන්ට යන්නාවූ පාරාදීස පොළොව මත බලාපොරොත්තුව තබන්නාවූ අයටය. (එළිදරව් 21:1, 4, 5) සර්වසම්පූර්ණ සන්තෝෂවත් ජීවිතයක් ගත කළ හැකි 21වන සියවසක් කෙරෙහි පූර්ණ නිසැකකමකින් මොවුහු බලා සිටිති.
[16වන පිටුවේ පින්තූරය]
ඉදි කිරීම් භූමියකට ගඩොල් උසුලාගෙන යෑම
[17වන පිටුවේ පින්තූරය]
ගෘහ පරිභෝජනය සඳහා ජලය ඇදීම
[18වන පිටුවේ පින්තූරය]
පුරුෂයන් සමඟ සංවාදයක්
[18වන පිටුවේ පින්තූරය]
පරිගණකයක් ක්‍රියාත්මක කිරීම